මම උඹ අපි ගෝඨට දුන්නට පස්සේ....

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo


    මේ ත්‍රෙඩ් එකට ගැලපෙන්නෙම නැති කමෙන්ට් එකක් දැක්ක නිසා මම මගේ තර්කය ඉදිරිපත් කරා එච්චරයි.

    ඔව් මේ ත්‍රෙඩ් එකට ගැලපෙන්නේ නැති කමෙන්ට් එකක් තමා මන් දැම්මේ. මොකද මේකේ දිගටම ගෝටාගේ ගුණ වැයිම හා ගුන්පි උන්ගේ වැරදි පෙන්වා දීම විතරයි මන් දැක්කේ. දැන් ඇති ගුණ වැයූවා. අපි චන්දෙ දීලා ගෝටාව ජනාධිපති කරලා ඉවරනේ. දැන් තියෙන්නේ අපි ලබාදීපු බලය කොහොමද ගෝටා හසුරුවන්නේ කොහොමද කියලා කතාකරන්නයි.



    තවත් කෙටියෙන් කිව්වොත් මම මූට නිදහස දෙන් එක හරි දෙයක් කියන එක නෙමෙයි අදහස් කරන්න ගියේ අරූ කරපු ජඩ වැඩේ අන්තිම කැත වැඩක් කියල පෙන්නන්න.

    කෙටියෙන්ම කිව්වොත් හිටන් නිදහස් කරපු එකාත් හිරේ ඉන්න ඕනේ. කුඩු දුමියාත් හිරේම ඉතුරු කාලේ ගෙවන්න ඕනේ.
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113




    ඔව් මේ ත්‍රෙඩ් එකට ගැලපෙන්නේ නැති කමෙන්ට් එකක් තමා මන් දැම්මේ. මොකද මේකේ දිගටම ගෝටාගේ ගුණ වැයිම හා ගුන්පි උන්ගේ වැරදි පෙන්වා දීම විතරයි මන් දැක්කේ. දැන් ඇති ගුණ වැයූවා. අපි චන්දෙ දීලා ගෝටාව ජනාධිපති කරලා ඉවරනේ. දැන් තියෙන්නේ අපි ලබාදීපු බලය කොහොමද ගෝටා හසුරුවන්නේ කොහොමද කියලා කතාකරන්නයි.
    අපි? හොඳටම ෂුවර් නේ අපි කියල? උඹලා නෙමෙයි නේ? ඇත්තටම අපි නම් කමක් නෑ මචං. ඔයාට මේව ගැන කතාකරන්න 100%ක් අයිතිය තියෙනව එහෙමනම්:yes:








    කෙටියෙන්ම කිව්වොත් හිටන් නිදහස් කරපු එකාත් හිරේ ඉන්න ඕනේ. කුඩු දුමියාත් හිරේම ඉතුරු කාලේ ගෙවන්න ඕනේ.

    ඔව් අනිවාර්යෙන්ම:yes:
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!


    ඔව් මේ ත්‍රෙඩ් එකට ගැලපෙන්නේ නැති කමෙන්ට් එකක් තමා මන් දැම්මේ. මොකද මේකේ දිගටම ගෝටාගේ ගුණ වැයිම හා ගුන්පි උන්ගේ වැරදි පෙන්වා දීම විතරයි මන් දැක්කේ. දැන් ඇති ගුණ වැයූවා. අපි චන්දෙ දීලා ගෝටාව ජනාධිපති කරලා ඉවරනේ. දැන් තියෙන්නේ අපි ලබාදීපු බලය කොහොමද ගෝටා හසුරුවන්නේ කොහොමද කියලා කතාකරන්නයි.

    කෙටියෙන්ම කිව්වොත් හිටන් නිදහස් කරපු එකාත් හිරේ ඉන්න ඕනේ. කුඩු දුමියාත් හිරේම ඉතුරු කාලේ ගෙවන්න ඕනේ.

    :yes::yes::yes:
    Aniwa machan. me de aniwa wenna one.
    Naththam ithin rata goda gannawa boru.

    Habai danma nathath Kudu dumiya aniwa nidahas karanwa 2-3yrs giyata passe. Nokaranawa nam thamai hoda.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපි? හොඳටම ෂුවර් නේ අපි කියල? උඹලා නෙමෙයි නේ? ඇත්තටම අපි නම් කමක් නෑ මචං. ඔයාට මේව ගැන කතාකරන්න 100%ක් අයිතිය තියෙනව:yes:

    හොදටම ෂුවර් :cool:
    මේකේ වැටිච්ච poll ත්‍රෙඩ් හැම එකකම වගේ මන් ඒක ඔප්පු කරලා තියෙනවා.
    හැබැයි චන්දෙ දීපු පලියට කඩේ යන්නේ නෑ ;)
    හොද වගේම නරකත් කතාකරනවා
     
    • Like
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    සිංහල අපේ එකමුතුව නිසා අපි ගොඩ ගියා. එහෙම නොවෙන්න අද මෙහෙම කතාකරන්න වෙන්නෑ. ඒත් එජාපෙට ගිය ලක්ෂ 55 ගානක චන්ද ගැන හිතද්දි බරපතල ගැටලුවක් මතුවෙනවා. ඒකෙනුත් ලක්ෂ 15 ඇරියත් දෙමල මුස්ලිම් චන්ද වලට ඉතුරු ලක්ෂ 40 ගානක සිංහලු ගැන ඇතිවන ප්‍රශ්නය නම්, උන්ට රටේ ආරක්ෂාව ගැන, අන්තවාදී උන් එක්ක එකතුවීම ගැන ,දෙමලුන්ගේ සියලු ඉල්ලීම් වලට එකග වී පෙඩරල් දීම ගැන කිසි අව්ලක් නැද්ද කියන එක ගැනයි.
    අනිවාර්යයෙන්ම:yes: මම කිරියෙ කවුරු හරි කියල තියෙනව දැක්ක සජිය 40%ට වැඩිය ඡන්ද ගත්තොත් ඇත්තටම අපි මේ රටේ ඉන්න වටින්නෙ නෑ කියල. ඒ කතාව නම් සම්පූර්ණ ඇත්ත. ඒත් බලමුකො බහුතරයක් සිංහලු මේකෙන් පාඩමක් ඉගෙන ගන්න ඇති නේ. එන ඡන්දෙක බලමු කොච්චර දුරට ඒක ඔලුවට දාගෙනද කියල. කොහොම උනත් 2025 ලොකු අභියෝගයක් ඒවි.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113


    හොදටම ෂුවර් :cool:
    මේකේ වැටිච්ච poll ත්‍රෙඩ් හැම එකකම වගේ මන් ඒක ඔප්පු කරලා තියෙනවා.
    හැබැයි චන්දෙ දීපු පලියට කඩේ යන්නේ නෑ ;)
    හොද වගේම නරකත් කතාකරනවා


    එහෙනම් එච්චරයි :yes:

    එල:cool:
     
    • Like
    Reactions: NK123

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    jathi wadayata jathi wadayen pilithurak dunna api sinhala hamoma ekka inna hadadi apita arian eka thama iwasanna bari

    office eka kamk genawath halal baluwa muslim ekai inne u kanne na kiyala awasanedi apita ariya
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    සිංහල අපේ එකමුතුව නිසා අපි ගොඩ ගියා. එහෙම නොවෙන්න අද මෙහෙම කතාකරන්න වෙන්නෑ. ඒත් එජාපෙට ගිය ලක්ෂ 55 ගානක චන්ද ගැන හිතද්දි බරපතල ගැටලුවක් මතුවෙනවා. ඒකෙනුත් ලක්ෂ 15 ඇරියත් දෙමල මුස්ලිම් චන්ද වලට ඉතුරු ලක්ෂ 40 ගානක සිංහලු ගැන ඇතිවන ප්‍රශ්නය නම්, උන්ට රටේ ආරක්ෂාව ගැන, අන්තවාදී උන් එක්ක එකතුවීම ගැන ,දෙමලුන්ගේ සියලු ඉල්ලීම් වලට එකග වී පෙඩරල් දීම ගැන කිසි අව්ලක් නැද්ද කියන එක ගැනයි.
    උතුරු නැගෙනහිරයි නුවර එලියෙයි විතරක් ලක්ශ 15කට කිට්ටුවෙන්න සජිත්ට චන්දෙහම්බෙලා තියෙනවා.
    .අනිත් රට වටේ ඉන්න දෙමල මුස්ලිම් ටිකක් එකතු උනාම ලක්ශ 25ක් විතරම දෙමල මුස්ලිම් චන්ද (කොලබ,නුවර,කැගල්ල,පුත්තලම,බදුල්ල,මීගමුව...)
    සිංහල චන්ද සජිත්ට ලක්ශ 30තමයි උපරිම.ඒවාත් අර කැපුවාත් කොල කියන චන්ද.. UNP මොනවරද කලත් ඒවා වෙනස් වෙන්නේ නෑ..
     

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    මම උඹ අපි ගෝඨට දුන්නට පස්සේ....

    ඊයේ දවල් වෙන කොට සජිත් නව ජනාධිපතිවරයා ලෙස පත්වූයේ නම් ඇතිවන තත්වය කොහොම වෙයිද...? හවස් වෙන කොට හකීම්ලා, රිෂාඩ්ලා, මනෝල, දිගම්බරලා, මංගලලා, රාජිතලා සෙට් එක මාධ්‍ය සාකච්චාවක් කැදවල මොනව කියයිද...?

    "රාජපක‍ෂල සිංහල ජාතිවාදය, බුද්ධාගම පෙරට දාලා ආයෙත් පාලනය අතට ගන්න යන එක අපි නැවැත්තුවා.... රාජපක‍ෂල තේරුම් ගන්න ඕන මුස්ලිම් දෙමළ මිනිස්සු නැතිව රටේ නායකයින් හදන්න බෑ කියලා... ඒක දෙමළ මුස්ලිම් මිනිස්සු විතරක් නෙවෙයි සිංහල අති බහුතරයත් අනුමත කරල තියෙනවා...." ලස්සනයි නෙහ්....:baffled:

    එහෙම වුණා නම් ලංකා සිතියම කොළ පාටින් සම්පූර්ණයෙන් ම වැහිල යාවි.... ඒ රටට ජාතියට ආදරේ කරන අපි තෝරා ගත්ත පාටකින් නොව උතුරේ සිට පහතට හලන ලද තීන්ත බාල්දියකිනි.... ඒකෙන් වැහිලා යන්නේ අපගේ මතයයි.... නමුත් මම පෙර දවසක කිව්වා සේ සිංහල කිලෝ ගණන් චන්ද මුන්ගේ අරික්කාල චන්ද අභිමුව පාච්චල් වෙනව දකින්න තරම් අපි පව් කර නැති නිසා අද අවංකව සතුටු වෙමි.... දැන් දේශපාලන අහු මුඵවල සමාජයේ හතර අතේ අලූත්ම මතයක් ගැන කතා වෙනවා....

    "කොහොමද සිංහල එවුන්ගේ පවර් එක.... උන් එකතු වුණොත් කරන්න බැරි දෙයක් නෑ...."
    "අපි දිනුවේ සිංහල චන්දවලින්... ඒ පදනම අපි රැකගන්න ඕන...."
    "අපි පැරදුනේ අපි සිංහල එවුන්ව රිදවපු නිසා.... උන්ව හෑල්ලූ කරපු නිසා... වැරදි එවුන් වේදිකාවට නග්ග ගත්ත නිසා... අපි මේව වෙනස් කරගත්තේ නැත්තං ආයෙත් ඉතිං පාලනය ගන්නවා බොරු.... අපිට වැරදුනු තැන හොයන්න ඕන....."

    ගෝඨ යනු නායකත්වයට සුදුසු පුද්ගලයෙකි.... නමුත් ඔහුගේ හොද හෝ නරක කියන්නට අප හදිසි නොවිය යුතුය.... ඔහු රට ආයෙත් සුදුසු තැනට ගේන්නට කටයුතු කරනු ඇතැයි දැඩි විශ්වාසයක් ඇත... එය විශ්වාසයක් මිස කැට තියා දිවුරා කියන තරමට අපි දේශපාලන ගැත්තන් නොවන්නෙමු.... දිනක ඔහුත් වැරදි තැනක සිට ගන්නේ නම් එදාටත් අපි අපේ මතය නොබියව කියන්නට තරම් අප හට කශේරුකාවක් ඇතැයි අපි සිතමු....

    නමුත් මම, අපි, උඹල දිනල ඉවරයි.... ඒ මෙතෙක් කල් සමාජයේ මුල් බැහැපු, කවදාවත් සිදලිය නොහැකි යැයි පාරම් බාපු මතයක් පරාජය කළ බැවිනි... "සිංහලූන් දෙපැත්තට අනෙක් ජාතින් එක පැත්තක" කියන ඒ මතය අපි පරාජය කරල ඉවරයි... "සිංහලූන් එක පැත්තක නම් අනෙක් එවුන් මොන පැත්තක හිටියත් අදාල නැත...." යන මතයේ බීජය අපි රෝපණය කළෙමු.... එය සිටවපු පොළවේම බොල් වීමට ඉඩ නොදමා එය මහා වෘක‍ෂයක් සේ වැෙඩන්නට අපි වැඩ කළ යුතුය.... ඒ හෙවණ යට සිංහල, දෙමළ, මුස්ලිම් යන කොයි එකාගෙත් දරුවා යහතින් ඉන්නවා ඇත.... තමන්ගේ චන්ද ටික වෙනමම මල්ලක දාලා ලක් මාතාවගේ ඇදුම් ගලවා උන්ට ඕන ඇදුම් අන්දවන්නට ලංසු තියන අන්තවාදින් ඛෙදුම්වාදින් එකට තියා පරද්දන්න තරම් සිංහලයා තවමත් ශක්තිමත් බව අපි වඩා වඩාත් සමාජගත කළ යුතුය.....

    ඉතිං අපි අපේ මතය වෙනුවෙන් පුලූවන් තරම් අකුරු කෙටුවෙමි.... පෝස්ට් හැදුවෙමි... ඒ රුපිලකවත් කාගෙන්වත් ලබාගෙන නොව අපගේ කාලය හා සාක්කුවේ තිබූ රුපියල වියදම් කරමිනි... අපි පළ කළ අදහස්වලින් අවම තරමේ එකම එක පුද්ගලයෙක් හෝ අලූතින් සිතන්නට පුරුදු වුයේ නම් ඒ තරම් වටිනා දෙයක් තවත් නැත....

    අවසන තවත් දෙයක් කිව යුතුව ඇත.... මම නුවර.... නුවර දිස්ති්‍රක්කය සුලූ ඡන්ද ගණනාවකින් හෝ ගෝඨට දිනීමට හැකි වීම මහත් සතුටකි.... ගම්පල, නුවර මැද, මඩවල, අකුරණ, මාවනැල්ල, ගලගෙදර ආදි දහසකුත් මුස්ලිම් කොළනි මැද සිංහලයාගේ චන්ද එක පොදියකට ගොනුවීම ඒ සු`ඵ ජයග්‍රහණයට හේතු වූ බව නොරහසකි.... ඒ අතින් අපිට අපි ගැන සතුටක් ඇත.... බස්නාහිර උන් ගැන ද කිව යුත්තේ ඒ දෙයමය.... මම දකුණේ සිංහලයාට හදවතින්ම මගේ ගෞරවය පුද කරමි.... ඈත දකුණේ කෙළවරේ සමහරක් උඹලාට සපත්තු කුට්ටමක්, ගේ කෑල්ලක්, කැද වීදුරුවක් පවා මහත් සම්පතක් විය හැකිය...නමුත් උඹලා ඒ සියල්ලම පසෙක දමා එක පොදියට එකම අරමුණකට නොසිටියේ නම් අද සිංහලයා බාල්දු වී පීචං වී කුජීත් වී ඇටි කෙහෙල් කෑ උගුඩුවන් සේ සිටිනු ඇත... උතුරේ එක තැනකින් ලක‍ෂ ගණන් පරතර හදන විට උඹලා දහස් ගණන්වලින් ඒ පරතරය අඩු කර අවසානයේ සිංහල මතය විශිෂ්ඨ ලෙසද දිනවීමට කටයුතු කර ඇත.... ඒකට උත්තමාචාරය....

    අපි අපේ මතය ජයග්‍රහණය කරවා ඇත.... ඒ මතය පුද්ගලාභිවන්දනයකින් තොරව ඉදිරියටත් රැක ගැනීමට කැප වෙමු.... ඒ මතය දිනවීමට නොහැකි නම් මොකා වුණත් ඌ වහාම දේශපාලනයෙන් පිටමං කිරිමට දෙවරක් නොසිතන්න.... ජය වේවා.....

    Bump
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    jathi wadayata jathi wadayen pilithurak dunna api sinhala hamoma ekka inna hadadi apita arian eka thama iwasanna bari

    office eka kamk genawath halal baluwa muslim ekai inne u kanne na kiyala awasanedi apita ariya

    මේකෙත් ඉන්නේ ඔය සම හරක් සෙට් එකක් උන්ට නලියනවා වගේ ගණන් ගන්න එපා :yes:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ

    UNP කියන්නේ රට කොටියට ගියත් තමන්ගේ පක්ෂේ දිනවන්න ඕනේ කියන පරිනාමනය වෙමින් පවතින බත් කන හරක් කොට්ටාශයක්..උන් දැනටත් බලන්නේ අවුරුදු 4.5 න් ගෝටා ව එලවන්නේ කොහොමද කියලා...

     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය අමතා සිදුකළ සම්පූර්ණ කතාව...

    බුදුන් වහන්සේගේ ද්‍රෝනයක් සර්වඥ ධාතූන්වහන්සේලා තැන්පත් කොට ඉදිකරන ලද, මේ ඓතිහාසික ස්වර්ණමාලී මහා සෑ පුද බිමේ සිට ඔබව අමතන්නට ලැබීම මා ලද සුවිශේෂී භාග්‍යයක්.

    ශ්‍රී ලංකේය රාජවශයේ ශ්‍රේෂ්ඨතම නරපතියෙකු වන දුටු ගැමුණු මහ රජුන්ගේ පිලිරුව අභියස සිට ජාතිය අමතන්නට අවස්ථාව ලැබී තිබෙන්නේ මේ රටේ බහුතරයක් ජනතාව විසින් මට ලබා දුන් ඓතිහාසික ජන වරම නිසායි.

    අද මා ඔබ හමුවන්නේ අප සියලු දෙනාම ආදරය කරන මේ මව්බිමේ විධායක ජනාධිපතිවරයා , සේනාධිනායකයා මෙන්ම ඔබේත් ඔබේ දූ දරුවන්ගේත් ආරක්ෂාවේ වගකීම බාරගන්නා ආරක්ෂක ඇමතිවරයා වශයෙනුයි.

    සියල්ලටම පෙර මා ඉතා ගෞරවයෙන් සඳහන් කරන්නට කැමතියි මේ මැතිවරණය ජයග්‍රහණය සඳහා වූ සුවිශේෂී ම පිටුවහල වූයේ අප රටේ සිව්දිග වැඩවසන ගරුතර මහා සංඝරත්නය විසින් ලබා දුන් ආශිර්වාදය බව

    මේ ජයග්‍රහණයේ ප්‍රධානතම සාධකය වන්නෙ බහුතර සිංහල ජනතාව බව අප මුල සිටම දැනසිටියා.

    සිංහල ජනතාවගේ සහායෙන් පමනක් ජනාධිපතිවරණය ජයග්‍රහණය කල හැකිව තිබුනත් මා දමිල හා මුස්ලිම් ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කලා ඔබත් ඒ ජයග්‍රහණයෙ කොටස් කරුවන් වන්න කියා.

    එයට ප්‍රතිචාරය නම් මා අපේක්ෂා කල මට්ටමට තිබුනේ නැහැ.

    එහෙත් මා ඔබේ නව ජනාධිපතිවරයා වශයෙන් යලිත් ඉල්ලා සිටින්නේ මේ රටේ අනාගත අභිවෘධිය වෙනුවෙන්, සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙස එකට එක්වන ලෙසයි.

    මා වෙනුවෙන් චන්දය භාවිතා කල සියලූම චන්ද දායකයන්ට මම මේ අවස්ථාවේ මගේ ස්තූතිය හා ගෞරවය පුද කරනවා.

    එමෙන්ම මා වෙනුවෙන් චන්දය භාවිත කලත් නොකලත්, ප්‍රජාතන්ත්‍රවාදී චන්ද අයිතියට ගරු කරමින් කවර හෝ අපේක්ෂකයෙකු වෙනුවෙන් ඔබේ වටිනා චන්දය භාවිත කල අනෙකුත් චන්දදායකයන්ටත් මම ස්තූතිවන්ත වෙනවා.

    දකුණේ සිංහල බෞද්ධ පවුලකින් පැවතගෙන එන මම අධ්‍යාපනය ලැබුවේත් ලංකාවේ ප්‍රධාන පෙලේ බෞද්ධ පාසැලක් වන, කොළඹ ආනන්ද විද්‍යාලයේ

    ඒ නිසා බෞද්ධ දර්ශණය හැම විටම මගේ සිතුවිලි වලට හා ගතිපැවතුම් වලට එක් වී තිබෙනවා.

    බෞද්ධ දර්ශණය තුල ඉදිවන්නේ නීතිය, යුක්තිය හා සාධාරණත්වය සහතික වන ධර්මානුකූල වූ රාජ්‍යයක්. සියලූම ජාතිකයන්ට සියලුම ආගමිකයන්ට, ක්ෂේම භූමියක් වූ පාලන තන්ත්‍රයක්.

    මගේ ධුර කාලය තුල මේ රටේ බෞද්ධ දර්ශණය ආරක්ෂා කොට පෝෂණය කිරීමට මම කැප වෙනවා.

    වසර දහස් ගනනක් ඉතිහාසයක් ඇති සිංහල සංස්කෘතිය හා උරුමයන් අප හැම විටම ආරක්ෂා කල යුතුයි.

    ඒ නිසා අපේ සාරධර්ම, පාරම්පරික සිරිත් විරිත් හා අපේ කම ආරක්ෂා කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනවා.

    ඉතිහාසය පුරා මේ රටේ ප්‍රධාන සංස්කෘතිය හා බැඳී සාමයෙන් සහජීවනයෙන් ජීවත් වූ සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ට තම ආගමික හා ජාතික අනන්‍යතාවන් රැකගෙන ගෞරවාන්විතව ජීවත් වීමට ඇති අයිතිය අපි හැම විටම සුරකිනවා

    මැතිවරණ ව්‍යාපාරය පුරා මට අයෝමය ශක්තියන් වූ, මගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වී ක්‍රියාකල ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති, පොදු ජන පෙරමුණේ නායක,මහින්ද රාජපක්ෂ මැතිතුමාට මගේ ගෞරව පූර්වක ස්තූතිය පුදකරනවා

    ඒ සමඟම මම ඔබ තුමාට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා

    මගේ ජයග්‍රහණයට විශාල ශක්තියක් වූ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ යාන්ත්‍රණයේ නිර්මාතෘවරයා වන, පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාටත් විශේෂ ස්තුතියක් මම මේ අවස්ථාවේ පුද කරනවා.

    පක්ෂයේ සභාපතිතුමා, මහ ලේකම් තුමා ඇතුලු සියලුම නිලධාරීන්ට, මහජන නියෝජිතයන්ට හා සාමාජිකයන්ටත් මම ස්තූති කරන්න කැමතියි.

    එසේම මට සහාය දීමට එක්වී මෙම මැතිවරණය ව්‍යාපාරය තුල සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කල සියලූම දේශපාලන පක්ෂවල නායකයන්ටත්, එම පක්ෂවල නිලධාරීන්ට හා සාමාජිකයන්ටත් මේ අවස්ථාවේදී මගේ හෘදයාංගම ස්තූතිය පුද කරනවා.

    මෙම මැතිවරණයේදි රටේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පුරවැසියන් අතර වෙන කවරදාවත් නැති උද්‍යෝගයක් අප දුටුවා.

    කිසිදු දේශපාලන පක්ෂයක් වෙනුවෙන් මින් පෙර මැතිවරණ ක්‍රියාවලියකට සහභාගී නොවූ ලක්ෂ සංක්‍යාත ජනතාවක් මෙවර අප වෙනුවෙන් ස්වේච්චාවෙන් වැඩකලා.

    වියත්මග වැනි වෘතීය වේදීන්ගේ සංවිධාන, විවිධ ජාතික සංවිධාන, ව්‍යාපාරිකයන්, වෘත්තිකයන්, විද්වතුන්, කලාකරුවන්, සමාජ ජාලා ක්‍රියාකාරිකයන්, චන්දය දීම සඳහාම ලංකාවට පැමිණි අපේ විදේශ ගත ශ්‍රමිකයන් මෙන්ම තරුණ පරපුර මේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් දුන් සුවිශේෂී දායකත්වය මා අගය කරනවා.

    ඔවුන් බොහෝ දෙනෙක් පෞද්ගලිකව මා හමුවී නැතත් මේ අවස්ථාවේ රට වෙනුවෙන් ඔවුන්ගේ යුතුකම කැපවීමෙන් ඉටු කලා. ඒ සියලු දෙනාටම මේ අවස්ථාවේ මගේ ස්තූතිය පුද කරනවා

    දැන් අපට තිබෙන්නේ ජාතියක් වශයෙන් එකට එක්වී මේ රට ගොඩ නැගීමේ වගකීමයි.

    චන්දය භාවිතාකල ඔබ විසින් මේ ජන වරම මට ලබා දී තිබෙන්නේ 'සෞභාග්‍යයේ දැක්ම' ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා අප විසින් රටට යෝජනා කල 'ජනතාව විසින්' 'ජනතාව උදෙසා' සකස් කල 'ජනතා වැඩපිලිවෙල' ක්‍රියාත්මක කිරීමටයි.

    එය මේ රටේ ඒකියත්වය, ස්වෛරීත්වය හා ආරක්ෂාව සුරක්ෂිත කරන වැඩපිලිවෙලක් - මේ රටේ ජීවත්වන සියලු පුරවැසියන්ගේ අපේක්ෂා ඉටු කරන වැඩපිලිවෙලක් - අනාගත පරපුරට ආඩම්බරයෙන් ජීවත්විය හැකි සෞභාග්‍යමත් දේශයක් ගොඩ නංවන වැඩපිලිවෙලක්.

    මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගුවන සියලු කරුණු මගේ ධුර කාලය තුල ඉටු කිරීමට මම කටයුතු කරනවා.

    ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම මගේ රජයේ මූලික වගකීමක් ලෙස සලකනවා.

    අපේ මව්බිම ත්‍රස්ථවාදයෙන්, පාතාල ක්‍රියාකාරකම් වලින්, සොර බියෙන්, කප්පම් කරුවන්ගෙන්, මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙන්, කාන්තා හා ලමා හිංසනයෙන් තොර සුරක්ෂිත රටක් කරන්නට අවශ්‍ය රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණය අපි යලිත් ශක්තිමත්ව ගොඩනංවනවා.

    අපි සෑම රටක් සමඟම මිත්‍රශීලිව කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා.

    ලෝක දේශපාලනය තුල විවිධ ජාතින් අතර බල අරගලයන්ට මැදිවන්නට අපට අවශ්‍යතාවක් නැහැ.

    WE WANT TO REMAIN NEUTRAL IN OUR FOREIGN RELATIONS AND STAY OUT OF ANY CONFLICTS AMONGST THE WORLD POWERS .

    අප සමඟ සම්බන්ධතා පැවැත්වීමේදී අපේ රටේ ඒකීයත්වයට හා ස්වෛරීත්වයට ගරු කරන ලෙස අප සියලු රටවලින් ඉල්ලා සිටිනවා.

    අනාගත පරපුර වෙනුවෙන් පරිසරය සුරැකීම අපේ මූලික වගකීමක්. ඒ නිසා එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු ඉටුකිරීමේදී ලෝකයේ ඉදිරියෙන්ම සිටිනා රටක් බවට ලංකාව පත්කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

    WE WILL HAVE OUR FULLEST COMMITMENT TO ACHIEVE THE 'SUSTAINABLE DEVELOPMENT GOALS' OF UN

    මේ මැතිවරණය ආරම්බයේ සිටම අපි මේ රටේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් කරන්නට කැපවුනා.

    ප්‍රතිවාදීන්ට අපහාස නොකරන, ප්ලාස්ටික් පොලිතීන් වලින් තොර, පරිසර හිතකාමී මැතිවරණ ව්‍යාපාරයක් හරහා අන් සියලු දෙනාටම ආදර්ශයක් සපයන්නට අපට පුලුවන් වුනා.

    රාජ්‍ය පාලනය තුලත් ඒ ආදර්ශමත් බාවය දිගටම පවත්වාගෙන යන්නට මම ක්‍රියා කරනවා.

    නීතියේ ආධිපත්‍යයට ගරුකරන, සමාජ සාධාරණත්වය සුරකින, දූෂණයෙන් වංචාවෙන් තොර, සැබෑ ජනතා සේවයට කැපවුන, වෘත්තීමය හා කාර්යක්ෂම රාජ්‍ය තන්ත්‍රයක් යලි මේ රටේ ස්ථාපිත කරන්නට මම ඔබට පොරොන්දු වෙනවා.

    ප්‍රතිපත්ති ප්‍රකාශණය තුල පොරොන්දු වූ ආකාරයටම, අපේ පාලන ක්‍රමය තුල විවිධ වගකීම් පැවරීමේදී හැකියාවට හා දැනුමට හැම විටම මුල් තැන ලබා දෙනවා.

    THE GOVERNMENT SHOULD ALWAYS SET ASN EXAMPLE TO THE SOCIETY.

    PROFESSIONALISM AND EFFICIENCY SHOULD BE THE CORNERSTONES OF GOVERNMENT ADMINISTRATION. MERITOCRACY AND TECHNOCRACY SHOULD BE PROMOTED AT ALL TIMES.

    CORRUPTION WILL NEVER BE TOLERATED UNDER MY ADMINISTRATION

    අපේ අනාගත පරපුර වෙනුවෙන් ඉටු කිරීමට වගකීම් රාශියක් අප සතුව තිබෙනවා.

    ගෝලීය නව ආර්ථික ප්‍රවණතාවන්ගෙන් උපරිම ප්‍රයෝජනය ගැනීම සඳහා ඔවුන් දැනුමින් සන්නද්ධ කිරීමට හා ඔවුන්ගේ කුසලතා වර්ධනයට උපකාර කිරීමට අප ප්‍රමුකතාවක් දී කටයුතු කරනවා.

    21 වන ශතවර්ශයේ අභියෝගයන්ට මුහුනදීමට අපේ ජනතාව සූදානම් කිරීම සඳහා රටේ සෑම ක්ෂේත්‍රයකම නව තාක්ෂණය භාවිතය පුලුල් කරනවා


    අපගේ සමස්ථ ජීවන රටාව තුලම ගුණගරුක බව , නීතිගරුක බව හා විනයගරුක බව රකින සමාජයක් ගොඩ නැගීම සඳහා ඔබ සියලුදෙනාගේම සහාය මම බලාපොරොත්තු වෙනවා.

    ජනාධිපතිවරයා වශයෙන් මගේ වගකීම වන්නේ රටේ සියලූම ජනතාව වෙනුවෙන් සේවය කිරීමටයි.

    ඒ අනුව මට චන්දය දුන් අය මෙන්ම නොදුන් සියලු දෙනාගේම පුරවැසි අයිතිවාසිකම් මම ආරක්ෂා කරනවා.

    අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශණයට අනුකූලව ජනතා අපේක්ෂාවන් ඉටුකරන්නට මම සැමවිටම කැපවෙනවා.

    අප ඉදිරියේ විශාල වගකීම් සම්භාරයක් තිබෙනවා. විශාල වැඩ කොටසක් කෙටි කලක් තුල ඉටු කරන්නට තිබෙනවා.

    උවමනාව තිබෙනවානම් අපට කරන්නට බැරි දෙයක් නැහැ, ජයග්‍රහණය කල නොහැකි අභියෝගයක් නැහැ.

    රට ගොඩනැගීම් සඳහා අවශ්‍යකරන දැක්ම අප සතුව තිබෙනවා.

    ඒ සඳහා සැලසුම් ' සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශණය' හරහා අපි ඔබට ඉදිරිපත් කොට තිබෙනවා.

    මා මේ රටේ විධායක ජනාධිපති ජනාධිපතිවරයායි. රටේ යහපත වෙනුවෙන් මගේ විධායක බලතල ක්‍රියාත්මක කිරීමට මම කිසි විටක පසුබට වන්නේ නැහැ.

    ඒ අනුව සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීම සඳහ ජනතාව විසින් ලබා දී ඇති මෙම ඓතිහාසික ජනවරම ක්‍රියාත්මක සඳහා මගේ ප්‍රතිපත්ති අනුව කටයුතු කල හැකි නව රජයක් මා පිහිටුවනවා.

    මම මගේ රටට ආදරය කරනවා , මම මගේ රට ගැන ආඩම්බර වෙනවා, මට මගේ රට ගැන දැක්මක් තිබෙනවා

    අනාගතපරපුර වෙනුවෙන් සෞභාග්‍යමත් දේශයක් ගොඩ නැගීම සඳහා මා සමඟ එක්වන මෙන් සියලුම දේශප්‍රේමී ශ්‍රී ලාංකික ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා

    ඔබ සැමට ස්තූතියි

    තෙරුවන් සරණයි


    Copied from Facebook
     

    pradeepkuma83

    Member
    Jul 7, 2016
    393
    24
    0

    මම ද මගේ යුතුකම ඉටුකලෙමි...

    ඉතිං අපි අපේ මතය වෙනුවෙන් පුලූවන් තරම් අකුරු කෙටුවෙමි.... පෝස්ට් හැදුවෙමි... ඒ රුපිලකවත් කාගෙන්වත් ලබාගෙන නොව අපගේ කාලය හා සාක්කුවේ තිබූ රුපියල වියදම් කරමිනි... අපි පළ කළ අදහස්වලින් අවම තරමේ එකම එක පුද්ගලයෙක් හෝ අලූතින් සිතන්නට පුරුදු වුයේ නම් ඒ තරම් වටිනා දෙයක් තවත් නැත....

    :yes::yes::yes::yes:

    :yes::yes::yes:
     

    Dredd

    Active member
  • Jan 14, 2016
    469
    103
    43
    සිංහල අපේ එකමුතුව නිසා අපි ගොඩ ගියා.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    image.png


    මේකේ තියෙන මුල් කරුණු 2 ඇත්තද?
     
    • Haha
    Reactions: Xi Jinping

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Wenna athi machan.
    3 weni eka nam eye idala wenawada koheda? Hariyatama danne na.

    3 වෙනි එක ඊයේ කතාවේදී කිව්වනේ. මුල් 2 නම් ගෝටා කියලා තියෙනවා දැක්කේ නෑ