පීට් කතුර ඇල කලෙන්, එය හරහා ආලෝකය දිවගියේය. එවිටය මට සැබවින්ම පලමු වන වරට වැටහී ගියේ, මෙම උමතු ක්රීඩාව එහි අවසානය දක්වා දිව යන බව. එහි උච්ච තැන් දැක්වීමට රෑප රාමු නැවතී නොතිබෙනු ඇත. තරග විනිශ්චයකරැ දහ වැනි රවුමේදී සටන නොනවත්වනු ඇත. අතර මගදී වෙළද දැන්වීම් පිනිස ක්රීඩාව මදකට නතර නොවනු ඇත. තැපැල් පාර්සලයක් විවර කරන්නක් මෙන්, අවසානය දක්වා නොනැවතී පීටි-බෝයි මා කපා දෙපළු කරනු ඇත.
ඔහු දොස්තර ආර්ලේන් දෙස දෙගිඩියාවෙන් යුතුව බැලුවේය.
එපා! මගේ කෑගැසීම මගේ මොලයෙහි අදුරැ බිත්ති වල වැදී දෝංකාර දුන්නේය. එපා! දෙයියන්ගේ නාමෙන් එපා!
ඈ හිස සැලුවාය. "වැඩේ පටන්ගන්න. ඕක හිතන තරම් අමාරැ නෑ"
"සිංදුව නවත්තලා දාන්නද?"
ඔවු ඔවු! ඒක නවත්තපල්ලා!
"මියුසික් එක අවුල්ද?"
ඔවු බොල, උට අවුල් තමා! සිංදුව තමා උගේ ඔළුව නරක් කරලා, ඌ මාව මල මිනියක් කියලා හිතන්නේ!
"අනේ මන්ද.."
"නවත්තලා දාමු." ඈ මගේ ඇස් මානයෙන් ඉවත් ව ගිය අතර, මොහොතකට පසු මික් සහ කීත් ඇන හිටියේය. දැන් මා අර හම්ම් ශබ්ධය නැවතත් සිදු කිරීමට උත්සාහ කලද, මගේ ඉමහත් භීතියට හේතුවන පරිදි, දැන් මට එයද කල නොහැකි බව මට වැටහිනි. භීතියෙන් මගේ උගුරේ හඩ තන්තු මිදී ගොස් ඇත.
"තෑන්ක්ස්" හේ කියයි. ඉන්පසු ඔහු ගැඹුරැ හුස්මක් ගෙන කතුර ඉහලට ඔසවයි. "පෙරිකාර්ඩියල් කැපුම ආරම්භ කිරීමට සූදානම්ය"
ඔහු සෙමින් කතුර පහලට ගෙන ආවේය. මා එය දුටිමි.. දුටිමි... ඉන්පසු එය මගේ දෘෂ්ටි පථයෙන් අතුරැදන්ව ගියේය. මොහොතකට පසුව මට දැනුනේ, සීතල යකඩ තලය මගේ නග්න උදරයේ උඩට වන්නට රැදී තිබෙන සැටිය.
ඔහු නැවතත් ඈ දෙස සැකයෙන් මෙන් බැලුවේය.
"පීටර්. ඔයාට ෂුවර්ද දොස්තර රස්සාව ඔයාට ගැලපෙනවායි කියලා?" ඈ කීවේ තරමක දැඩි ස්වරයෙනි.
"ඔවු"
"එහෙනම් ඉතින් කපන්න."
ඔහු හිස සලයි. ඔහුගේ තොල් තදවී යයි. මට දෑස් වසා ගැනීමට උවමනා වූ නමුත්, මට එය පවා කල නොහැකිය. මට කල හැකි එකම දෙය වූයේ, තව මොහොතකින් දැනෙනු ඇති වේදනාවට මගේ සිත යකඩයක් මෙන් තද කර ගැනීම පමනි.
"කැපීම සිදුකරනවා." ඔහු ඉදිරියට නැවෙමින් කියා සිටියේය.
"හෝව්! පොඩ්ඩක් ඉන්ඩ" ඈ කෑගෑවාය.
මගේ බඩ මත තිබූ ලෝහමය ඇනුම මදකින් ලිහිල් වී ගියේය. ඔහු දැන් හැරී ඈ දෙස බලයි -- විමතියට, වික්ෂිප්තයට, සහ ඇතැම් විට කැපීමේ මොහොත මදකින් ප්රමාද වීම ගැන සතුටට පවා පත්ව.
දැන් මට හැගුනේ, ඇගේ රබර් අත් ආවරණ සහිත අත මගේ ශිෂ්ණය වටා ලිස්සා එතී යන ආකාරයයි -- එය උත්තේජනය කිරීමට යන්නාක් මෙන්. මලවුන් සමග කරන ආරක්ෂිත සම්භෝගය. දැන් ඈ මෙසේ කියන්නීය "මේක දැක්කෙ නැද්ද, පීට්?"
ඈ සොයාගෙන ඇත්තේ කුමක් දැයි ඔහු නැවී බලයි. ඒ මගේ යටි බඩෙහි අසල, මගේ උඩු කලවය මත ඇති තුවාලයයි. වීදුරැ වැනි වූ එය මාංශය තුලට විවර වී නොතිබිනි.
මගේ ලිගුව තවමත් ඇගේ අතේය. ඈ එය තුවාලය බැලීම පිනිස අහකට අල්වාගෙන සිටින්නීය. ඈ සිදුකරන්නේ එපමනය. ඈ එය අල්වාගෙන සිටින්නේ, සෝෆා කුෂන් මෙට්ටයක් යට සැගවී තිබුනු දෙයක් (ඇතැම් විට නැතිව තිබූ මුදල් පර්සයක්) බැලීම පිනිස මෙට්ටය ඉහලට ඔසවාගෙන ඉන්නවාක් සේ මිස වෙනත් හේතුවක් පිනිස නොවේ. ඒ වුනද කිසිවක් සිදුවෙමින් තිබිනි.
හත්වලාමේ, කිසියම් දෙයක් සිදුවෙමින් තිබිනි.
"මේ බලන්ඩ" ඈ කියයි. ඇගේ ඇගිල්ල මෙගේ දකුණු වෘෂණයේ තිබූ කිති කැවෙන ඉරක් පිරිමදී. "මේ කෙස් ගහක් වගේ හීනි කැලැල් දිහා බලන්න. මෙයාගේ ටෙස්ටස් (ශුක්ර නිපදවන අණ්ඩ-කෝෂ) ග්රේප්-පෲට් ගෙඩියක් (දොඩම් ගෙඩියකට සමාන කහ පැහැති විශාල පලතුරක්) තරමට ඉදිමිලායි ඇත්තේ, බන්.
"උඹේ... උඹේ... පල්ලා" යැයි කියමින්, ඈ කාමය ඇති කරවන සුළු සිනාවකින් ඔහු වෙත සිනාසෙයි.
ඇගේ අත බුරැල්ව ගිය අතර, එය චලනය වූයේය. ඉන්පසු එය තද බවකින් යුතුව පහලට තල්ලුවක් දුන්නේ, කැලැල් වඩාත් හොදින් නැරඹීමටය. ඈ දැන් නොදැනුවත්ව සහ නොමිලයේ සිදු කරන්නේ, වෙනත් අවස්ථාවකදී නම් ඔබට ඩොලර් විසි පහක් හෝ තිහක් වැය වෙන වැඩකය. මේක යුද්දෙදි ඇති වුනු තුලුවලයක්, මම හිතන්නෙ. පීට්, අර කාචේ මෙහාට දෙන්න"
"ඒත් මම.."
"තව තප්පරයයි." ඈ කියපි. "මෙයා කොහෙවත් යන් නෑ නොවැ." ඈ තමා සොයාගත් දෙයට මුළුමනින්ම සමවැදී සිටියාය.