මම හෙටින් පස්සෙ වැඩට එන්නෙ නෑ.

Arumbaya De Almeida

Well-known member
  • Aug 27, 2020
    2,060
    10,899
    113
    118876982_1183792848658969_1987011893681453494_o.jpg


    ''මිස් මම හෙටින් පස්සෙ වැඩට එන්නෙ නෑ.''
    ''ඇයි ඒ?''
    ''වෙන තැනක ලබන සතියෙ ඉඳල''ඇය කීවෙ අහිංසක ලෙස සිනාසෙමින් අතෙහි වූ යමක් මා දෙසට දිගු කරමිනි.
    ''මේ මොකක්ද ආන්ටි?''
    ''මේක ගන්න මිස්. පුංචි කරාබු දෙකක්. මිස්ල සාරිවලට පාට පාට කරාබු දානවනේ.''
    ''අපරාදෙනේ මේව ගෙනාවෙ.''
    ''නෑ මිස් අපේ මහත්තය ඔය වගේ දේවල් විකුණන්නෙ පේමන්ට් එකේ. මිස්ටයි මිස් එක්ක ඉන්න අනිත් මිස්ල තුන්දෙනාටයි ගෙනාව ආයෙත් මං එන්නැති නිසා''
    ''හරි ලස්සනයි. තැන්ක් යූ ආන්ටි.'' මමද සිනාවකින් සංග්‍රහ කරමින් කීවෙමි.
    ''මිස්ල වගේ නෑ හැමෝම. අපි එක්ක හිනාවෙන්නෙ ගුඩ් මෝ(ර්)නින් කියන්නෙවත් නෑ. කතා කරන්නෙවත් නෑ. ගනන් ගන්නෙවත් නැතුව යනව. අපිත් ඉතින් මේ රස්සාව කැමැත්තෙන් කරනව නෙමෙයිනේ මිස්.'' මම නිරුත්තර වුණෙමි.
    ''දරුවො හොඳ තැනකට ගේන්න ඕනනේ. අපි හොඳට ඉගෙනගත්තෙ නැති එකේ දරුවන්ටවත් උගන්නල හොඳ රස්සාවක් කරන්න පුළුවන් තැනට ගේන්න එපැයි. රස්සාව පටන්ගත්ත මුල් කාලෙනම් සමහර දාට ඔක්කාරෙට එනව කුණු බෑග් එකතු කරනකොට. ඒත් දැන් පුරුදුවෙලා.'' එසේ කියමින් ඇය නැවතත් සිනාසෙද්දී වෙනදා මෙන්ම ඇය තුළින් පෙනුනේ අහිංසක මවකගේ ස්වරූපයමයි.
    පසුදින මමත් යෙහෙළියනුත් ඇය විසින් ගෙනැත් දුන් කරාබුවලට ගැළපෙන සාරි ඇඳ රාජකාරි ස්ථානයට ගිය අතර එම කරාබු අප පැළඳ සිටින බව පෙන්වූ විට ඇය නැවතත් සුපුරුදු ලෙස අප සමඟ සිනාසී ආයෙත් මිස්ලව දකින්න ලැබෙයිද දන්නෙ නැහැ කියමින් ඇගේ රාජකාරියෙහි නිරතවූවාය.
    විවිධ ඉහළ පෙළේ යැයි සම්මත රැකියා මෙන්ම පිරිසිදු කරන්නියක ලෙස ඇය කරන ලද රැකියාවද එකම මට්ටමක පවතින බව අප අතර බොහෝ දෙනෙකු තේරුම් නොගන්නේ අපගේ රටේ ආකල්පමය දුර්වලතාව සහ ගිලිහී ගිය මනුස්සකම් නිසාය. අපට කවදාවත් ඔවුන් මෙන් කුණු ඉවත් කරන්නට තියා සිතන්නටවත් අපහසුය. එබැවින් ඔවුන්ගේ රැකියාවද අනෙක් සියලු රැකියා මෙන් වටිනාකමකින් යුක්තය.
    දිනක් මට මිතුරියක කීවේ කුණු ට්‍රැක්ටරය හෝ මාළු විකුණන ස්ථාන අසලින් යන විට ඇය අතින් හෝ ලේන්සුවකින් නාසය වසා ගන්නේ නැතිව යන්නේ එහි රැකියාව කරන මිනිසුන් පව් නිසා කියාය. මමද එවන් අවස්ථාවල කොතරම් අපහසු වුවත් හුස්ම නොගෙන හෝ ඉවසා එම ස්ථාන පසු කරන්නේ එවන් මිනිසුන් අපේ ක්‍රියාවෙන් තවත් අසරණ වන බැවිනි. බොහෝවිට එවන් ස්ථානයකින් යනවිට නාසය වසාගෙන යන පිරිස් දුටුවිට කුණු ට්‍රැක්ටරයේ වැඩ කරන මිනිසුන්ගේ මුහුණු ඉතාමත් අසරණ ලෙස වර්ණ
    ගැන්වෙන බව මා ඕනෑ තරම් දැක ඇත. ඉන්පසු මම එසේ නොකරන්නට වග බලාගතිමි.
    මනුස්සයෙක්ගෙ හිතකට සතුටක් දෙන්න මුදල්ම ඕනෑ නැහැ. ඔවුන් සමඟ සුහදව සිනාසීමට, වචනයක් දෙකක් කතා කර සැපදුක විමසීමට හෝ අඩුම තරමේ උදෑසන ගුඩ් මෝ(ර්)නින් යැයි පැවසීමට මුදල් වැයවන්නේ නැත. එය පවා සමහර මිනිසුන්ගේ ජීවිතවලට හයියක් විය හැකිය. මේ මිහිමත සෑම පුද්ගලයෙක්ම වටිනාකමක් සහිත පුද්ගලයෙක් බව අමතක නොකළ යුතුය.


    උපුටා ගැනීම :ප්‍රියාශා හෙට්ටිහේවා.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මීගමුව රෝහලේ ඩොකෙක් ගෑණු ළමයෙක්ව මෑරුවා මතකද? ඒ ළමයා වෙනුවෙන් සාක්ෂි දෙන්න ආවේ ක්ලීනින් කරපු ගෑනු කෙනෙක්. කොච්චර බලපෑම් ආවත් ඒ මනුස්සයා යුක්තිය වෙනුවෙන් අවසානය දක්වා තමන්ට පුලුවන් දේ කලා... බහුතරයක් ඔය මිනිස්සු කුණු ඈද්දට හිත ක්ලීන්
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,954
    8,294
    113
    Kotahena
    මීගමුව රෝහලේ ඩොකෙක් ගෑණු ළමයෙක්ව මෑරුවා මතකද? ඒ ළමයා වෙනුවෙන් සාක්ෂි දෙන්න ආවේ ක්ලීනින් කරපු ගෑනු කෙනෙක්. කොච්චර බලපෑම් ආවත් ඒ මනුස්සයා යුක්තිය වෙනුවෙන් අවසානය දක්වා තමන්ට පුලුවන් දේ කලා... බහුතරයක් ඔය මිනිස්සු කුණු ඈද්දට හිත ක්ලීන්
    Doctors lata wada respect karanna ona jaathiyak me minissu.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,769
    113
    අම්බකිස්ස
    දවසක් අපි මීගමුවෙද කොහෙද මාලු ගන්න වැල්ලට යන්න හැදුව.එතකොට කලින්ම කිව්වා ගියාට පස්සේ ගදයි කියලා නහය වහ්න් ඉන්න එහෙම එපා බනිනවා කියලා...
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,103
    1,035
    113
    මීගමුව රෝහලේ ඩොකෙක් ගෑණු ළමයෙක්ව මෑරුවා මතකද? ඒ ළමයා වෙනුවෙන් සාක්ෂි දෙන්න ආවේ ක්ලීනින් කරපු ගෑනු කෙනෙක්. කොච්චර බලපෑම් ආවත් ඒ මනුස්සයා යුක්තිය වෙනුවෙන් අවසානය දක්වා තමන්ට පුලුවන් දේ කලා... බහුතරයක් ඔය මිනිස්සු කුණු ඈද්දට හිත ක්ලීන්

    Respect that.