උඹ විතරක් නෙවේ බං .. මට 28ක් වෙනවා. කෙල්ලෙක් ඉන්නවා. ගෙයක් තියෙනවා. ඒත් ප‍්‍රශ්න හරි හමන් රස්සාවක් නෑ... ප‍්‍රශ්න තමයි ඒ නිසා...
හැබැයි කෙල්ල දාලා යන්නෑ.. ඒකි ටීච කෙනෙක්. ඒකි ඒ තැනට ගෙනාවේ මං .
රස්සාවක් කරලා අවුරුදු ගානක් හම්බ කරලා...
වැඩ කරපු කොම්පැණියට කෙලවිලා අයින් වුනා.
දැන් ගෙදර ඉන්නෙ, ඉස්සර හිටිය යාලුවෝ දැන් හොයන්නවත් නෑ....
හැබැයි කෙල්ල ඉන්නවා.. ඒකිව මම දාලා ගියොත් ඇරෙන්න ඒකි මාව දාලා යන්නෑ... එච්චරයි බං සතුටු වෙන්න තියෙන්නෙ...
රස්සාවක් නොකලට ගෙදරට වෙලා ෆ‍්‍රී ලාන්ස් වැඩ කරනවා. මාසෙට 20 ක් වගේ හොයා ගන්නවා.. දැන් හවසට කෙල්ල එක්කං එන්න ඉස්කොලේ ල`ගට යනවා බයික් එකේ ... ඒකිත් එක්ක ආතල් එකේ එනවා. යාලුවෝ කියන එවුන් හිටිය එවුන් දැං හොයන්නවත් නෑ... උන්ට අපිව පාරෙදි දැක්කත් ගානක් නෑ... ඒත් මතක තියාගනින් මල්ලි, හරි හමන් කෙල්ලෙක් හම්බ වුනොත් ගොඩ, මෙ කෙල්ල හම්බුනෙත් හෙන ප‍්‍රශ්න මැද අවුරුදු 8 කට කලින් .... ඒකාලේ මටත් ඔලුව විකාර වෙන ප‍්‍රශ්න මම එළකිරියේ දාලා උත්තර අරන් තියෙනවා.... ඒකයි මේ උඹටත් කියන්නෙ. ඔ්නැවට වඩා හිතන්නෙපා, ඔක්කොම ගානට කරං පලයං , අනිත් එවුන් එක්ක බොරුවට හරි හිනාවෙයං, අවංක එවුන්ට විතරක් උදව් කරපං, පන්සලකට ගිහින් හාමුදුරුවොත් එක්ක ෆිට් වෙයං ජීවිතේ වරදින්නෑ....
තාම මටවත් ආර්ථික ප‍්‍රශ්න වලට උත්තරයක් නෑ.... ඒත් සතුටින් ඉන්නවා බං ,
කාටවත් යටත් නෑ... තිබුනොත් කනවා, නැති වුනොත් ශේප් එකේ ඉන්නවා, හැබැයි එකෙන්ම වැටෙන්නෑ.... ජීවිතේ ඔයිට වඩා ප‍්‍රශ්න එනවා උඹට ලෙඩක් නෑ, හිත තමයි හදාගන්න ඔ්න....