මරණ පරීක්ෂණ කුටිය 4

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    පීට් කතුර ඇල කලෙන්, එය හරහා ආලෝකය දිවගියේය. එවිටය මට සැබවින්ම පලමු වන වරට වැටහී ගියේ, මෙම උමතු ක්‍රීඩාව එහි අවසානය දක්වා දිව යන බව. එහි උච්ච තැන් දැක්වීමට රෑප රාමු නැවතී නොතිබෙනු ඇත. තරග විනිශ්චයකරැ දහ වැනි රවුමේදී සටන නොනවත්වනු ඇත. අතර මගදී වෙළද දැන්වීම් පිනිස ක්‍රීඩාව මදකට නතර නොවනු ඇත. තැපැල් පාර්සලයක් විවර කරන්නක් මෙන්, අවසානය දක්වා නොනැවතී පීටි-බෝයි මා කපා දෙපළු කරනු ඇත.

    ඔහු දොස්තර ආර්ලේන් දෙස දෙගිඩියාවෙන් යුතුව බැලුවේය.

    එපා! මගේ කෑගැසීම මගේ මොලයෙහි අදුරැ බිත්ති වල වැදී දෝංකාර දුන්නේය. එපා! දෙයියන්ගේ නාමෙන් එපා!

    ඈ හිස සැලුවාය. "වැඩේ පටන්ගන්න. ඕක හිතන තරම් අමාරැ නෑ"

    "සිංදුව නවත්තලා දාන්නද?"

    ඔවු ඔවු! ඒක නවත්තපල්ලා!

    "මියුසික් එක අවුල්ද?"

    ඔවු බොල, උට අවුල් තමා! සිංදුව තමා උගේ ඔළුව නරක් කරලා, ඌ මාව මල මිනියක් කියලා හිතන්නේ!

    "අනේ මන්ද.."

    "නවත්තලා දාමු." ඈ මගේ ඇස් මානයෙන් ඉවත් ව ගිය අතර, මොහොතකට පසු මික් සහ කීත් ඇන හිටියේය. දැන් මා අර හම්ම් ශබ්ධය නැවතත් සිදු කිරීමට උත්සාහ කලද, මගේ ඉමහත් භීතියට හේතුවන පරිදි, දැන් මට එයද කල නොහැකි බව මට වැටහිනි. භීතියෙන් මගේ උගුරේ හඩ තන්තු මිදී ගොස් ඇත.

    "තෑන්ක්ස්" හේ කියයි. ඉන්පසු ඔහු ගැඹුරැ හුස්මක් ගෙන කතුර ඉහලට ඔසවයි. "පෙරිකාර්ඩියල් කැපුම ආරම්භ කිරීමට සූදානම්ය"

    ඔහු සෙමින් කතුර පහලට ගෙන ආවේය. මා එය දුටිමි.. දුටිමි... ඉන්පසු එය මගේ දෘෂ්ටි පථයෙන් අතුරැදන්ව ගියේය. මොහොතකට පසුව මට දැනුනේ, සීතල යකඩ තලය මගේ නග්න උදරයේ උඩට වන්නට රැදී තිබෙන සැටිය.

    ඔහු නැවතත් ඈ දෙස සැකයෙන් මෙන් බැලුවේය.

    "පීටර්. ඔයාට ෂුවර්ද දොස්තර රස්සාව ඔයාට ගැලපෙනවායි කියලා?" ඈ කීවේ තරමක දැඩි ස්වරයෙනි.

    "ඔවු"

    "එහෙනම් ඉතින් කපන්න."

    ඔහු හිස සලයි. ඔහුගේ තොල් තදවී යයි. මට දෑස් වසා ගැනීමට උවමනා වූ නමුත්, මට එය පවා කල නොහැකිය. මට කල හැකි එකම දෙය වූයේ, තව මොහොතකින් දැනෙනු ඇති වේදනාවට මගේ සිත යකඩයක් මෙන් තද කර ගැනීම පමනි.

    "කැපීම සිදුකරනවා." ඔහු ඉදිරියට නැවෙමින් කියා සිටියේය.

    "හෝව්! පොඩ්ඩක් ඉන්ඩ" ඈ කෑගෑවාය.

    මගේ බඩ මත තිබූ ලෝහමය ඇනුම මදකින් ලිහිල් වී ගියේය. ඔහු දැන් හැරී ඈ දෙස බලයි -- විමතියට, වික්ෂිප්තයට, සහ ඇතැම් විට කැපීමේ මොහොත මදකින් ප්‍රමාද වීම ගැන සතුටට පවා පත්ව.

    දැන් මට හැගුනේ, ඇගේ රබර් අත් ආවරණ සහිත අත මගේ ශිෂ්ණය වටා ලිස්සා එතී යන ආකාරයයි -- එය උත්තේජනය කිරීමට යන්නාක් මෙන්. මලවුන් සමග කරන ආරක්ෂිත සම්භෝගය. දැන් ඈ මෙසේ කියන්නීය "මේක දැක්කෙ නැද්ද, පීට්?"

    ඈ සොයාගෙන ඇත්තේ කුමක් දැයි ඔහු නැවී බලයි. ඒ මගේ යටි බඩෙහි අසල, මගේ උඩු කලවය මත ඇති තුවාලයයි. වීදුරැ වැනි වූ එය මාංශය තුලට විවර වී නොතිබිනි.

    මගේ ලිගුව තවමත් ඇගේ අතේය. ඈ එය තුවාලය බැලීම පිනිස අහකට අල්වාගෙන සිටින්නීය. ඈ සිදුකරන්නේ එපමනය. ඈ එය අල්වාගෙන සිටින්නේ, සෝෆා කුෂන් මෙට්ටයක් යට සැගවී තිබුනු දෙයක් (ඇතැම් විට නැතිව තිබූ මුදල් පර්සයක්) බැලීම පිනිස මෙට්ටය ඉහලට ඔසවාගෙන ඉන්නවාක් සේ මිස වෙනත් හේතුවක් පිනිස නොවේ. ඒ වුනද කිසිවක් සිදුවෙමින් තිබිනි.

    හත්වලාමේ, කිසියම් දෙයක් සිදුවෙමින් තිබිනි.

    "මේ බලන්ඩ" ඈ කියයි. ඇගේ ඇගිල්ල ම‍ෙගේ දකුණු වෘෂණයේ තිබූ කිති කැවෙන ඉරක් පිරිමදී. "මේ කෙස් ගහක් වගේ හීනි කැලැල් දිහා බලන්න. මෙයාගේ ටෙස්ටස් (ශුක්‍ර නිපදවන අණ්ඩ-කෝෂ) ග්‍රේප්-පෲට් ගෙඩියක් (දොඩම් ගෙඩියකට සමාන කහ පැහැති විශාල පලතුරක්) තරමට ඉදිමිලායි ඇත්තේ, බන්.

    "උඹේ... උඹේ... පල්ලා" යැයි කියමින්, ඈ කාමය ඇති කරවන සුළු සිනාවකින් ඔහු වෙත සිනාසෙයි.

    ඇගේ අත බුරැල්ව ගිය අතර, එය චලනය වූයේය. ඉන්පසු එය තද බවකින් යුතුව පහලට තල්ලුවක් දුන්නේ, කැලැල් වඩාත් හොදින් නැරඹීමටය. ඈ දැන් නොදැනුවත්ව සහ නොමිලයේ සිදු කරන්නේ, වෙනත් අවස්ථාවකදී නම් ඔබට ඩොලර් විසි පහක් හෝ තිහක් වැය වෙන වැඩකය. මේක යුද්දෙදි ඇති වුනු තුලුවලයක්, මම හිතන්නෙ. පීට්, අර කාචේ මෙහාට දෙන්න"

    "ඒත් මම.."

    "තව තප්පරයයි." ඈ කියපි. "මෙයා කොහෙවත් යන් නෑ නොවැ." ඈ තමා සොයාගත් දෙයට මුළුමනින්ම සමවැදී සිටියාය.
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    ඇගේ අත තවමත් මගේ රහසග මතට තෙරපී ඇත. එසේම සිදුවෙමින් පවතින දෙය තවමත් සිදුවන බව මට දැනෙයි. ඇතැම් විට එයද හුදු හිතළුවක් වීමට ඉඩ තිබුනි. මන්දයත්, එසේ සිදුවූවා නම් ඔහු එය දකිනු ඇත. එමෙන්ම ඈට එය දැනෙනු ඇත.

    ඈ පහතට නැවුනු අතර, දැන් මට පෙනෙන්නේ ඇගේ කොල පැහැති පිට පමනය. ඇගේ හිස් ආවරණයෙහි පටි, ඇගේ පිට දිගේ පහලට වැගිරැනේ සිහින්ව ගෙතූ හිසකෙස් කැරලි මෙනි. දැන්, අම්මපල්ලා, ඇගේ හුස්ම මගේ ලිගුවෙහි යට කොටසට වදිනු මට දැනී ගියේය.

    "බලන්ඩකො කැලල පිටට රැලි රැලි ගිහින් තියන හැටි. ඈ කියයි. "මේක බෝම්බයක් වගේ දෙයක් පිපිරිලා හැදුනු එකක්. අවුරැදු දහයක් විතර පරන ඇති. අපට මෙයාගේ මිලිටරි රෙකෝඩ් චෙක් කරලා බලන්න පුළුවනි"

    හදිසියේම දොර දබාං ගා විවරව ගියේය. පීට් විමතියෙන් හඩක් පිටකලේය. එහෙත් ආර්ලේන් නිසලව සිටි අතර, ඇගේ අත නොදැනුවත්වම මගේ ලිගුව වටා තද බද වී ගියේය. එය දග නර්ස්වරියගේ පැරනි ෆැන්ටසි කතාවේ අනුවර්ථනයක් මෙන් විය.

    "මෙයාව කපන්ඩ එපා!!" කිසිවෙකු මොරදුන්නේය. ඔහුගේ හඩ කොතරම් උස් වූයේද කියතහොත්, ඒ රස්ටි බව මට හදනාගත නොහැකි විය. "කපන්ඩ එපා. මෙයාගේ ගොල්ෆ් බෑග් එකේ සර්පයෙක් හිටියා. ඌ මයික් ට දශ්ට කලා!"

    ඔවුන් ඔහු දෙස හැරැනු අතර, ඔවුන්ගේ දෑස් විශාල වී ගොස්, ඔවුන්ගේ හකු පාඩා පහලට ඇරී ගොස්ය. ඈ තාමද මගේ රහසගින් අල්ලාගෙන සිටි අතර, නමුත් දැන් තමා එසේ කරමින් සිටින බවක් ඈට අමතකව ගොස්ය -- ටික වේලාවකට හෝ.

    "මොන.. මොකක්ද උඹ..." පීට් මග නැවතුනේය.

    "මයික් බිමට පත බෑ උනා!" රස්ටි ගොත ගසමින් කීයේය. "ඌට එච්චර අමාරැවක් නැතිවෙයි. හැබැයි උට දැන් නම් කතා කරගන්න වත් බෑ! පොඩි දුඹුරැ පාට සර්පයෙක්. මම ජීවිතේට දැකල නෑ එහෙම සර්පයෙක්. ඌ බඩු බාන තැන යටට රිංගුවා. ඒ වුනාට ඒක නෙමේ වැඩේ! මම හිතන්නේ ඌ අපි ගෙනාව මිනිහටත් කාලා -- මාර පරිප්පුව, ඩොක්. මොකෑ ඔය කරන්නේ? මිනිහව අතුල්ලලා පණ ගන්ඩ හදනවද?"

    මුලින්ම ඔහු කියන්නේ කුමක් දැයි නොදැන, තෝන්තුවෙන් ඈ අවට බැලුවාය... අවසානයේදී ඈ දුටුවේ තමා පොල්ලක් මෙන් ඍජුව ගිය ශිෂ්ණයක් මිරිකාගෙන සිටින බවය. දැන් ඈ කෑ ගා ගෙන පීට් ගේ අතින් කතුර උදුරා ගන්නා විට, මට සිහිවූයේ අර පැරනි ඇල්ප්‍රඩ් හිච්කොක් ගේ චිත්‍රපටයයි.

    අසරණ ජෝශප් කොටන්, මට සිතිනි.
    ඔහුට තිබූ එකම ක්‍රමය වූයේ කදුළු සැලීම පමනි.

    නිමි.
    ---------

    මෙහි කතෘ ගේ පසු වදන, මට හැකි වුවහොත් පෝස්ට් කිරීමට බලාපොරෙත්තු වෙමි.

    ---------

    ස්ටීවන් කිං:

    Image%2B050.jpg


    Image%2B051.jpg


    Image%2B052.jpg


    Image%2B053.jpg

     

    OKman

    Junior member
  • Jul 20, 2015
    197
    13
    18
    we done. Your translation is perfect. although i red the English version, I really enjoyed your story.
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    we done. Your translation is perfect. although i red the English version, I really enjoyed your story.

    Thanks. I've altered the English version a bit to fit the sinhala readers.

    Have you read "Green Mile"? Also by SK. And the "Dark Tower" trilogy? -- It's the best of SK. Far better than Lord of the Rings trilogy, i would say.
     
    Last edited:
    • Like
    Reactions: hmv

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අම්මටසිරි..:shocked:
    ඒ කියන්නෙ ඇත්තටම පණ තිබිලා නේද..?

    පටන් ගත්ත තැන ඉඳලම කුතුහලෙන් කියවන් ආව කතාවක්.. මරුවට පරිවර්තනය කරල තියෙනව..:cool:
    පට්ට...
    11.gif
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    අම්මටසිරි..:shocked:
    ඒ කියන්නෙ ඇත්තටම පණ තිබිලා නේද..?

    පටන් ගත්ත තැන ඉඳලම කුතුහලෙන් කියවන් ආව කතාවක්.. මරුවට පරිවර්තනය කරල තියෙනව..:cool:
    පට්ට...
    11.gif

    තැන්කූ කියෙව්වට :)

     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම මුල ඉදලා කතාව බැලුවා.
    ඉතාම දක්ෂ විදිහට පරිවර්තනය කරලා අපිත් එක්ක බෙදාගත්තට ස්තූතී‍. :)
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    මම මුල ඉදලා කතාව බැලුවා.
    ඉතාම දක්ෂ විදිහට පරිවර්තනය කරලා අපිත් එක්ක බෙදාගත්තට ස්තූතී‍. :)

    ස්තූතියි. සිංහලේට ගැලපෙන විදියට ලියුවා. :)