මරනයට පෙර ස්වභාව ධර්මයේ අනතුරු ඇගවීම්

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,880
    1,329
    113
    මේ ළගදි අපි අදුරන ආච්චි කෙනෙක් නැති උනා.
    අපේ ආච්චි මැරෙන දවදේ එක පාරක් නාගෙන මදි කියල හිතිලා ආයෙත් පාරක් නාගෙන, ඊට පස්සේ දුවෙක් ගෙන් තේකක් ඉල්ලලා ඒක ගේන කොට ඔලුව කඩාගෙන ඉන්නවාලු. වළලන දවසේ මිනීපෙට්ටියේ සමනල්ලු වහල හිටියලු :baffled:

    කලු පාට සමනල්ලු curtains වල වහලා හිටියා දවස් හතක් වගේ යනකම්
    Mehema experience ekak mage achchitath wela uda post kala
    ------ Post added on Jul 22, 2024 at 6:55 AM
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    තාත්තා අසනීප වෙලා ඉස්පිරිතාලේ එක්කන් ගියා..හයිවේ එකේදී ..
    කුරුල්ලෙක් දඩස් ගාලා වැදිලා මැරිලා ගියා
    ඒක සයින් එකක් කියලා මට ඒවලේ දැනුනා..මම මුකුත් කිව්වේ නෑ.ඒ ගැන
    ඩ්‍රයිවර් කිව්වා, ඒක සාමාන්‍ය දෙයක් කියලා..මමත් ඒකට ඔව් කිව්වා
    ඒත්, ඊට දවස් 04 ට පස්සේ තාත්තා නැතිවුනා..
    මට හිතෙන්නම , ඒ සොබා දර්මයෙන් දුන්න මැසේජ් එකක් කියලා..
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,057
    8,896
    113
    Cenon
    cenon.com
    gambada aya dannawa, kumburu haraha nariyo gam wadila rata hu kiwwoth aniwa game maranayak wenawamai sathiyak athulatha.
    eka gamen gamata wenas. mage achchi ge gama Labugama, ehe ra iddi ahuna eka dawasak seen eka. nari kuburu wala wakkadawal wala kakkutto kanna enawalu but un gamata enne na ballo inna nisa eth un enawa mokak hari hethuwak nisa. attatama durlaba awasthawak.
    wahana wala kurullo wadina seen ekath ahala tynwa.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    උලමා කෑගහන එක
    මහ අමුතු මූසල සද්දයක් එන්නේ පාලු කැලයක් පැත්තෙන්
    jaw drop වෙන සද්දයක් ඒක :shocked:

    මං grade 8 වල ඉන්නකොට ආච්චි නැති වුණා, ඊටකලින් දවසේ ඔය සද්දේ ඇහුණා මතකයි
    මේ ගිය දෙසැම්බර් වල ආයේ ඒ සද්දේ ආවා; විනාඩි විස්සකට පස්සේ වගේ calls ආවා ලොකු සාධු අපවත් වෙලා
    තාම මතකයි මං Dishonored play කර කර හිටියේ :D

    scientifically කියන්න නොදනි, ඔය සද්දේ මේ පැත්තේ හැම මල ගෙදරකටම ඇවිල්ලත් නැහැ
    හැබැයි වෙන දවස්වල ඇහෙන්නෙත් නෑ:eek:

    Google කරලා බලන්න articles එහෙම ඇති

    චූටි කොලේ මට මතකයි ඔය සද්දෙ ඇහෙද්දි සබ්බ පාපස්ස අකරනං.. ගාථාව කියනවා. පුදුමෙ කියන්නේ ඊට පස්සෙ කෑ ගැහිල්ල නෑ.

    දැන් නම් ගමේ කපුටෙක්වත් හොයාගන්න නෑ 🤣 සේරම කැලෑ කපලා බිල්ඩින් ගහලා තියෙන්නේ.
     
    • Like
    Reactions: NRTG

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    මටත් ඒ වගේ අත්දැකීමක් බෙදාගන්න ආවේ. අපේ මාමා මිනිහා මැරෙන්න සතියකට විතර කලින් ඉදන් ඔක්කොම නෑ ගෙවල් වලට ගිහිල්ලා . අපි කවුරුත් දන්නේ නෑ. මල ගෙදරට ආවම තමයි ඒ නෑදෑයෝ කිව්වේ. ගොඩක් දුර් නෑ ගෙවල් වලට පවා මාමා ගිහිල්ලා "ආයෙ අපි කවදා හම්ම්බ වෙයිද " කියලත් ඇවිල්ලා. තව යාලුවෝ සහ එයා බඩු ගත්ත කඩ වල මුදාලලිලා හම්බවෙලා. සමහර අයට නය තිබිලා ඒවත් බේරලා. සුවිප් කඩේ රුපියල් 20 නය තිබ්බ ඒවත් පියවලා. අපි දන්නේ මරනෙට ආපු ඒ මිනිස්සු කිව්වම. හරිම පුදුමයි. මාමා හැමොගෙම්ම සමු අරගෙන මැරෙන්න කලින්. මැරුනේ එල්ලිලා උනාට කබේ සල්ලිත් කඩේට දීලා තිබ්බා

    Sucide karaganna inna ayage hatiyak eka

    ekapara thadi party ehema denawa danna danna unta . yana unta athal unata e denne uge fairwell eka
    wate ayata thagi ehema denwa. aruge thiyena salli or whatever. just relax themself and prepare to go away from the world

    owa signs.
    karana unwa dakkot talk to them and guide them to a professional counseller
     
    Last edited:

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,630
    9,121
    113
    උලමා කෑගහන එක
    මහ අමුතු මූසල සද්දයක් එන්නේ පාලු කැලයක් පැත්තෙන්
    jaw drop වෙන සද්දයක් ඒක :shocked:

    මං grade 8 වල ඉන්නකොට ආච්චි නැති වුණා, ඊටකලින් දවසේ ඔය සද්දේ ඇහුණා මතකයි
    මේ ගිය දෙසැම්බර් වල ආයේ ඒ සද්දේ ආවා; විනාඩි විස්සකට පස්සේ වගේ calls ආවා ලොකු සාධු අපවත් වෙලා
    තාම මතකයි මං Dishonored play කර කර හිටියේ :D

    scientifically කියන්න නොදනි, ඔය සද්දේ මේ පැත්තේ හැම මල ගෙදරකටම ඇවිල්ලත් නැහැ
    හැබැයි වෙන දවස්වල ඇහෙන්නෙත් නෑ:eek:

    Google කරලා බලන්න articles එහෙම ඇති
    Ulama maramu
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    මම බලලා තියෙන දේවල්..
    ගම් වල නන් බල්ලෝ උඩු බුරලනවා..
    වයසක පොරක් මැරුණොත් එක ළග ළඟ මිනී 7 ක් මැරෙනවා..
    මැරිච්ච කෙනා අඩු වයස් හොඳ කෙනෙක් නම් පොද වැස්සක් යනවා භූමදාන කරන දවසට.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113
    අත්දැකීම් තියනවද? පවුලේ කවුරුහරි මැරෙන්න ඉස්සෙල්ලා සෙබාදර්මයෙන් ලැබෙන පණිවිඩ??

    මම අහල තියෙන දේ තමා මැරෙන්න කලින් ඒ මැරුන මනුස්සයට ඒක තේරෙනවා (කෙලින්ම හරි එයාගෙ යටි හිතට subconcious වෙන්න ඇති එ වචයන හරියට ශුවර් නෑ.) ඒ නිසා එයාල කවදාවත් කරපු නැති දේවල් කරනව. පත්තර interview වලත් බලපන් උන් කියනව "මෙයා කවදාවත් නැතුව මෙහම කලා, කිව්වා" කියලා.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    මටත් ඒ වගේ අත්දැකීමක් බෙදාගන්න ආවේ. අපේ මාමා මිනිහා මැරෙන්න සතියකට විතර කලින් ඉදන් ඔක්කොම නෑ ගෙවල් වලට ගිහිල්ලා . අපි කවුරුත් දන්නේ නෑ. මල ගෙදරට ආවම තමයි ඒ නෑදෑයෝ කිව්වේ. ගොඩක් දුර් නෑ ගෙවල් වලට පවා මාමා ගිහිල්ලා "ආයෙ අපි කවදා හම්ම්බ වෙයිද " කියලත් ඇවිල්ලා. තව යාලුවෝ සහ එයා බඩු ගත්ත කඩ වල මුදාලලිලා හම්බවෙලා. සමහර අයට නය තිබිලා ඒවත් බේරලා. සුවිප් කඩේ රුපියල් 20 නය තිබ්බ ඒවත් පියවලා. අපි දන්නේ මරනෙට ආපු ඒ මිනිස්සු කිව්වම. හරිම පුදුමයි. මාමා හැමොගෙම්ම සමු අරගෙන මැරෙන්න කලින්. මැරුනේ එල්ලිලා උනාට කබේ සල්ලිත් කඩේට දීලා තිබ්බා

    Meka pre planned ne bro.
     

    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    සිග්නල් හැමදාම හැම මොහොතෙම එනව උබලට නෝටිස් වෙන්නෙ නෑ. මොකෙක් හරි මැරුනම තමයි ආහ් අහවල් එක වුනේ මේකට අනතරු ඇගවීමකට කියල ගලපගන්නෙ
     

    Rambo5

    Active member
  • Jun 22, 2014
    277
    205
    43
    අපේ තාත්තා රට හිටියේ මම උසස් පෙළ කරලා ඩිප්ලෝමා එකකුත් කරලා ඊට පස්සේ කම්පැනි එකක වැඩට ගියා trainee. මට පොඩි පඩියක් ලැබුනෙ රුපියල් 5000ක් වගේ. කොහොම හරි ලොක්කගෙ ගෙදරින් තමයි ඒ පාර කඨිනය කරේ එතකොට කඨින චීවර ඒ මහන්ඩ ඔෆිස් එකේ වැඩ කරපු හැමෝගෙන්ම සල්ලි එකතු කරා. අම්මා මට දීල තිබ්බ සල්ලි වගේ එකෙන් රුපියල් සීයක් මම දුන්නා.හවස තාත්තා කෝල් කරලා අපිත් එක්ක කතා කර කර ඉන්නකොට මම කිව්ව තාත්තේ අපේ කඨිනය තියෙනවා ඔෆිස් එකේ කට්ටිය තමයි මේ පාර කරන්නේ මම ඉතින් තාත්තගෙ සල්ලි වලින් තමයි ඒකට සල්ලි ගෙව්වේ තාත්තට පින් පිණිස කියලා එතකොට තාත්තා හිනා වෙවී කිව්වා ඇ යකෝ මට පින් පිණිස කියලද kivve මැරිච්ච මිනිස්සුන්ටයි පින් දෙන්න කියලා. කොහොම හරි එදා දවසේ පුදුමාකාර විදිහට අපේ ගෙදර කට්ටිය හිනාවුණා. එදා රෑ දොළහටම තමයි තාත්තා ඇක්සිඩන්ට් එකක් වෙලා හයිවේ එකේ රටදී මැරුණේ. මම තාත්තට ගොඩක් කිට්ටුyi .ඊට සතියකට විතර කලින් මම නිකම්ම ඇඳුමක් ගත්ත සුදු පාta. ගන්න කිසිම හේතුවක් තිබ්බෙත් නෑ ඒත් ගත්ත මම. තාත්තගේ මළගෙදරට අන්තිමට ඒක තමයි අඳින්න උනේ.
     
    Last edited:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    මැරෙන්න කලින් ඒ මනුස්සයට මරණ නිමිති පහලවෙනවා. ඒක එයා දන්නවද නැද්ද කියන්න මම දන්නෙ නැහැ. එයා දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒක ඔබ්වියස් විදියට පේන ආකාරයේ වැඩ කරනවා.
    මගෙ අප්පච්චි නැතිවෙන්න කලින් දවසෙ අක්කට කතාකරලා කියල තිබුනා මාව බලාගන්න කියලා.
    හොස්පිටල් එක්ක යනකොට "ගිහිං වැඩක් නෑ පුතේ " කියල කිව්වා. හොස්පිට්ල් ගිහිං පැය කීපයයි ජීවත්උනේ.

    අප්ප්ච්චි නැතිවෙලා සතියකින් විතර හීනෙන් පෙනිලා තිබුනා ළඟම හිතවත් නෑදෑයන්ට. ඒ අය දැකලා තිබුනේ අප්පච්චි සුදු ඇදඟන මල් වට්ටියක් අරගන බුදුන් වඳින්න යනවා. ඒ නිසා හො‍ඳ තැනක උපදින්න ඇති කියලා මම විශ්වාස කරනවා.

    මගෙ අම්මා නැති වෙලා තිබුනෙ හොස්පිට්ල් එකේ. අපි ගෙදර නිදාගන හිටියෙ. ලොකු සද්දයක් ඇහිලා ආපි ඇහැරුනා. ගෙදර තිබුන කණ්ණාඩිය හල් හත්තට පුපුරලා තිබ්බා. හැබැයි බිමට වැටිලා නෙමෙයි. එක බිත්තියේ එල්ලලා තිබුන තැනමයි තිබ්බෙ. කිසිම හේතුවක් නැතිව හල් හත්තෙ පිපිරිලා ගිහිං. අතට ගත්තාම දූවිලි වගේ වීදුරු කෑලි බිමට වැටුනෙ. ඒ වෙලේ මම වෙලාවට බැලුවා පාන්දර 3:30යි වෙලාව. අප්පච්චි උදේ හොස්පිට්ල් ගියා. ටිකකින් දැනගන්න ලැබුනා අම්මා නැතිවෙලා කියලා. නැතිවෙච්චි වෙලාව පාන්දර 3:29යි.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,036
    15,540
    113
    New Zealand
    Mama nam anthima kaley weddi hand gun ekak laga tiyagannawa. Windawala nam marenne na andawal uda.
    තෝ වෙඩි තියා ගත්තම, ගෙදර ඉන්න මිනිස්සුන්ට අවුරුදු ගණන් උසාවි ගානේ යන්න වෙනවා. මොකක් හරි කරුමෙකට කවුරු හරි වැරදි කාරයෙක් උනොත් ඌ නිකරුනේ හිරේ ලගිනන්ත් වෙනවා.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    මේවගේ ඇත්ත බොරුව කොහොමද දන්නේ නැහැ. අපේ තාත්තා අසනීප වෙලා ඉස්පිරිතාලේ ගෙනියන්න කලින් ගෙදර කාමරේ දොරේ උළුවස්සක හතු වගයක් පිපුනා. ඒක කොහොම උනාද කියලා හිතා ගන්නත් බැහැ මොකද දොර තෙමෙන තැනක නෙවෙයි තියෙන්නේ. අම්මා දැකලා ඉක්මනට අයින් කරලා ඒත් තාත්තා ඒක දැකලා තිබුනේ. ගෙදර අවුරුදු 10කට වඩා ඉඳලා තියෙනවා ඉස්සර වෙලත් නැහැ. තාත්තා නැති උනාට පස්සේ ආවෙත් නැහැ.
    එහෙම ගෙදර ඇතුලේ හතු පිපෙන එක ඉතා අසුභ පෙරනිමිත්තක්ලු.