මේකට උත්තරයක් දාන්න වෙලාවක් සෙට් වුනේ දැන්.
ෆොටෝ එකක් බලලාම නිකම්ම කියනවාට වඩා මෙහෙම දෙයක් වුන තැනකට ගිහින් ඒක බලපු කෙනෙක්ට එකපාරට ඔළුවට එන දේවල් බරගානක් තියෙනවා.
මට නම් මුලින්ම ඔළුවට ආවේ වෙඩි පහරට යොදාගත්ත ආයුධය එක්ක බලද්දි ඇයි බිත්තියේ විතරක් ලේ තියෙන්නේ කියලා.
මේක මිනීමැරුමක් කිව්ව හැමකෙනෙක්ම වගේ කියලා තිබුනා බිත්තියේ ලේ පැල්ලම තියෙන තැනත් එක්ක බලද්දි මේ ගෑණු කෙනාට වෙඩි තියලා වම් පැත්තෙන් කියලා.
හැබැයි ඔබට හොඳින් බැලුවොත් පෙනේවි මේ ගැහැණු කෙනාගේ මුහුණේ පෙනෙන්න තියෙන කොටස ඇවිල්ලා එයාගේ දකුණු පැත්තේ මුහුණ කියලා.
වම්පැත්තෙන් හිසට වෙඩි උණ්ඩයක් ඇතුළු වුනා නම් එහිදී ඇති කරන තුවාලය කුඩා වුවත් ඒකම දකුණු පැත්තෙන් පිටවෙද්දි තරමක තුවාලයක් ඇති කරනවා කියලා හැමකෙනෙක්ම වගේ දන්නවා.
අන්න ඒ වගේ තුවාලයකින් ලේ එද්දි ඒ ලේ අනිවාර්යයෙන්අ දාල මියගිය පුද්ගලයාගේ සිරුරේ ඒ අදාල ප්‍රදේශයට ආසන්නම සීමාවේ (Immediate surface) තිබිය යුතුමයි.බිත්තියේ තියෙන ලේ පැල්ලමෙන් කියන්න බැහැ වෙඩි උණ්ඩය පිටවූ පැත්ත.
ගැහැණු කෙනා මේසයට පිටුපාලා ඉද්දි වෙඩි තිව්වා නම් ඔය කිව්ව තර්කය වෙනස් වෙනවා.
ඒ නිසා නිතරම කතාව සිරුරෙන් පටන් ගන්න.
ඔබට සිරුර දිහා හොඳට බැලුවොත් පෙනේවි මැයගේ දකුණු පස බෙල්ලේ රුධිරය නැතත් හිසට යටින් පොලොවේ රුධිරය තියෙනවා වගේ කියලා.(සමහරවිට ඒ ඇගේ කොණ්ඩය වෙන්න පුළුවන්.මගේ නම් වැඩි මතය තියෙන්නේ ඒ තියෙන්නේ ලේ නෙවෙයි,ඇගේ කොණ්ඩය කියලා)
හැබැයි, ඇයි ඒ පෙනෙන රුධිරය ගලාගෙන ගිහින් නැත්තේ...?
ඔබ කියාවි ගලාගෙන යන්න තරම් කාලයක් ගත වෙන්න කලින් කල සිතුවමක් කියලා.
බිත්තියේ තියෙන රුධිර පැල්ලම වගේම,
සාපේක්ෂව පොලොවේ උස පැත්ත කියලා පෙනෙන හිසට ඉහලින් දිසාවටත් රුධිරය වීසිවෙලා නේද..?
ඇයගේ පෑන සිගරට්ටුව ගැන කරුණු මතුවෙලා තිබුනා.
සියදිවි හානිකරගන්නා අයෙක් අනිවාර්යයෙන් තමන්ගේ සිගරට් එක බීලා ඉවර කරලා තමයි වෙඩි තියාගන්නේ කියලා කිව්වා.
හැබැයි මනුෂ්‍ය ඝාතනයකදී නම් එහෙම නෑ කියලානෙ ඒකෙන වහෙන් ඔරෝ කිව්වේ.
හැබැයි මම දකින කාරණයත් ඕකට ආසන්නයි.නමුත් මම හිතනවා මෙතන සිගරට්ටුව තවම දැවිලා අවසන් නැහැ.පෙනෙන හැටියට ඒක පත්තු වෙන්නෙත් නැහැ.මිනීමරුවා වෙඩි තියලා දකුණු අතට තුවක්කුව දීලා,ඇඟිල්ල කොකා ළඟට තියලා, වම් අතේ සිගරට්ටුව නිවලා ගියාද එතකොට..?
මේසේ උඩතියෙන දේවල් වලින් මෙයා වමත් ද දකුණත්ද කියලා තීරණය කිරීම විහිලුවක්.
ඇය සිගරට්ටුව අවසන් කරන්න කලින් ඇයට වෙඩි තිබ්බා නම්,ඇයි ඇය ඇගේ කණ්නාඩිය ගලවලා,
පෑන එහෙම පිළිවෙලට පැත්තකින් තිව්වේ..?
ඒවාටත් උත්තර එපායැ..?
මගේ තීරණය.
මේ මැයගේ මරණය නොවේ.
මෙතන මැය මියගොස් නැත.මිය ගොස් ඇතිනම් ඒ මෙතැන මේ පෙනෙනා සිදුවීමෙන් නොවේ..