මම අහන්නේ නම් නෑ රත්තරනේ...
වෙන්වෙලා යන මොහොත දුකයිලු
.
එහෙම කියනවා මිනිස්සු.
ඒකනේ ඒ වෙලාවට ඇස්වලට කදුලු එන්නේ
. සමහර අයට ඒ කදුලු ඒ මොහොතට විතරක් සීමා උනාට, සමහර අයට ඒ කදුලු වලින් ඈත්වෙලා ජීවත් වෙන්න තරම් ශක්තියක් ලැබෙන්නේ නෑ
.
ඔයාගේ ඇස් දෙකෙන් එලියට පැනලා කම්මුල් දිගේ ගලාගෙනගිය කඳුලු බිංදු කෝටියක් දැක දැකත්, ඔයාව ඒ විදිහට තනිකරලා යන්න උනේ මට වෙන කරන්න දෙයක් නොතිබුන නිසා
. සමහරවිට එදා මම ගත්ත ඒ තීරණේ බරපතල කම මට නොදැනෙන්නට ඇති. මම එදා හිතුවේ මගේ ජීවිතේ ගැන තීරන ගන්න අයිති මට විතරයි කියලා
. ඒත් දැන් ඒ හැමදේම වෙනස් වෙලා. මම දැන් දන්නවා මගේ ජීවිතේ අයිති මට විතරක් නෙවෙයි කියලා
.
එදා මගේ ඇස් වලින් කදුලු නොවැටුනු බව ඇත්ත
. ඒත් ඒ නොවැටුනු කදුලු මෙච්චර කාලයක් තිස්සේ මගේ හිත ඇතුලට වෙලා මොර දිදී කෑගැහුවේ, ඇයි මම අපි දෙන්නට දුරස් වෙන්න මම ඉඩ තිබ්බේ කියලා. ඒ සිතුවිල්ල ආපු හැම මොහොතකම මම හුගක් විදෙව්වා
.
තනිවෙලා හිටපු කාලේ, කියන්න දේවල් අහන්න දේවල් මහ මෙරක් තරම් එකතු උනත්, දැන් ඔයා මගේ ඉස්සරහ ඉන්නකොට මට අහන්න කිසිම දෙයක් නෑ

. ඒකට හේතුව, ඔයාට දැනිච්ච ඒ හැම දෙයක්ම මටත් ඒ විදිහටම දැනිච්ච නිසා. මට ආයෙත් ඒ වේදනාව මතක් කරන්න ඕන නෑ
. මට දැන් ඕන, මගේ ඇහිපිල්ලම්වත් ගහන්නේ නැතුව, ඔයා දිහා බලාගෙන ඉන්න විතරයි. අපි වෙන් වෙලා හිටපු කාලයටම ඇතිවෙන්න ඔයාව බලාගන්න
.
අඩන්න නම් ලෑස්ති වෙන්න එපා
හොදද....
ඔයා අඩ අඩ හිටපු කාලේ අදින් ඉවරයි. ආයෙත් නෑ..
මම පොරොන්දු වෙනවා

ඔයාගේ සුවද මට දැනුනේ අවුරුදු ගානකට පස්සේ
. ඔය කම්මුල් වල සුසිනිඳු බව, ඔය කදුලු වල උණුසුම, මට තාම මතකයි
. ඒත් මට ඔයාගේ කදුලු වැටෙන එක තවත් බලන් ඉන්න බෑ
. ඔයාගේ හිස මගේ පපුව උඩ ඕන තරම් වෙලා තියාගෙන ඉන්න. ඒත් පපුව දිගේ තවත් කදුලුවලට බේරෙන්න නම් දෙන්න එපා
. දැන් ඇති..
දැන් අඩන එල නවත්තලා, එක සැරයක් මගේ ඇස්දෙක දිහා බලලා හිනා වෙන්න
. ඉස්සර මම විහිලුවක් කරපු වෙලාවට, එන හුරතල් හිනාව එක සැරයක් මට පෙන්නන්න
. ඒක ඇති මට මෙච්චර කල් විදපු දුක අමතක කරලා දාන්න... මං දිහා බලලා, එකම එක සැරයක් හිනාවෙන්න
.
තනිකමයි සීතලයි එකට එකතු වෙලා, අපිටම නොදැනී අපේ ඇස් වලින් කදුලු එනකොට
, ඒ වේදනාව දරාගන්න අපිට තිබිච්ච එකම හයිය, අපිට අපි දැන තිබුනු විශ්වාසය විතරයි
. මං වෙනුවෙන් තව අවුරුදු සීයක් වුනත් ඔයා බලන් ඉදීවී කියන විශ්වාසය මට තිබුනා
. ඒ වගේම මම කවදාහරි ඔයාව බලන්න, ඔයාව හොයාගෙන ආයෙත් එනවා කියන විශ්වාසය ඔයාට තිබුනා
. ඒ විශ්වාසය අපි දෙන්නව එක මොහොතකටවත් ඈත් කලේ නෑ. අපි දෙන්නා ජීවත් උනේ අපි දෙන්නා වෙනුවෙන්. ඒ දැනුනු හුදකලාව, වේදනාව කොහොම හරි දෙන්නත් එක්ක බෙදාගෙන විදගත්ත
. ඒත් අද මම ඔයා ලඟට ආවේ ඒ තනිකම තවත් ඉවසන්න බැරි තැන
. මම අද ආවේ ආයෙත් කවදාවත් ම මගේ රත්තරන්ව දාලා මම කොහේවත් යන්නේ නෑ කියලා කියන්න. ආයේ කවදාවත්ම නෑ
, කවදාවත්ම මම මගේ රත්තරන්ව දාලා කොහේවත්ම යන්නේ නෑ
.මම පොරොන්දු වෙනවා.

මං අහන්නේ නම් නෑ රත්තරනේ
දුක දරාගත්තේ කොහොමද කියලා
මට දුරින් උන්නු කාලෙදි දැනුනා
මං මට විතරක් අයිති නෑ කියා
මං අහන්නේ නම් නෑ රත්තරනේ
හිස තියාන මා ලය මඬල පුරා
උනු කදුලු වලින් නම් තෙමන්න එපා
මගෙ ලයේ කදුලු ඇහැරෙන හින්දා
දැන් හිනාවෙන්න මා දිහා බලා
දැන් හිනාවෙන්න මා දිහා බලා
එක කදුලක සීතල උනත් එදා
අපි දෙකට බෙදා ගෙන විදගත්තා
ඒ සිතල යලි නුඹ ලග තියලා
රත්තරනේ මං යන්නෑ කිසිදා
රත්තරනේ මං යන්නෑ කිසිදා
එච්චර හොද රචකයෙක් නම් නෙවෙයි. සිංදුව අහනකොට දැනිච්ච දෙයක් වචන වලට හැරෙව්වා.
හිතෙන දේ යටින් ලියලා යන්න

වෙන්වෙලා යන මොහොත දුකයිලු
.එහෙම කියනවා මිනිස්සු.
ඒකනේ ඒ වෙලාවට ඇස්වලට කදුලු එන්නේ
. සමහර අයට ඒ කදුලු ඒ මොහොතට විතරක් සීමා උනාට, සමහර අයට ඒ කදුලු වලින් ඈත්වෙලා ජීවත් වෙන්න තරම් ශක්තියක් ලැබෙන්නේ නෑ
.ඔයාගේ ඇස් දෙකෙන් එලියට පැනලා කම්මුල් දිගේ ගලාගෙනගිය කඳුලු බිංදු කෝටියක් දැක දැකත්, ඔයාව ඒ විදිහට තනිකරලා යන්න උනේ මට වෙන කරන්න දෙයක් නොතිබුන නිසා
. සමහරවිට එදා මම ගත්ත ඒ තීරණේ බරපතල කම මට නොදැනෙන්නට ඇති. මම එදා හිතුවේ මගේ ජීවිතේ ගැන තීරන ගන්න අයිති මට විතරයි කියලා
. ඒත් දැන් ඒ හැමදේම වෙනස් වෙලා. මම දැන් දන්නවා මගේ ජීවිතේ අයිති මට විතරක් නෙවෙයි කියලා
.එදා මගේ ඇස් වලින් කදුලු නොවැටුනු බව ඇත්ත
. ඒත් ඒ නොවැටුනු කදුලු මෙච්චර කාලයක් තිස්සේ මගේ හිත ඇතුලට වෙලා මොර දිදී කෑගැහුවේ, ඇයි මම අපි දෙන්නට දුරස් වෙන්න මම ඉඩ තිබ්බේ කියලා. ඒ සිතුවිල්ල ආපු හැම මොහොතකම මම හුගක් විදෙව්වා
.තනිවෙලා හිටපු කාලේ, කියන්න දේවල් අහන්න දේවල් මහ මෙරක් තරම් එකතු උනත්, දැන් ඔයා මගේ ඉස්සරහ ඉන්නකොට මට අහන්න කිසිම දෙයක් නෑ

. ඒකට හේතුව, ඔයාට දැනිච්ච ඒ හැම දෙයක්ම මටත් ඒ විදිහටම දැනිච්ච නිසා. මට ආයෙත් ඒ වේදනාව මතක් කරන්න ඕන නෑ
. මට දැන් ඕන, මගේ ඇහිපිල්ලම්වත් ගහන්නේ නැතුව, ඔයා දිහා බලාගෙන ඉන්න විතරයි. අපි වෙන් වෙලා හිටපු කාලයටම ඇතිවෙන්න ඔයාව බලාගන්න
.අඩන්න නම් ලෑස්ති වෙන්න එපා
හොදද....
ඔයා අඩ අඩ හිටපු කාලේ අදින් ඉවරයි. ආයෙත් නෑ..
මම පොරොන්දු වෙනවා

ඔයාගේ සුවද මට දැනුනේ අවුරුදු ගානකට පස්සේ
. ඔය කම්මුල් වල සුසිනිඳු බව, ඔය කදුලු වල උණුසුම, මට තාම මතකයි
. ඒත් මට ඔයාගේ කදුලු වැටෙන එක තවත් බලන් ඉන්න බෑ
. ඔයාගේ හිස මගේ පපුව උඩ ඕන තරම් වෙලා තියාගෙන ඉන්න. ඒත් පපුව දිගේ තවත් කදුලුවලට බේරෙන්න නම් දෙන්න එපා
. දැන් ඇති..
දැන් අඩන එල නවත්තලා, එක සැරයක් මගේ ඇස්දෙක දිහා බලලා හිනා වෙන්න
. ඉස්සර මම විහිලුවක් කරපු වෙලාවට, එන හුරතල් හිනාව එක සැරයක් මට පෙන්නන්න
. ඒක ඇති මට මෙච්චර කල් විදපු දුක අමතක කරලා දාන්න... මං දිහා බලලා, එකම එක සැරයක් හිනාවෙන්න
.තනිකමයි සීතලයි එකට එකතු වෙලා, අපිටම නොදැනී අපේ ඇස් වලින් කදුලු එනකොට