මම_ආදෙරයි_මගේ_සුදු_මැණික

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මම_ආදෙරයි_මගේ_සුදු_මැණික

    12549094_534543546719819_1125816929854148006_n.jpg


    ආදරය කියන්නේ හරියට ස්‌ව්භාවධර්මය වගේ.. ව්ටෙක හරිම අහිංසක විදිහට සිත් සතුටු කරනවා.. ඒ අහිංසක බව හරියට පරිසරයේ සුන්දරත්වය වගේ.. ආදරයක්‌ හිතක ඇති වුනාම ඒ හිතේ ඇතිවන සුන්දරත්වය .. ඒ වගේම ආදරයක්‌ ලබන්නත් බොහෝ කැපකිරිම් කරන්න වෙනවා ඒ කැපකිරිම් කරලත් විටේක ආදරය දුක්‌ දෙනවා.. ඒ දුක හරියට ස්‌වභාව ධර්මය දෙන ස්‌වාභාවික විපත් වගේ ඒ දුක්‌වලට කරදර වලට අපි සැලුනොත් අපිට ජිවිතය වරදිනවා. මොන දුක ආවත් ඒවාට මුහුන දීලා අභියොග ජය ගැනිම තම්යි ජිවිතය කියන් ඒ අභියෝග ජය ගත් විට අපිට අපි හොයන සත්‍ය ආදරය ලැබෙනවා. ඒ ආදරය රැකගෙන ජිවිතය ඉදිරියට යන්න අපි හැමොම ධෛර්යමත් වෙන්න ඔනේ..
    ඔබයි මගෙ ලෝකයම....මමයි ඔබෙ සිතිවිල්ල .....ඔබෙ එකම සැනසිල්ල දුරක උන්නත් ලග රැදෙන ඔබෙ හැම සුසුමටම පෙම් කරන

    12400816_534543573386483_6673939002654658891_n.jpg



    නිසරු හදවත සරු කල




    හදේ හැම බිම් සාරවත් කල



    දුක් සුසුම් හිත මලින් බර කල



    මගේ ආදර රන් දෙවඟන



    මදහසින් පිරි මුව මඩල



    නෙතු අගිස්සේ ආදර හැගුම



    මා මන් මත් වූ ආදර වදන් පෙල



    නැතිමුත් මා ළඟ සදාකල්ම



    නුඹයි මගෙ ආදර රන් දෙවඟන



    සුළඟ ඇවිදින් නුඹේ හුස්ම පොද



    වේගයෙන් රැගෙන ගියා



    මටත් අහිමි කර නුඹ‍ව ඈතකට



    දුර ඈත පායන තරුවක් විලස



    හිඳනවද මා දෙස බලාගෙන



    මගේ හද දෙවොලේ හිඳි

    මගේ ආදර රන් දෙවඟන



    10308231_534543590053148_4779818965692540404_n.jpg




    හැමදාමත් එක වගේම වෙනසක් නැතුව මම ඔයාට ආදරෙයි මගේ රත්තරං....



    12510260_534543620053145_5089241218601093626_n.jpg




    ලගටම වෙලා ඉන්න

    හීනෙකින් වත් වෙන් නොවෙන්නට....

    පෙම් කරන්න ජිවිතේ හැම දුකක්ම

    කදුලක්ම අමතක වෙන්නට..

    ඒ ඇති වෙයි මගේ හැඩි උනු

    ජිවිතේ හදා ගන්න..



    1237531_534543643386476_8072610830853932137_n.jpg




    නුඹේම වෙන්න පෙරුම් පුරනවා නුඹේ ලග සැනසෙන්න...........



    සිත මගේ ඉල්ලනේ ඔය සෙනෙහසයි.....

    නුඹ ලගින් මගේ ඇස්‌ අරගෙන යන්නේ කොහොමද................

    මම දිවිරන්නම් රත්තරන් මේ සෙනෙහස නුඹටමයි.....



    12494684_534543660053141_8158257830207917959_n.jpg




    මේ ගමන කොයිතරම් දුෂ්කර උනත්,

    මං ඔයා ලගින්ම ඉන්නවා,

    ඔය අතින් අල්ලගත්තේ,

    ආයෙමත් අත ඇරලා දාලා යන්න නම්, නෙමෙයි මං,

    මේ ජීවිත ගමන,කෙලවරක් වෙනකල්,

    අපි ඵ් ගමන ආදරෙන් ඇවිද යමු.......

    ජීවිතය සොයා යමු...



    12417828_534543673386473_8782434638895488012_n.jpg




    මට මගේ මුළු ලෝකයම ඔයයි ,



    මගෙ රත්තරනේ....

    හිතට දැනෙන හැගීම්

    කියාගන්න බැරි තරම් ...

    ඔයාගේ ආදරේ විඳින්න ,

    ඔයා ලඟ හුරතල් වෙන්න ,

    ඔය පුලුල් උරතලේ හිස තියාන ,

    ඔය දෙනෙත් තුලම ඇස් තියාන ,

    ඔය උණුසුමට ගුලිවෙලා ඉන්න



    මම හැමදමත් මග බලාගෙන



    ඉන්නවා මගෙ රත්තරනේ...



    10367158_534543710053136_217936997041260020_n.jpg




    දිනක් එවී සිනාසෙන්නට..

    සුලං රොද සේ පා වෙනා..

    දිනක් එවී පැතුම් ඉටු වෙන..

    හද කුටිය තුල තෙරපෙනා..

    දිනක් එවී ඔබ මගේ වන..

    සුබ සිහිනයක එලි වෙනා..

    ඉතින් මා වෙන කුමක් කරමිද?

    ඉදිනු මිස පෙර මඟ බලා...



    946768_534543726719801_1237587531532662375_n.jpg




    මල් පෙති වැටුනු ,

    කවුරුත් එන්නැති ,

    ලස්සන පාරක ,

    ආදරෙන් ඇවිදන් යන්නට.....

    ඔයත් එක්ක එකතු වෙලා

    ආදරෙන් .....

    දුක සැප විදින්න

    හැමදාමත් ගොඩාක් සතුටෙන් ඉන්න

    මං ළගට එනව නේද රත්තරන්...



    10577099_534543750053132_7527225775155598905_n.jpg




    කවදාවත් නොලැබුනු ආදරයක්

    ඔයාගෙන් ලැබෙනකොට...

    දරාගන්න බැරි තරමට

    ඔයා මට ආදරේ කරනකොට...

    මම ඔය ආදරයට,

    ඔය හිතට,

    ... මහ හුගක් ලොභ වුනා....

    මේ ඇත්තමයි

    මොන ප්‍රස්න තිබුනත්

    උණුහුමට තුරුළු වෙලා

    ජිවත් වෙන්න ඕනා වුනා..



    1424328_534543780053129_8856827431267227206_n.jpg




    ඔන්න එකමත් එක කාලෙක ලමයෙක් හිටියා මේ ලමයට ලොකු ප්‍රස්නයක් තිබුනා එක අපි ගොඩක් අයට පොදු ප්‍රස්නයක් එ තමයි “ආදරය කියන්නේ මොකක්ද කියන එක”,ඉතින් දවසක් මෙ ලමයා මෙ ප්‍රස්නය එයාගෙ ගුරැවරයාගෙන් ඇහුවා එතකොට





    ගුරැවරයා මෙහෙම උත්තරයක් දෙනවා,





    ඔයාට ඔකට උත්තරයක් ඔන නම් ඔයා ඉරිගු හේනකට ගිහිල්ලා ලොකුම ඉරිගු කරල අරගන එන්න ඕන, හැබැයි එක කොන්දේසියක් තියනවා ඔයාට ඉරිගු හෙන හරහා යන්න පුලුවනඑක පාරයි, ආපහු හැරෙන්න බැ.





    මෙක අහපු ලමයා ඉරිගු හෙනක යනවා, ඉස්සරහම ලොකු ඉරිගු කරලක් තියනවා දැක්කත් තව ඉස්සරහට තව ලොකු ඉරිගු කරල් ඇති කියලා හිතපු ලමයා තව ඉස්සරහට යනවා මේ වගෙ තව ට්ක ට්ක දුරක් ආවට පස්සේ ලමයට තෙරෙනවා දැන් තියන ඉරිගු කරල් ඉස්සල්ලා තිබුන ඉරිගු කරල් වලට වඩා පොඩ්යි කියලා,





    එතකොට එයාට තෙරනවා ලොකුම කරල එයාට මගහැරැනා කියලා.නමුත් එයාට ආපහු හැරෙන්න බැ.ඉතින් ලමයා ගොඩක් දුකෙන් ගුරැවරයට වෙච්ච දේ කිව්වා.එතකොට ගුරැවරයා කියනවා





    “ඔක තමයි ආදරෙ කියන්නෙ , අපි හැම වෙලාවෙම හොදම දේ හොයනවා නමුත් ඒ දේ අපිට මග හැරැන බව දැන ගන්න කොට පමා වැඩ්යි”





    එතකොට විවාහය කියන්නේ මොකටද ලමයා ඇහුවා,





    එතකොට ගුරැවරයා මෙහෙම උත්තරයක් දෙනවා ඔයාට ඔකට උත්තරයක් ඔන නම් ඉස්සල්ලා වගෙම ඔයා ඉරිගු හෙනකට ගිහිල්ලා ලොකුම ඉරිගු කරල අරගන එන්න ඔන, හැබැයි එක කොන්දේසියක් තියනවා ඔයාට ඉරිගු හෙන හරහා යන්න පුලුවන එක පාරයි, ආපහු හැරෙන්න බැ.ඉතින් ලමයා ආපහු ඉරිගු හෙනක යනවා, ගිහින් ඉස්සල්ලා වැරෑද්ද ආපහු කරන් නැ කියලා සාමාන්‍ය ඉරිගු කරලක් අරගන ගුරැවරයා ලගට යනවා. එතකොට ගුරැවරයා මෙහෙම කියනවා, මෙපාර ඔයා ගෙනපු ඉරිගු කරල ගොඩක් හොදයි, මෙ ඉරිගු කරල ගෙන්න ඔයාට ව්ස්වාසය හා අඨ්ෂ්ටානය තිබුනා.මෙක තමයි ඔයාට ලැබුනහොදම දේ, මෙකට තමයි ව්වහය කියන්නේ.





    බලන්න මේ කතාවෙන් කොච්චර ලස්සනට මෙ දෙක තෙරැම් කරලා දුන්නද කියලා,අපේ ජිව්තේත් ඉරිගු හෙන වගේ තමයි, අපිට ජිව්තේ හරහා යනන්න පුලුවන් එකම එක පාරක් ව්තරයි එක හින්දා මෙ කතාවෙන් කියන දේ අපේ ජිව්තයට ගොඩක් වැදගත් දැන් ඉතින් හොදට හිතලා බලන්න ඔයාටත් හොදම දේ මග හැරිලද කියලා.




    12510263_534543806719793_849821904577952476_n.jpg




    පාළු නිසංසල රෑක

    කල්පනා කරනකොට

    ඔයත් එක්ක කොයිතරම් හිනා උනාද කියල...

    මතක් වෙනකොට කොයිතරම් දේ කතාකළාද කියල...

    හිත කීරී ගැහෙනව...

    හැමදාම මම හොයපු ඒ ආදරේ

    ඒසුරතල් ඉගිබිඟි, ඇස්, සුදු මූණ

    ඒ ඔක්කොම මගේ නේද කියල මම අහපු දවසක

    ඔයා ආදරෙන් හිනාවෙලා මට කිව්ව

    ඔව් රත්තරනේ ඔයාගෙම විතරයි....

    මම ඒ වචන ඇදහුව...

    හැමදාම ඔයාව දකින්න, තුරුළු කරං ඉන්න

    ආදරෙන් ඔයාගෙ ජීවිතේ පුරවන්න

    චූටි දුකක්වත් දෙන්නෙ නැතුව

    මගෙ සුදු කෙල්ලව බලාගන්න

    සතුටින්ම විතරක් තියන්න

    මම හිතාගෙන හිටිය...

    තවමත් එහෙමමයි...

    ඒක ඔයා දන්නව...

    ලෝකෙම දන්නෙ නැතත් ඔයා ඒක දන්නව...

    එහෙම නේද මගෙ මැණික...?



    12508705_534543823386458_2518169536981280918_n.jpg




    තුරුල්වෙලා මගේ වස්‌තුවට,

    දෑස්‌ පියන් ඒ උණුහුම විදින්න,

    දවසක්‌ එනකම් මම බලන් ඉන්නවා...

    කතා කරන ඔය ඇස්‌ දිහා නිහඩව වරුගානක්‌ හරි බලන් ඉන්න

    මට පුලුවනි.

    මුලු ලෝකෙම මා ගාව කියලා මට එදාට දැනේවී..

    ඒ ගැන හිතෙද්දි දැනෙන සතුට

    මෙතරම් නම් ඔයාව මේ ඇස්‌ ඉස්‌සරහට දැකපු දාට

    කොයිතරම් සතුටක්‌ දැනෙයිද..

    ඔව් රත්තරන් ඔයා මගෙ ලග ඉද්දි මම ඉන්නේ හුගාක්‌ සතුටින්..

    ඇත්තමයි මගෙ මුලු ජීවිතේම ඔයයි..



    946768_534543843386456_2949318576587014948_n.jpg




    මේ මුලු විශ්වයම පීරලා

    හෙව්වත්

    මම ඔයට ආදරය කරන

    තරමට

    උපමා කරන්න තරම්

    දෙයක්

    ඔයාට හොයගන්න බැරිවෙයි...



    ඒ තරමට . . .

    මම ඔයාට ගොඩාක් ආදරෙයි මගෙ සුදු මැණික



    12491808_536156393225201_3277046189082910847_o.jpg




    උදේම මම ආස කරන්නේ ඔයාගේ

    ඔය අතින් මට ටයිප් කරලා එවන

    මැසේජ් එක බලන්න

    මගේ සුදු නෝනා..

    හැමදාම උදේම ඒක දැක්කා කියන්නේ

    මුලු දවසම මාර සංතෝසයක් දැනෙනවා..

    මම දන්නවා මේ හැගිම ඔයාටත්

    මේ විදිහටම දැනෙනවා කියල මගේ රත්තරනේ...

    ඔයා ඔයාව බාර කලේ මම ගැන ලොකු විශ්වාසයකින්නේ ...

    මම ඒක කවදාවත් කඩන්නේ නෑ රත්තරන්..

    මේ මුලු සංසාරේ පුරාවටම රකිනවා..

    මහ ගොඩාක් ඔයාට මම ආදෙරයි මගේ සුදු මැණික...

    මහා ගොඩාක් ආදරෙයි..






     
    Last edited:

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,614
    113
    Nowhere
    අද කාලේ ලමයින්ටත් තියෙන් ප්‍රශ්න අම්මපා
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    නමෝ මුඛ බන්ධ මෝක්ෂ මුඛ බන්ධ එසවාහෑ පුහ්...වර වර...අහස පලාගෙන වර...පොලව පලාගෙන වර...කෙල්ලෙක් වර වර වර...ඔන්න්...රීන්...එස්වඃ...:lol::lol::lol: