මම_විභාග‍ය ලි‍යපු_හැටි......

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම_විභාග‍ය ලි‍යපු_හැටි......

    සති‍යේ දිනට උදේ හතට................නැගිටින්නේ
    ඇකැමති වුනත් කොහොමින් හරි......සැරසෙන්නේ
    Lecture එකට අට වෙනකොට......පැමිණෙන්නේ
    ලෙචාව මහ ‍යකෙකු ලෙස‍යි..............දිස්වන්නේ

    51839367.jpg


    ලෙචා ඇවිත් වැඩ කට‍යුතු................අරඹන්නේ
    Board එක පුරා කටුබලි................ලි‍යමින්නේ
    කි‍යන මෙලෝ දෙ‍යක් නෑනේ..........තේරෙන්නේ
    ඔර්ලෝසුවත් ඇ‍යි හෙමිහිට...........කැරකෙන්නේ

    aton890l.jpg


    කොහොමින් හරි වෙලාව ගතවී..............යන්නේ
    Lecture එකේ අවසානෙට...........පැමිණෙන්නේ
    පුදුම ලෙසට හිත් සතුටකි.................රජ‍යන්නේ
    ලෙචා ගි‍ය ගමන් බෝඩිම වෙත..............එන්නේ

    සති‍යේ දිනට හැමදාමත් ඔ‍ය..................ටිකම‍යි
    සති අන්තෙට අම්බානක පිස්සු................කෙලි‍යි
    බෝතල් පාටි සමහර දිනවල සෙට්..............වෙ‍යි
    නිකමටවත් පොතක් අතින් නොම.............අල්ල‍යි

    දවසින් දවස මේ විදි‍යට......................ගතවීලා
    Semester එකේ අවසන ඇත...............ලබලා
    ඒ කි‍යන්නෙ විභාග‍යත්...................කිට්ටුවෙලා
    දැන් නම් ටිකක් ඇත බොක්කත්.............රත්වීලා

    Lecture එකට ගොස් ඉඳගෙන.............හිටි‍යාට
    Note එකක්වත් හරි‍යට නෑ....................අපට
    මොනවද දෙ‍යි‍යනේ ලි‍යන්නෙ.............විභාගෙට
    ගේමක් දෙන්න සිදුවෙනවාම‍යි.................එ‍යට

    noteec.jpg


    අපූරු නුවණකි සිත වෙත.............පැමිණෙන්නේ
    කෙල්ලෙක් හට කෙටි පණිවිඩ‍යක්.........දෙන්නේ
    ඔ‍යා notes ලි‍යලා ඉවර‍යිද...................අනේ
    කි‍යමින් ඇ‍යට බටර් පාරකුත්..............දෙන්නේ

    බොරුවට මෙතන බටර් කිලෝවක්............ගාලා
    එනවද මාව අන්දන්නට න‍යි.................ඇරලා
    Note ඕන නම් කි‍යපන් මැටි................හිවලා
    කෙල්ල කි‍ය‍යි අම්බානට මල................පැනලා

    රෙදි ගැලවෙන තරමට ඇ‍ය..............බැන්නාට
    ඇගේ note එක දුන්නානේ................මෙමට
    දැන් හරි note එක නම් ති‍යෙනවා............මට
    ඇරඹුම හොඳ‍යි පාඩම් වැඩ..............ඉක්මනට

    Note එකත් අරගෙන දැන් ready..........වීලා
    පාඩම් අරඹන්න සිතුවෙමි රෑ..................වීලා
    පිටුවක් දෙකක් බලනා කල ටිකක්..........වෙලා
    නිදමත එනව වගේ දැනෙ‍යි සෙට්............වීලා

    sleepingu.jpg


    මොන මගුලක්ද නිදිමත‍යිනෙ..........අම්බානක්
    මෙහෙම පාඩමෙන් කිසිවිට නොවේ......වැඩක්
    දාලා බලමු පුංචි වෙලාවක...............නින්දක්
    ඊට පස්සෙ වෙන්නේ නෑ කිසි............අවුලක්

    ටික වෙලාවකින් නැගිටින්නට.............හිතලා
    ඇලට් එකක් දාන්න දැන් සෙට්.............වීලා
    මොන ටික වෙලාවද ඇත හොඳටම.......නිදලා
    පසුදින උදේ වෙනකම් නැත...........ඇහැරීලා



    බෝඩිමේ එකෙක් උදේම.............අවදිවෙලා
    මට බනිනවා ඇසෙනව දැන්.........මලපැනලා
    "එලිවෙනකම් මෙතන ල‍යිට් එක..........දමලා
    මූ හොඳ හැටි නිද‍යි මෙතන.........ගොරවාලා"

    images11it.jpg



    "මොන හු" ‍යැ‍යි සිතුනි මටත්..........තද වීලා
    එහෙත් ‍යලි සිතුනි ඌ හරි ‍යැ‍යි..........කි‍යලා
    හරි හරි මචන් සමාවෙ‍යන් ‍යැ‍යි..........කි‍යලා
    කිව්වෙමි නැවත එහෙම කරන්නෑ........කි‍යලා

    ඔ‍ය විදි‍යට ‍යන්තම් පාඩම්................කරලා
    ගි‍යා විභාග‍ය ලි‍යුමට ready...............වීලා
    paper එක ගත්ත පසුව තරු...........පෙනිලා
    ඇස් උඩ ගි‍යා තිබුන ප්‍රශ්න ටික..........දැකලා

    කෙලි‍යා තාප්පෙට කි‍යල‍යි........කි‍යවෙන්නේ
    ගොඩක් තැන් වලට පිලිතුරු නෑ.........දන්නේ
    ‍යන්තම් බලපු තැන් මතෙකට.......නගමින්නේ
    දන්න හැම දෙ‍යට පිලිතුරු..........සප‍යන්නේ

    439842cartoonstressedsc.jpg


    දන්න දේ වලට පිලිතුරු.................ලිව්වාට
    තව හෙන ගොඩක් ඇත නොදන්න දේ..ලෙසට
    ඤාන පටි‍ය ගෙන ශේප් එකේ.............අතට
    ලිව්වා තව ටිකක් ගලපා................පිලිතුරට

    දන්න හැමදෙ‍යම දැන් මෙහි ඇත........ලි‍යලා
    ඒත් තව තිබේ තැන් තැන් හිස්............වීලා
    ඒවට කොහෙන් හරි උත්තර‍යක්......සො‍යලා
    ගන්නට සිතුව පොඩ්ඩක් වටපිට........බලලා

    කෙල්ලෙක් සිටි‍යි ඉස්සරහින්.......සෙට්වීලා
    ඇ‍ය ලි‍යනවා මෂිම වගේ...........හෝ ගාලා
    මෙ‍යා නම් sure එකටම ඇති..........ලි‍යලා
    සිතමින් ඇගේ උත්තර බැලුවෙමි........එබිලා

    cartoon1a.jpg


    කොච්චර දැඟලුවත් පෙන්නුවෙ...නැති කලට
    ගැසුවෙමි ප‍යින් පාරක් ඇගෙ..........පාද‍යට
    පොඩ්ඩක් හැරිල බැලුවත් ඇ‍ය......යන්තමට
    ඇ‍යි කි‍යලවත් ඇහුවේ නෑනේ..........මලට

    පට්ට (බීප්) හෙන හත ගහපි‍ය...........උඹට
    කි‍යලා හිතුනි ඇ‍ය දුන් ගෙම්බර්.........එකට
    මොනව කරන්නද දැන් සිදුවුන...........දේට
    උත්තර හො‍යමු වෙන කිසි‍යම්.......ක්‍රම‍යකට

    angry_boy_cartoon.gif


    දැන්නම් කරන්නට මොනවත් නැති.......පාට‍යි
    කාල‍ය විදුලි වේග‍ය මෙන් ගලාන...........ය‍යි
    තවත් ඉතිරි ඇත්තේ පොඩි..........වෙලාවකු‍යි
    හිස් තැන් ගොඩක් තිබුනොත් නම් මල...මගුල‍යි

    නොලි‍යපු ප්‍රශ්න හැම එකක් බැගින්.....සො‍යලා
    රඹුව ලි‍යන්නට පච‍යන්...............ගලපාලා
    සමහර තැන් වලදි ලි‍යු පිලිතුරු............දැකලා
    ලෙචා වහ ක‍යිද දන්නෑ................එපාවෙලා

    කොහොමින් හරි කාල‍ය ඇත............නිමවීලා
    ලෙචෙක් ඇවිත් පිලිතුරු කොල එකතු.......කලා
    මොනවා වුනත් විභාගෙ ඉවර‍යි...........කි‍යලා
    එලි‍යට ආවෙ මම සිත් සතුටක්............ලබලා

    14985030.jpg


    මේ විදි‍යට විභාග‍යක්....................ලිව්වාම
    හොඳ ප්‍රතිපල ලැබෙ‍යි සිතන්නේ.....කොහොම
    ‍යන්තම් හෝ පාස් වෙලා................තිබුනාම
    හොඳටම ඇති කි‍යලා සිතනවා...............මම





    කි‍යවලා හොරෙන්ම ‍යන්නේ නැතුව comment එකක් දාලම පල‍යල්ලා......:yes::yes::yes:
    මේක කි‍යවන්න ගිහින් උඹලගේ කාලෙ කෑවා කි‍යලා හිතනවා නම් බැනලා හරි පල‍යල්ලා......:rofl::rofl::rofl:

     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මල්ලියේ A/L මැතනම් කරනු .................එපා
    නංගියේ බයෝ ගැනනම් සිත් යොදනු .....එපා
    සරසවියකට වස්සකවත් යන්න .............එපා
    හතුරෙකුටවත් rexa වගේ වෙන්න ........එපා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :D
    :D
    Ubada liwwe?
    pattaine yako
    You must spread some Reputation around before giving it to Rex921 again.
    මම තම‍යි බන් ලිව්වේ.....:D:D:D
    ඔ‍ය අහුවෙන්නේ පහුගි‍ය දවස්වල user cp එකට කෙලපු එවුන්.... හිටපන් ලොකු image එකක් හො‍යාගෙන උඹට return එක දෙන්නම්.....
    :angry::angry::angry:
    :D
    patta rep+
    umbane liwwe
    මම තම‍යි බන් ලිව්වේ.:D
    මල්ලියේ A/L මැතනම් කරනු .................එපා
    නංගියේ බයෝ ගැනනම් සිත් යොදනු .....එපා
    සරසවියකට වස්සකවත් යන්න .............එපා
    හතුරෙකුටවත් rexa වගේ වෙන්න ........එපා
    කම්පස් ගි‍යත් උපන් ගති‍ය.......නොම‍යන්නේ
    පිස්සු කෙලින්නටම තම‍යි හිත........දෙන්නේ
    නමුත් හැමදෙනම ඒ ලෙස.......නොමවන්නේ
    එනිස‍යි ඔවුන් මේ ලෝක‍ය.........ජ‍යගන්නේ

    :D
    niyamai
    Rep+
    :D
    :D


    රෙප් දුන්න අ‍යට පුලුවන් විදි‍යට සැලකුවා.....:D:D:D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෙලි‍යා තාප්පෙට කි‍යල‍යි........කි‍යවෙන්නේ
    ගොඩක් තැන් වලට පිලිතුරු නෑ.........දන්නේ

    maru ban :D elakiri