මම නැවතුන බික්ශුවක්.

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    මම නැවතුන බික්ශුවක්.
    මේ බික්ශුව කවදාකවත් සංසාරයේ නැවත අනුන් නිසා පින්වතුනී එක දසමයක්වත් දික් කරගන්නේ නෑ.මං දැස් පියාගෙන දකිනවා දෙයියනේ මේ සංසාරයේ මා මේ සා දීර්ඝ පටිච්ච සම්පන්න ගමනක් මැරෙමින්, ඉපදෙමින් ආවේ අණුන් නිසාමයි.අණුන් බනිද්දි මම බනින්න ගියා,අනුන් විවේචනය කරද්දී මම විවේච්නය කලා, පින්වතුනී මම දැං නැවතුන බික්ශුවක් මම නැවතිලා ඉන්නෙ කවුරූ විවෙචනය කලත්,මම විවේචනය කරන්නේ නෑ,කවුරූ බැන්නත් මම බනින්න යන්නේ නහැ,කවුරූ ද්වෙශ කලත් ද්වෙශ කරන්නේ නෑ පින්වතුනී.මම නැවතිලා ඉන්නවා.මම කවදාවත් නැවත අනුන් නිසා පින්වතුනි,මගේ බව ගමන දීර්ග කරගන්නෙ නෑ.මොකද සාරාසංඛ් කල්ප ලක්ෂ ගාණක් අනුන් නිසා අපි පටිච්ච සම්පන්නව ඇවිල්ල තියනවා.ඒ නිසා ඔබ දක්ශ වෙන්න,ඔබ දක්ෂ වෙන්න.මම ඔබෙන් අහනවා මේ මොහොතේ නෙවෙයි මේ මොහොතේ ඔබ සප්ත බොජ්ජංග වැඩිලා ඉන්නේ ඔබ පංචනීවරනයන් තුල ජීවත් වෙන වෙලාවක පින්වතුනි,ඕනම කෙනෙකුට පුලුවන් ඔබව කෙන්ති ගස්ස්සන්න.ඕනම කෙනෙකුට පුලුවන් ඔබව රිදවන්න.ඕනම කෙනෙකුට පුලුවන් ඔබව රංඩුවකට පටලවගන්න.ඇයි පින්වතුනි ?අපී තාමත් අනුන් නිසා භවය සකස් කරගන්න තැනක ඉන්නේ.අපී තාමත් අනුන් නිසා සංසාරය දික් කරගන්න තැනක ඉන්නේ.ඒ නිසා පින්වතුනි අනුන් නිසා ඔබ ඔබේ සංසාරය දික් කරගන්න එපා.අනුන් නිසා ඔබ අකුසල් මූලයන් ජීවිතයට එකතු කරගන්න එපා.අනුන් නිසා වින්දාවූ දුක් ඇති පින්වතුනී.
    කෙනෙක් ඔබට ද්වෙශ කරද්දී සුවපත් වේවා කියලා හිතන්න,ඔහුට යන්න දෙන්න.ඔබ නවතින්න.කෙනෙක් ඔබව විවේචනය කරද්දි.ඔහු සුවපත් වේවා කියල හිතන්න.ඔහුට යන්න දෙන්න ඔබ නවතින්න.සාරාසංඛ් කල්ප ලක්ශ සියක්කෝටී ප්‍රකෝටී ගණනක් මේ පටිච්ච සමුප්පනව ලෝකයේ යන කෙනෙකුට යන්න පුලුවන් පින්වතුනී .ඒ නිසා යන කෙනෙකුට යන්න දෙන්න.ඔබ මේ සුන්දර වෙසක් දවසේ අනුන් නිසා නොදුවන කෙනෙක් වෙනවා කියලා අධිශ්ඨානය ඇති කරගන්න පින්වතුනී.සුන්දර සම්මා සංකප්පයන්.