මාකොල පාරෙ තියන මාලු වෙලඳ සැලක සිදුවන අක්රමික තාවයක් ගැන දැනුවත් කරන්න ආවෙ. මම මෙතනදි වෙලද සැලේ නම කියන්නෙ නැහැ හැබැයි අනිත් තැන් වලත් වෙන්න පුලුවන් නිසා දැණුවත් කිරීම පමනයි කරන්නෙ. මේකෙන් ඔබ ගෙවන මුදලට වටිනාකමක් ලැබෙන්නයි හොරුන්ට තක්කඩින්ට නිකරුනේ සල්ලි පූජ කරන එක නතර කරගන්නයි කියන්නෙ. සිද්දිය මේකයි..
එක දවසක් මම අදාල ආයතනයට යනවා මාලු ගන්න. මම ගත්තෙ තරමක් ලොකු ගල්මාලුවෙක් සහ ඊට පොඩි එක සමාන වගේ ගල් මාලු දෙන්නෙක් ( ඔක්කොම තුනක් ) සහ ඇටවල්ලන් 3 දෙනෙක්. කපල සුද්ද කරලා දෙන නිසා මාලු ටික කපලා සුද්ද කලර ගේනකන් මම වඩි වෙලා හිටියා. පාර්සලෙත් හම්බ උනා සල්ලිත් ගෙව්ව මම ආවා. රුපියල් 3600 කට කිට්ටු උනා ඔක්කොම. ගෙදර ගෙනැල්ලා බලද්දි මාලු අඩුයි වගේ දැනුන නිසා කිරලා බැලුවා බිල් එකත් එක්ක. කොහොමත් සාමාන්‍ය ප්‍රමානයක් අඩු වෙනව නෙ. නමුත් මෙතනදි මට අසාමාන්‍ය අඩුවක් වගේ දැනුනා.
මම මාලුවා ආයෙ නිර්මානය කලා සැකේටම. ගල් මාලුන්ගෙත් පෙත්තක් අඩුයි ඇටවල්ලගෙනුත් පෙත්තක් අඩුයි වගේ දැනුනා.. ( මම ගන්නෙ පෙති විදියට ) මම මුකුත් කියන්න ගියේ නැහැ.. නිකන් සැකයක් විතරයි නෙ.. කොහොම හරි එතනින් දින කිහිපයක්ම මාලු ගත්තා... ගැටලුවක් දැනුනෙ නැහැ. ඊයෙත් මාලු ගෙනාවා. ඒ සිද්දිය ඒ විදියටම උනා. මම මාලුවව ප්රතිනිර්මානය කලා මාලු පෙති එකින් එක තියලා. පෙත්තක් අඩුයි. මේ ගේම් එක ගහන්නෙ මාලු කපන එක්කෙනා.
වයිෆ්ට කිව්වම වයිෆ් කිව්වෙ කමක් නැහැ කන්න නේ.. ආයෙ එතනින් ගන්න එපා කියලා.. මම ගිහින් කියන්න හැදුවම වයිෆ් ඒකටත් හරස් වුනා. අසරණ මනුස්සයෙක් නෙ කියලා.
මේ දේවල් සැරටම සිද්ද වෙනවා ඇති කෑලි කපලා ගේන කොට. එක කෑල්ලක් දෙකක් මිසින් උනාට අපි හොයන්න යන්නෙ නැහැ නෙ අපිට දැනෙන්නෙත් නැහැ.. ඕක නවත්තන්නත් බැහැ. මේ රටේ වුන දේවල් එක්ක බලද්දි අහිංසක මිනිහෙක් මාළු කෑල්ලක් හොරකම් කල එක ගැන දුක් වෙන්නවත් විදියක් නැහැ.. මිනිස්සුන්ගෙ අසරණ කමට මොනව කරන්නද.. සමහර විට ඒ මාලු පෙත්ත පොඩි දරුවෙක්ගෙ බඩ හරි පුරවනවා ඇති... මටත් පුතෙක් ඉන්නවා.. මම හිත හදාගත්තා...

හොරකම තමයි හැමතැනම කිරන ඒවගේත් ජිල්මාර්ට්. හොදම දේ තමා කූරියා බලලා ගානක් කියලා ගේන ඒක ඒහෙම තැන් තියෙනවා