මෙවර ඔහු මා අනෙක් පසට පෙරළුවේ තනිවමය. එසේ කලේ, ඔහු ජිම් එකේදී වඩා ගත් තමාගේ මිස්ටර් ස්ට්‍රෝං-බෝයි මස්පිඩු පාවිච්චි කිරීමේ ආශාවෙන් යුතුව බව මට ඒකාන්තය. මෙයින් සර්ප දශ්ට කිරීමේ සලකුණු ආදිය මුළුවනින්ම නොපෙනී ගියේය. මා නැවතත් ෆ්ලොරසන්ට් ආලෝකය දෙස බලා සිටින මල මිනියක් බවට පත්විය. පීටර් මගේ දර්ශන පථයෙන් ඉවත් වූවේය. 'හම්ම්' ශබ්ධයක් ඇරඹුනු අතර, ට්‍රොලිය යටි අතට නැවෙන්නෙට විය. ඒ ඇයි දැයි මා දැන සිටියෙමි. ඔවුන් මා කපන විට ගලන රැධිරය සහ ඕජස් යටි අතට ගලා යා යුතු වූ අතර, ට්‍රොලියෙහි පාදමෙහි ඇති වලට ඒවා එකතු විය යුතුය. ඉන්පසු මේවා පරීක්ෂණ පිනිස ඔගස්ටාවේ ඇති පරීක්ෂනාගාර වෙත යැවෙයි. මට ඕනෑ වූ එකම දෙය වූයේ, සෙනසුරාදා සවස ගොල්ෆ් සිදුරැ දහ අටක් සෙල්ලම් කිරීම පමනක් වූ අතර, එහෙත් ඒ වෙනුවට දැන් මා පියයුරැ වෙනුවට පපුවේ මයිල් ඇති නිදි කුමාරිය බවට පත් වී ඇත. මා දෑස වසාගත් අතර, කෲර කතුර මගේ බඩ තුලට කිදා බසින විට මට දැනෙනු ඇති අන්දම කල්පනා කිරීම නැවැත්වීමට මගේ සිත එකග නොවීය.
පීට් අත ක්ලිප්බෝඩය තිබූ අතර, ඔහු එය කියවා බලා පසෙකින් තබා මයිකයට කතා කරන්නට විය. දැන් ඔහුගේ හඩ බියසුළු දෘඩ ස්වරයක් ගෙන තිබුනි. ඔහු තමාගේ ජීවිතයේ සිදුකල වැරදිම විනිශ්චය සිදු කර ඇති අතර, එහෙත් ඔහු එය නොදන්නේය.
"මරණ පරීක්ෂණය පස්වරැ 5:49 ට ආරම්භ කෙරැණි" හේ කීය. "දිනය, 1994, අගෝස්තු 20, සෙනසුරාදා."
අස්සයෙකු මිලදී ගන්නට යන්නාක් මෙන්, ඔහු මගේ තොල් අල්ලා ඉහල පහලට ඇද බැලූ අතර, ඉන්පසු මගේ හක්ක පහතට ඇද්දේය. "වර්ණය ස්වාභිවිකයි. කම්මුල් රතු වී නැත (මෙසේ වන්නේ සම ඇතුලතින් රැධිර වහනය වී ඇත්නම්ය)". ඔහු සංගීතය නතර කිරීමට තම පාදයෙන් 'පෝස්' බොත්තම එබූ අතර, එයින් ක්ලික් හඩක් ඇති විය. "අම්මපා මේ මිනිහට තාමත් පණ තියනවා වගේමයි මට පේන්නේ!"
මම සියළු ශක්තිය යොදා 'හම්' හඩක් පිටකල අතර, ඒ මොහොතේම දොස්රවරිය ඇද පෝච්චියක් වැනි දෙයක් බිම දැමුවාය. "මිනිහ නම් එහෙම හිතනවා ඇති" යැයි ඈ කීවේ සිනාසෙමිනි. ඔහුද සිනාසීමට පටන් ගත් අතර, මෙවර මා පැතුවේ ඔවුන්ට පිලිකා සැදේවායි කියාය -- ශෛල්‍යකර්මයකින් ඉවත් කල නොහැකි, දිගු කලක් පවතින යමක්.
ඔහු මගේ පපු ප්‍රදේශය අල්ලා බැලුවේය. "රතු වීමක්, ඉදිමීමක්, හෝ හෘදයාබාදයක සලකුනක් පිටතින් දැකිය නොහැකිය" ඔහු කීය. මොන පුදුමයක්ද, හු***. ඉන්පසු මගේ බඩ පෙදෙස තදකොට බැලීය.
මම රාමතෙල් ඇරියෙමි.
ඔහු මා දෙස බැලූ අතර, ඔහුගේ දෑස් විශාල වී, ඔහුගේ යටි හක්ක මදක් පහලට එල්ලී ගියේය. මා සිදුකල ශබ්ධයෙන් ඇතැම් විට ඔහු තමා ඉදිරි පිටම ඇති දෙය අවසානයේ වටහා ගනු ඇත.
"බය වෙන්න එපා," දොස්තර ආර්ලේන් නැමති අර බැල්ලිය මා පිටුපස සිට කියා සිටි අතර, ඉන්පසු කෙකර ගාන්නාක් වැනි කැකිරි පැලීමක් පිටකලාය. "මරණ පරීක්ෂණ වලදි මල මිනී ඔහොම සද්ද දානවා."
ඔහු තම මුහුන ඉදිරිපිට ඇති වාතය අතින් වනා ඉවත් කරමින්, තමා සිදුකරමින් සිටි දෙය නැවත පටන් ගති. ඔහු මගේ රහස් පෙදෙස නොඇල්ලූ තරම් වූ නමුත්, මගේ කලවය පිටුපස ඇති තුවාල කැලල මගේ කකුල ඉදිරිය කරාද දිවෙන බව මයිකයට කියා සිටියේය. එහෙත් උඹට ඇත්ත තුවාලය මග ඇරැනා. ඒක තියෙන්නේ උඹ බලන තැනට ටිකක් උඩින්, බේ-වොච් කොල්ලෝ. ඔහු මයිකයට මතුරාගෙන මතුරාගෙන ගිය අතර, ඔහුගේ සහකාරියට පටිගත වන ටේපය ආපසු කැරකැවීමේ අවශ්‍යතාවයක් ඇති වූයේ නැත -- මන්දයත්, පෙරිකාර්ඩියල් කැපුමට ලක් වීමට නියමිත පුද්ගලයා ජීවතුන් අතර සිටීමේ සිද්ධිය හැර, කොළුවා තම වැඩය නියමාකාරයෙන් සිදු කරන බැවිනි.
අවසානයේදී හේ මෙසේ කීය "ඩොක්ටර්, හරි මම වැඩේ පටන්ගන්නම්" එහෙත් ඔහුගේ හඩ අස්ථිරය.
ඈ පැමින, මා දෙස යන්තමින් බලා, පිට් ගේ උරිස මිරිකුවාය. "හොදමයි." ඈ කියපි, "වැ-ඇ-ඩේ කර-අ-මු බලන්-ට!"
ක්‍රෝධයෙන් පිපිරී ගිය මා, කුඩා දරැවෙකු මෙන් මගේ දිව එලියට දමන්නට තැත් කලෙමි. එවිට, උග්‍ර නෝවකේන් එන්නතක බලය අඩු වී යන විට දැනෙන්නාක් මෙන්, මගේ තොල් වල යටි අග්රයෙහි සියුම් කිතිකැවෙන සංවේදනයක් දැනී ගියේය. ඒ සමගම කුඩා ගැස්මක්. නැත. ඒ හිතළුවක් පමනක් විය යුතුය.
එසේය! මා දෙවැනි වර උත්සාහ කරන විට එම හැගීම නැවත පැමිනියේ නැත.
පීටර් කතුර තම අතට ගනිද්දී, රෝලිං ස්ටෝන්ස් කණ්ඩායම "Hang Fire" ගීතයට මාරැ විය.
මගේ නාහෙට කෙලින් කණ්නාඩියක් අල්ලාපියව්කෝ! මා ඔවුන් වෙත කෑ ගෑවෙමි. අල්ලලා, එකේ දුම් බැදෙන හැටි බලපියව්කෝ! තොපිට අඩුගානේ එ්ක වත් කරන්ඩ බැරිද?
ස්නික්, ස්නික්, ස්නිකටි ස්නික්. කතුර හඩ නැගීය.