මම අනුරට නොදෙන්නේ ඇයි?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අනුර සුවර් නැහැ. හරි ප්රතිපත්ති ප්‍රකාශයක් නැහැ. Imf එක කියන දේවල් දිගටම කරයිද? මිනිස්සු පිනවන්න දේවල් කියනවා වැඩියි. හැම තැනම හැම එකාම, ජීවීපී ඒකටත් දීලා බලමු ගානවා ඇහේද්දී වමනෙට එනවා.

    මම මේ පාර දෙන්නේ ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් එකෙක්ට. ලොකු ලොකු වෙනස්කම් නොකරන එකෙක්ට.
    ටික කලෙකට කලින් රට හිඟමනට වැටිලා නේද තිබුණේ? අනිත් රටවල් පිනට ධිපු සල්ලි වලින් නේද තාමත් රට දුවන්නේ?
    කනා සොට් ගහන්න මේ වෙලාව නෙමේ.
    අනුරට දීලා බලමු රට ටිකක් හොදින් තියෙන වෙලාවක. සිස්ටම් චෙන්ජ් කරමු නෙක්ස්ට් ටයිම් එකේදි.

    දෙන්න ඉතුරු වෙලා ඉන්නේ රනිල් විතරයි. ඉතින් මගේ පාවෙන ඡන්දෙ ඌට දෙන්න වෙනවා. ඒත් පෙන විදියට නම් අනුර දිනනවා මේ පාර. කමක් නෑ, ඒත් ඌ ඇවිල්ලා පිස්සු නැටුවොත්, පොඩි අරගලයක් කරලා ලේසියෙන් යාවල, වෙන එකෙක්ව ගේනවා කියලා බොළඳ විදියට හිතන එකෙක්නම්, ඡන්දෙ නොදී ඉඳපන්.

    (කවුරු ආවත් හුණු බෙට්ටක ඉෆෙක්ට් එකක්නැති, ඩයස්මිල සෙට් එක මෙතන ඇරගන්න එන්න එපා පිලිස්)
    හාමුගෙ වහලෙක් නිසා
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    රට හොඳ උනානං අනුරට දෙන්න ඕනේ නෑනේ බං..හොඳ කරපු එකාටම දෙනවනේ 🤭 🤭
    ටිකක් හොදින් තියෙන වෙලාවක කියලයි කිව්වේ. රට ටිකක් කල් සාමාන්‍ය ත්තවෙන් දුවන්න පුළුවන් වෙච්ච වෙලාවට

    ඇයි ඉතින් රහසින්..එලිපිට කියන්න ලැජ්ජයි වගේද :rolleyes:
    හේතුව ඉතිං එක පක්ෂේක එවුන් පිස්සු බල්ලො වගේ හපන්න එනවනේ. ඔයා පක්ෂේ එකෙක්ට මම රනිල්ට දෙනවා කියලා නිකමට කිව්ව. මාව හැපුවේ නැති ටික විතරයි. ඔලුවෙන් නෙමේ, පපුවෙන් වොට් කරන එවුන්
    ------ Post added on Sep 12, 2024 at 12:04 AM

    NPP එකේ හරි ප්‍රතිපත්ති ප්‍රකාශයක් නැත්තන් කාටද තියෙන්නෙ? උන්ගෙ තමා most detailed ප්‍රතිපත්ති ප්‍රකාශෙ තියෙන්නෙ. වෙන වෙනම fields වලට පවා වෙනම හදපුව තියෙනව.

    හොඳ ප්රතිපත්ති ප්‍රකාශයක් තියෙනව. හරි එකක් නැහැ. මේ වෙලාවේ ඔච්චර දේවල් කරන්න යන එකට මම කැමති නැහැ. තාම රට ස්ටෙබල් නැහැ
    ------ Post added on Sep 12, 2024 at 12:09 AM
     
    Last edited:

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    හේතුව ඉතිං එක පක්ෂේක එවුන් පිස්සු බල්ලො වගේ හපන්න එනවනේ. ඔයා පක්ෂේ එකෙක්ට මම රනිල්ට දෙනවා කියලා නිකමට කිව්ව. මාව හැපුවේ නැති ටික විතරයි. ඔලුවෙන් නෙමේ, පපුවෙන් වොට් කරන එවුන්
    ------ Post added on Sep 12, 2024 at 12:04 AM
    මචන් මම @monson දාපු hashtag එකට තමා මෙහෙම ඇහුවේ..උඹ උත්තර දුන්නේ account එක මාරුවෙලාද නැත්තං අරු මොනවත් දාල නැති නිසාද :rolleyes:..anyway මචන් උඹ කැමති එකෙක්ට උඹ vote කරපන් මොකා හපන්න නෙමේ ගිලින්න ආවත්.. ✌️
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ඉතින් දෙන්නෙ නැත්නම් ඒක රෝල් කරල පුකේ ගහන් පාඩුවේ ඉදපන්. කිය කියා හැමිනෙන්න කියලා කවුරුත් කීවෙ නෑ
    ටිපර් නොවන්න. මගේ අදහස ඉදිරිපත් කිරිම මගේ අයිතියක්. එයට අකමැති නම් ඉග්නෝ දමා, ෆක් ඕෆ් වී යනු මැන
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    හොඳ ප්රතිපත්ති ප්‍රකාශයක් තියෙනව. හරි එකක් නැහැ. මේ වෙලාවේ ඔච්චර දේවල් කරන්න යන එකට මම කැමති නැහැ. තාම රට ස්ටෙබල් නැහැ
    මම කලිනුත් ත්‍රේඩ් එකක් දාලා ඇති එහෙම මේ එකක් ස්ටේබල් කරල අනිත් එක කරනවය කියල එකක් නෑ. මේ අවුරුදු 5 ක් කියන්නෙ රටේ මිලියන 22 ක් මිනිස්සුන්ගෙ ජීවිත කාලෙ අවුරුදු 5ක්. එහෙම අරක ස්ටේබල් කරල පස්සෙ මේක කරනව වගේ ගොබ්බ කතා කියන්න එපා. ඒ විදිහට රටක් තියා කුකුල් කොටුවක්වත් කරන්න බෑ.
     
    gama22

    Well-known member
  • #රටමරහසින්රනිල්ට 😍
    cant_rana.jpg
     
    • Dislike
    Reactions: YelaWolf

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,883
    113
    canada
    IMF යෝජනා කියන්නේ අපේ ආර්ථික වැටීම ආර්ථික විද්‍යානුකුලව සලක බලල ගෙනාපු යෝජනා පටිපාටියක්.
    ආර්ථිකය ප්‍රතිසන්විදනය කරන්න නම්

    (1) පවුද්ගලික අංශය මහා පරිපරිමානෙන් ප්‍රවර්දනය කිරීම. මොකද පවුද්ගලික අංශය තමයි වෙළදපොල ආර්ථිකය අනුව ආර්ථිකය ගෙනියන්නේ. ආණ්ඩුව කරන්න ඕනේ වෙළදපොල යම් මට්ටමකින් පාලනය කරන්න, පවුද්ගලික අංශයට පහසුකම් සැලසීම

    (2) රාජ්‍ය අංශය කුඩා කිරීම. ආණ්ඩුව සේවා සපයන ආයතනයක් පමණක් කල යුතුයි (health and primary education (not university) ). රාජ්‍ය අංශය පුර්ණ ප්‍රතිසන්විදනය කිරීම

    (3) හැමෝටම සහනාදාර දීම, සහන මිලට භාණ්ඩ සේවා සැපයීම නතර කරන්න ඕනේ.

    (4) TAX අඩු නොකර තියාගන්න ඕනේ. අදායම් ඉල්ලක වලට එන්න TAX දැල තව වියාප්ත කරන්න ඕනේ
    මෙහෙම නොකලොත් රට අයිත් අමාරුවක වැටෙනවා

    JVP/NPP එකට දුන්නොත් අයිත් පරණ පුරුදු පාරේම යනවා. ජනප්‍රිය තීරණ වලින් රටක් ගොඩ ගන්න බැහැ
     
    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,464
    113
    New Zealand
    මටත් තියෙන්නෙ මේ ප්‍රශ්නයමයි. මට මේ සැරේ දෙන්නහොද කෙනෙක් නෑ. සජියය අනුර අතරේ විතරයි තරගේ තියෙන්නේ. සජියව අයින් කරමුකෝ. අනුරයගේ දිව දෙකේ කතා තියෙන්නේ. එයාට හොදටීම් එකක් නෑ. දින්නත් රට අවුර්ද්දක්වත් පාලනය කරයි කියලා හිතන්න බෑ. රනිල් අවුලක් නෑ කියන්නත් බෑ. ඒත් එයාට දෙන්නත් බෑ, වටෙට සෙට් වෙලා ඉන්නේ පොහොට්ටුවේකම් බ හොරු සෙට් එක. සජියා නම් අනිවා පිස්සු කෙලිනවා. ඒත් එයාගේ පැත්තේ හොද ටීම් එකක් ඉන්නවා. රනිල්ට ඒ ටීම් එක හිටිය නම් රනිල්ටවත් දෙන්න තිබුනා. මේ වෙනකොටත් තියන තත්ත්වේ මත කාටවත් නොදෙන්න තීරණය කරගෙන ඉන්නේ
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    මම කලිනුත් ත්‍රේඩ් එකක් දාලා ඇති එහෙම මේ එකක් ස්ටේබල් කරල අනිත් එක කරනවය කියල එකක් නෑ. මේ අවුරුදු 5 ක් කියන්නෙ රටේ මිලියන 22 ක් මිනිස්සුන්ගෙ ජීවිත කාලෙ අවුරුදු 5ක්. එහෙම අරක ස්ටේබල් කරල පස්සෙ මේක කරනව වගේ ගොබ්බ කතා කියන්න එපා. ඒ විදිහට රටක් තියා කුකුල් කොටුවක්වත් කරන්න බෑ.
    ඇයි නැත්තේ? ඩිෆෝල්ට් වුනාම කරන්න තියෙන්නේ ඉතිරි වෙලා තිබෙන ඇසට් ගණන් බලල ණය ගෙවන්න තියෙන විදිය කල්පනා කරලා රීස්ට්‍රක්චරින් කරන එක, එක තාම යනවා. අවුරුදු 20 30 පරණ ණය ඒවා කොන්දේසි සම්බන්ධයෙන් කතා කරලා විසඳුමකට එන එක ලෙහෙසි දෙයක් නෙවෙයි. අනික රනිලා පත් කලෙත් එකටම තමා. එක හරියට යුද්ධයක එක සටනක් වගේ, සටනක් පරාජය වුනාම පසු බැහැල නැවත සංවිධානය වෙලා අලුත් ප්‍රතිපත්ති අලුත් ක්‍රම එක්ක සටන අරඹන්න ඕන. එක තමා මේ වෙන්නේ. අවුරුදු දෙකක් ගියා කියල කරන්න දෙයක් නැහැ. ජවිපෙ කියල තිබ්බේ පාර්ලිමේන්තුව විසුරුවල ඡන්දයක් කරන්න, නමුත් මිනිස්සු වියරු වැටිලා හිටි කාලෙක ඡන්දයක් තිබුනා නම් මේ රට ලේ ගංගාවක ගිලෙනවා, පාක්ෂික විපක්‍ෂ උන් මරාගන්නවා, දැන් කූල් වෙලා තියෙන්නේ, ඕන එකෙක්ට ඕන පක්‍ෂයක ප්‍රතිපත්ති බලල ඡන්දය දෙන්න පුළුවන්, ඉතින් එක නරකද?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    අනුර කියනවා payee tax එක අඩු කරලා වැට් එකත් ආහර සෞබ්‍ය අද්‍යාපනය වගේ දේවල් වලින් අයින් කරනවලු. තව අලුත් සහන දෙනවලු. ආදයම් ටික අඩු කරලා වියදමි ටික වැඩි කරගෙන අය වැය පරතරය පියවන ක්‍රමය මොකක්ද?
    උන් කරන විදිහ පහල වීඩියෝ එකේ දාලා තියෙන timestamp එකේ ඉඳන් කියනව. රනිල් 1million+ රජයේ සේවකයන්ට රු.25000 ගානෙ දෙන්න සල්ලි කොහෙන්ද?

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,192
    7,716
    113
    මටත් තියෙන්නෙ මේ ප්‍රශ්නයමයි. මට මේ සැරේ දෙන්නහොද කෙනෙක් නෑ. සජියය අනුර අතරේ විතරයි තරගේ තියෙන්නේ. සජියව අයින් කරමුකෝ. අනුරයගේ දිව දෙකේ කතා තියෙන්නේ. එයාට හොදටීම් එකක් නෑ. දින්නත් රට අවුර්ද්දක්වත් පාලනය කරයි කියලා හිතන්න බෑ. රනිල් අවුලක් නෑ කියන්නත් බෑ. ඒත් එයාට දෙන්නත් බෑ, වටෙට සෙට් වෙලා ඉන්නේ පොහොට්ටුවේකම් බ හොරු සෙට් එක. සජියා නම් අනිවා පිස්සු කෙලිනවා. ඒත් එයාගේ පැත්තේ හොද ටීම් එකක් ඉන්නවා. රනිල්ට ඒ ටීම් එක හිටිය නම් රනිල්ටවත් දෙන්න තිබුනා. මේ වෙනකොටත් තියන තත්ත්වේ මත කාටවත් නොදෙන්න තීරණය කරගෙන ඉන්නේ
    Hemadama lankawa ekama thena tiyenna ona nam wenada wagema RANIL-RAJAPAKSHA OR SAJITH TA denna. Rata wetunata passe , un unta aaye horakam karanna puluwan tharam RATA diyunu karala aaye horakam karanna patan gannawa..

    Mun degollo inna nisa rate honda wenasak karanna puluwan paksha bihi wenne naha. Pradana paksha deke mada goda meddata kauda enna kemathi ?
    Denata inne ekama wikalpe malimawa. Ethanin thama aluth deshapalana paksha walata dora areanne field ekata enna. Aluth political chapter ekak hedenne anura wage 3 weni parshawaya dinnata passe.

    image.png
     
    Last edited:

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    මම කලිනුත් ත්‍රේඩ් එකක් දාලා ඇති එහෙම මේ එකක් ස්ටේබල් කරල අනිත් එක කරනවය කියල එකක් නෑ. මේ අවුරුදු 5 ක් කියන්නෙ රටේ මිලියන 22 ක් මිනිස්සුන්ගෙ ජීවිත කාලෙ අවුරුදු 5ක්. එහෙම අරක ස්ටේබල් කරල පස්සෙ මේක කරනව වගේ ගොබ්බ කතා කියන්න එපා. ඒ විදිහට රටක් තියා කුකුල් කොටුවක්වත් කරන්න බෑ.
    ඇයි බැරි? නයට කරන කුකුල් කොටුවක් තියෙනවනම්, වාරිකත් මිස් වෙලා නම්, මුලින්ම නය ටික ගෙවල ඉන්න ඕනෙනෙ දීරණ බිත්ති ටික හදන්න කලින්. බිත්ති ටික අවුරුදු ගානක් තිස්සේ ඉඳලනෙ ඔහොම තියෙන්නේ. හදිස්සියේ බිත්ති පෙරළෙයි කියලා රිස්ක් එහෙකුත් නැහැනේ.

    දැන් මේ යන විදියට ගියොත්, ලොකු චෙන්ජ් එකක් නැති උනත්, බිත්තර ටික විකුණලා මිස් නොවී ණය වාරික ටික ගෙවා ගන්න පුළුවන් නම්, එහෙම යන ගමන් හිමීට නේද අනිත් දේවල් බලන්න ඕනේ. ඇයි මේ හදිස්සියේ වෙන මැනේජර් කෙනෙක්ව දාලා බිත්ති වල තීන්ත ගාල, කූඩුව අස් කරලා, කුකුල්ලුන්ගේ මැක්කෝ කඩල වැඩ වැඩි කර ගන්න යන්නේ? ඒ වැඩ හොදයි තමයි. නිරෝගී කිකිලියෝ බිත්තර වැඩියේ දානවා තමයි. ඒත් ඒක ගැම්බල් එකක් නෙ.
    අනික හොඳ කිකිළියෝ ඉන්න කූඩුවක් නම් කමකුත් නෑ, මේකේ ඉන්නේ හොර කිකිළියෝ. පොඩ්ඩ වැරදෙන්න බෑ උන් බිත්තර වලින් ගහනවා.

    වටේට ඉන්න උනුත් වැඩේට ලොකු දානවා.

    ඒත් ඉතින් අලුත් මැනේජර් කුකුල් කොටු පාලනය ගැන ප්‍රෝ කෙනෙක් නම්, උ ගැන 100% සූවර් නම්, මම අකමැති උනාට කමක් නෑ, ඌව පත් කර ගන්න. අඩු තරමේ කලින් හිටපු උන්ට වඩා වෙනස් විදියකට කරයි ඉතින්
     
    • Like
    Reactions: YelaWolf

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    මටත් තියෙන්නෙ මේ ප්‍රශ්නයමයි. මට මේ සැරේ දෙන්නහොද කෙනෙක් නෑ. සජියය අනුර අතරේ විතරයි තරගේ තියෙන්නේ. සජියව අයින් කරමුකෝ. අනුරයගේ දිව දෙකේ කතා තියෙන්නේ. එයාට හොදටීම් එකක් නෑ. දින්නත් රට අවුර්ද්දක්වත් පාලනය කරයි කියලා හිතන්න බෑ. රනිල් අවුලක් නෑ කියන්නත් බෑ. ඒත් එයාට දෙන්නත් බෑ, වටෙට සෙට් වෙලා ඉන්නේ පොහොට්ටුවේකම් බ හොරු සෙට් එක. සජියා නම් අනිවා පිස්සු කෙලිනවා. ඒත් එයාගේ පැත්තේ හොද ටීම් එකක් ඉන්නවා. රනිල්ට ඒ ටීම් එක හිටිය නම් රනිල්ටවත් දෙන්න තිබුනා. මේ වෙනකොටත් තියන තත්ත්වේ මත කාටවත් නොදෙන්න තීරණය කරගෙන ඉන්නේ
    අඩෝ සිරාවට මේ වගේ අජපල් චන්දෙකට මුණ දීලා ජීවිතේට. ඉන්න උන් සේරම එකම වගේ.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,192
    7,716
    113
    උන් කරන විදිහ පහල වීඩියෝ එකේ දාලා තියෙන timestamp එකේ ඉඳන් කියනව. රනිල් 1million+ රජයේ සේවකයන්ට රු.25000 ගානෙ දෙන්න සල්ලි කොහෙන්ද?

    Denata tiyena Business walta and minissunta rajaya gena wiswasaya wedi wela tax maga arapu aya tax gewanna patan gannawa. Aluth rajaya gena wiswasaya nisa minissu Aluthen business walata yomu wenawa.

    අනුර කියනවා payee tax එක අඩු කරලා වැට් එකත් ආහර සෞබ්‍ය අද්‍යාපනය වගේ දේවල් වලින් අයින් කරනවලු. තව අලුත් සහන දෙනවලු. ආදයම් ටික අඩු කරලා වියදමි ටික වැඩි කරගෙන අය වැය පරතරය පියවන ක්‍රමය මොකක්ද?
    Ranil Karana heti
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    ඇයි නැත්තේ? ඩිෆෝල්ට් වුනාම කරන්න තියෙන්නේ ඉතිරි වෙලා තිබෙන ඇසට් ගණන් බලල ණය ගෙවන්න තියෙන විදිය කල්පනා කරලා රීස්ට්‍රක්චරින් කරන එක, එක තාම යනවා. අවුරුදු 20 30 පරණ ණය ඒවා කොන්දේසි සම්බන්ධයෙන් කතා කරලා විසඳුමකට එන එක ලෙහෙසි දෙයක් නෙවෙයි. අනික රනිලා පත් කලෙත් එකටම තමා. එක හරියට යුද්ධයක එක සටනක් වගේ, සටනක් පරාජය වුනාම පසු බැහැල නැවත සංවිධානය වෙලා අලුත් ප්‍රතිපත්ති අලුත් ක්‍රම එක්ක සටන අරඹන්න ඕන. එක තමා මේ වෙන්නේ. අවුරුදු දෙකක් ගියා කියල කරන්න දෙයක් නැහැ. ජවිපෙ කියල තිබ්බේ පාර්ලිමේන්තුව විසුරුවල ඡන්දයක් කරන්න, නමුත් මිනිස්සු වියරු වැටිලා හිටි කාලෙක ඡන්දයක් තිබුනා නම් මේ රට ලේ ගංගාවක ගිලෙනවා, පාක්ෂික විපක්‍ෂ උන් මරාගන්නවා, දැන් කූල් වෙලා තියෙන්නේ, ඕන එකෙක්ට ඕන පක්‍ෂයක ප්‍රතිපත්ති බලල ඡන්දය දෙන්න පුළුවන්, ඉතින් එක නරකද?
    debt restructuring විතරනන් කරන්න ඕනෙ ජනාධිපති කෙනෙක්ව පත් කරගන් නෑනෙ චන්දයක් තියල මහ බැංකු staff එකක් පත් කරගන්නව එහෙනන්. රට බංකොලොත් උනාය කියල සියල්ල නවත්තල දාන්න බෑ. පරිපාලනය, පොදු ප්‍රවාහනය වගේ තව දාහක් දේවල් තියෙනව. ඒවයෙ තියෙන ප්‍රශ්න, දූෂණ වංචා නවත්තන්න debt restructuring එකවත් බංකොලොත් උන එකවත් සම්බන්ධයක් නෑ.

    දැන් උඹ කියපන්කො පසු බැහැල අලුතෙන් හදාගෙන ආපු ප්‍රතිපත්ති? එහෙම කිසි මගුලක් නෑ. Imports නවත්තල, interest rates වැඩි කරල, tax වැඩි කරල අර කෙල වෙච්ච foreign reserves ටිකෙන් ටිකක් ආපහු recover කරගත්ත එච්චරයි (ඒවා ඒ වෙලාවෙ strategically කරන එකේ කිසි අවුලක් නෑ). මොකවත් අලුතෙන් උනේ නෑ. තාම පරණ රටමයි. Corruption වත් system වත් කිසි දෙයක් දශමයක්වත් වෙනස් වෙලා නෑ. බංකොලොත් වීමෙන් රටේ economy එකත් සංකෝචනය වෙලා තියෙන්නෙ. මොනවද අඩුම ගානෙ long term plans ආයෙ වලේ නොවැටෙන්න?
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    Hemadama lankawa ekama thena tiyenna ona nam wenada wagema RANIL-RAJAPAKSHA OR SAJITH TA denna. Rata wetunata passe , un unta aaye horakam karanna puluwan tharam RATA diyunu karala aaye horakam karanna patan gannawa..

    Mun degollo inna nisa rate honda wenasak karanna puluwan paksha bihi wenne naha. Pradana paksha deke mada goda meddata kauda enna kemathi ?
    Denata inne ekama wikalpe malimawa. Ethanin thama aluth deshapalana paksha walata dora areanna field ekata enna. Aluth political chapter ekak.
    Baya nadda?
     
    • Haha
    Reactions: YelaWolf

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    ඇයි බැරි? නයට කරන කුකුල් කොටුවක් තියෙනවනම්, වාරිකත් මිස් වෙලා නම්, මුලින්ම නය ටික ගෙවල ඉන්න ඕනෙනෙ දීරණ බිත්ති ටික හදන්න කලින්. බිත්ති ටික අවුරුදු ගානක් තිස්සේ ඉඳලනෙ ඔහොම තියෙන්නේ. හදිස්සියේ බිත්ති පෙරළෙයි කියලා රිස්ක් එහෙකුත් නැහැනේ.

    දැන් මේ යන විදියට ගියොත්, ලොකු චෙන්ජ් එකක් නැති උනත්, බිත්තර ටික විකුණලා මිස් නොවී ණය වාරික ටික ගෙවා ගන්න පුළුවන් නම්, එහෙම යන ගමන් හිමීට නේද අනිත් දේවල් බලන්න ඕනේ. ඇයි මේ හදිස්සියේ වෙන මැනේජර් කෙනෙක්ව දාලා බිත්ති වල තීන්ත ගාල, කූඩුව අස් කරලා, කුකුල්ලුන්ගේ මැක්කෝ කඩල වැඩ වැඩි කර ගන්න යන්නේ? ඒ වැඩ හොදයි තමයි. නිරෝගී කිකිලියෝ බිත්තර වැඩියේ දානවා තමයි. ඒත් ඒක ගැම්බල් එකක් නෙ.
    අනික හොඳ කිකිළියෝ ඉන්න කූඩුවක් නම් කමකුත් නෑ, මේකේ ඉන්නේ හොර කිකිළියෝ. පොඩ්ඩ වැරදෙන්න බෑ උන් බිත්තර වලින් ගහනවා.

    වටේට ඉන්න උනුත් වැඩේට ලොකු දානවා.

    ඒත් ඉතින් අලුත් මැනේජර් කුකුල් කොටු පාලනය ගැන ප්‍රෝ කෙනෙක් නම්, උ ගැන 100% සූවර් නම්, මම අකමැති උනාට කමක් නෑ, ඌව පත් කර ගන්න. අඩු තරමේ කලින් හිටපු උන්ට වඩා වෙනස් විදියකට කරයි ඉතින්

    උඹේ උදාහරණෙම උඹ පොඩ්ඩක් ආයෙ ආයෙ කියෙවුවනන් හොඳටම තේරෙයි මං කියන එක.

    කුකුල් කොටුවෙ ණය බේර බේර විතරක් ඉඳල හරියන් නෑ කුකුල් කොටුවක් කරනව නන්. උඹ කිවුව වගේ මැක්කො කඩන්නත් ඕනෙ. කොටුව පිරිසිදු කරන්නත් ඕනෙ. කුකුල්ලුන්ට කන්න දාන්නත් ඕනෙ. බිත්තර එකතු කරන්න යන්නත් ඕනෙ. ඒ අස්සෙ බිත්තර එකතු කරන්න යන එකා බිත්තර වලින් බාගයක් හොරාට පන්නනවනන් ඌව පන්නල දාන්නත් ඕනෙ. එහෙම නැතුව අපි අවුරුදු 5ක් ණය ප්‍රතිව්‍යුහගත කරල stable උනාම බිත්තර හොරාව පන්නනව. එතකන් කුකුල් කොටුව අස් කරන් නෑ. එතකන් උන්ට කෑම දැම්මද බලන් නෑ වගේ ඒවා ගොබ්බ කතා. මොකද කුකුල් කොටුවෙ ණය ගෙවාගන්න බැරි උනේම අරූ බිත්තර බාගයක් හොරකම් කරපු හින්ද. කෑම වල ගුණාත්මකභාවය අඩු හින්ද. කුකුල් කොටුව හරියට සුද්ද නිකර කුකුල්ලු ලෙඩ වෙච්ච හින්ද. ඒ නැතත් කුකුල් කොටුවෙ අයිතිකාරයගෙ ප්‍රතම වගකීම කුකුල් කොටුව බලාගන්න එක. නැතුව බැංකු අස්සෙ ලැගගෙන ණය ගනන් හද හද ඉන්න එක නෙමේ. ඒවට තමා accountants ලා lawyers ලා ඉන්නෙ.