මරියානා ආගාධය

karikota

Well-known member
  • May 26, 2015
    359
    408
    63
    වකපුටේ
    8160_1725981531022403_8323463370012163720_n.jpg



    12592353_1725981537689069_817373240339722976_n.jpg


    ලෝකයේ සාගර කලාපයන් වලදි බටහිර ශාන්තිකර සාගර කලාපෙට වන්නට තමයි මරියානා ආගාධය පිහිටලා තියෙන්නෙ, ඒ කිව්වෙ ජපානෙට කිට්‍ටුවෙන්න නැත්තම් මරියානා දූපත් වලට නැගෙනහිර පැත්තට වෙන්න තමයි පිහිටලා තියෙන්නෙ, මරියානා ආගාධෙ කියනකොට වචනෙන්ම තේරෙනවා ඒක ආගාධයක් කියලා, නිකන් ආගාධයක් නෙමෙයි මේක තමයි ලෝකෙ තියෙන ගැඹුරුම තැන, ඊට පස්සෙ පසුකාලෙදි නැත්තම් 1951දි බ්‍රිතාන්‍ය නෞකාවක පරික්ශණ කණ්ඩායමක් විසින් ඒත් ආයෙමත් හොයාගෙන තියෙනවා ආගාධෙ දකුණු දිශාවට වෙන්න පතුලෙ වෙනම පළාතක් නැත්තම් නිම්නයක් තියෙනවා කියලා කිලෝමීටර් 10.91ක් ගැඹුරු. ඒ පරීක්ශණ කණ්ඩායම විසින්ම තමයි ආගාධෙ මුලු ප්‍රමාණය ගණනය කරලා තියෙන්නෙ, ඒ කියන්නෙ දිග පළල. ගැඹුරුම හරිය නම් කරලා තියෙන්නෙ Challenger Deep කියලා.. ඒ නම යොදාගෙනත් තියෙන්නෙ ඒ ගැඹුර තරණේ කිරීමට තියෙන භිසුණු අභියෝගයක් තරමට අපහසුව බව නිසාමයි..


    දැනට සැලකෙන්නෙ මේ හරිය තමයි ගැඹුරුම කොටස කියලා.. පුදුම හිතෙන කාරණේ කිව්වොත් මේ වෙනකොට එවරස්ට් කන්දෙ මුදුණට යන්න දහස් ගාණක් ලෝකෙ මිනිස්සු සමත්වෙලා තියෙනවා, ඒත් තාමත් ලෝකෙ ගැඹුරුම තැනට සාර්ථකව යන්න පුලුවන් වෙලා තියෙන්නෙ මේ ලෝකෙ අතේ ඇඟිලි වලටත් වඩා අඩු පිරිසකට විතරයි.. ඒ හේතුවත් මන් පහදන්නම්(*).. කොහොමහරි මේ මරියානා ආගාධෙ හැදිලා තියෙන්නෙ භූතැටි දෙකක් එකිනෙකට ඝට්ඨන වීමෙන් ඒකියන්නෙ හැප්පිලා ඒක භූතැටියක කෙලවරක් අනිත් භූතැටිය උඩින් පිහිටීමෙන් (Continental Shelf & Abyssal Plain )..


    මෑතකදි (26 මාර්තු 2012) පතුලටම යැයි සලකන්න පුලුවන් මට්ටමකට ගිහින් තියෙන්නෙ මරියානා ආගාධෙට කවුරුත් දන්න ටයිටැනික් කතාව හදපු ජේම්ස් කැමරන්, National Geographic චැනල් එකේ කණ්ඩායමක් එක්ක කුඩා ප්‍රමාණෙ කුමුදුවක් (submarine) එකක් තමයි ඒකට යොදාගෙන තියෙන්නෙ.. ඔහුට පතුලට ලඟාවෙන්න පැය 2යි විනාඩි 34ක් ගතවෙලා තියෙනවා.. මරියානා ආගාධෙ පතුල තරණය එවරස්ට් කන්ද නගිනවට වඩා ගොඩක් වියදමෙන්, බිහිසුණු බවෙන් ගොඩක් අදිකයි.. මරියානා ආගාධෙ වෙනස්වීම් භූතැටිවල වෙනස් වීම් වගේ දෙවල් ගණනය නිර්ණය කරන්නෙ සැටලයිට් මගින් නැත්තම් අධි ධ්වනි තරංග මුහුදු පතුලට යවලා (Sonar), මේ අපායට යන්න බැරි හේතු කිව්වොත් * පතුලටවෙන්න කෙමෙන් කෙමෙන් සූර්ය රශ්මිය පතිතවෙන එක ක්ශයවෙලා යනවා, කවුරුත් දන්නවා ඇති ලිඳක උනත් අඩිය කළුවරයි කියලා, නිකමට ඇස් දෙක වහගන්න ඒ වගේම කලුවරක් තමයි මරියානා ආගාධෙත් තියෙන්නෙ.



    සාගර පතුලට ඉර එලිය ගමන් කරන්නෙ කිලෝමීටරයක් පමණ දුරක් ඒක පදනම් කරගෙන ආලෝකය මුහුදු පතුලට යන විදිහ ගැන මට්ටම් තුනක් තියෙනවා භෞතික විද්‍යාවෙ, ඒ ඒ මට්ටම් වල හැටියට තමයි මතස්‍ය ජීවීන් විශේෂ හැඩ ගැහිලා තියෙන්නෙ, සූර්ය රශ්මිය අඩුවෙනවා කියන්නෙ වතුරෙ තියෙන අඩියට වෙන්න උශ්ණත්වෙත් අඩුවෙනවා කියන එක, ඒ වගේමයි පීඩණයත් වතුරෙ ගොඩක් වැඩී, කොහොමරි මරියානා ආගාධෙ පතුලෙ උශ්ණත්වය සෙල්සියස් අංශක 1- 4ත් අතර පරාසයක් ගන්නවා. ඒ කියන්නෙ අධික සීතලක්. මරියානා ආගාධෙ ඒ සීතලට, අඳුරටම හැඩගැහුණ ජීවින් අපි දැකලා තියෙන මාලු වගේ ඉන්නවා ඒත් පෙනුමෙන් ගොඩක් විකෘති කිව්වොත් හරි, භිහිසුණු පෙනුමක් ගන්න ජීවින් තමයි ගොඩක් වෙලාවට ඉන්නෙ, උන්ගෙ දරුණුබව ගැනවත් මේ වෙනකොට සඳහනක් නෑ, මොකද කලාතුරකින් තමයි ඒ වගේ ජීවියෙක් විශාල ප්‍රමාණයේ දැලකට අහුවෙන්නෙ, ගොඩක් කලාතුරකින්, ඒකත් අහම්බෙන් ඒ ජීවියෙක් සාගරයේ ගැඹුරු කොටස තරණය කරලා උඩ කොටසට ආවොත් විතරයි.



    එහෙම සිද්දි ගොඩක් වාර්ථාවෙනවා.. ලංකාවෙ ධීවර කලාපවලත් ඒ වගේ සිදුවීම් වාර්තා වෙලා තියෙනවා.. එහෙම අහුවෙන ජීවින් විවිධ හේතූන් නිසා මරණයට පත්වෙනවා, අධික උශ්ණත්වය, දැල් වලට හසුවීම, අනෙකුත් මාංශ භක්ශක මසුන්ට භිලිවීම වගේ හේතු නිසා.. තාම විද්වතුන්ට විසඳගන්න බැරි උන ගවේශණය කරලා ඉවරකරගන්න බැරි උන ජීවීන් දහස් ගාණක් ලක්ශ ගාණක් මේ මරියානා ආගාධෙ ජීවත්වෙනවා කිසිදවසකවත් ඇහැකටවත් නොගැ‍ටුණු.. බොහෝමයක් අල්ප කොටසක් තමයි මේ වෙනකොට හොයාගෙන තියෙන්නෙ.. ඔවුන්ගෙ භිහිසුණු බවත් හැංගුණ දේවල් පවා මේ මරියානා ආගාධෙ තවමත් අභිරහසක්..


    මිත්‍යාමත, විශ්වාසයන් කීපයක් තියෙනවා හරියට තහවුරු කරගත්තෙ නැති නමුත් පරික්ශණ කණ්ඩායම් විසින් අසු කරගන්නා ලද අධි ධ්වනි තරංග මගින් හා කැමරාවලින් අපැහැදිලි සාක්ශි ගොඩක් තියෙනවා මෙගලඩොන් මෝරෙක්/ මෝරුන් ගැන නැත්තම් තල්මසෙකු ගිලීමට පවා හැකි අවුරුදු මිලියන ගණනකට පෙර වඳවී ගිය මෝරෙකු / මෝරුන් මේ මරියානා ආගාධෙ අදටත් නොනැසී ජීවත්වෙනවා කියලා ඒ වගේම ගොඩබිම තියෙන අපි දැකපු දේවල් වලට වඩා ගොඩක් දේවල් අපිට පහලින් තියෙනෙ මේ පහළ ලෝකෙ නිරන්තරයෙන්ම සිද්ධවෙනවා..



    සටහන - ධනංජය රණවක
    https://www.facebook.com/danujay2015/posts/1725981607689062
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මම හිතුවේ සුමනා ගෝමස් ගේ පින්තුරයක් වත් දාලද කියලා . ඕකි ඩබල් ගහන්න අසයි කියන එක හෙන ප්‍රසිද්ද රහසක්
     

    FiRe BoY

    Member
    Sep 27, 2015
    90
    10
    0
    මම හිතුවේ සුමනා ගෝමස් ගේ පින්තුරයක් වත් දාලද කියලා . ඕකි ඩබල් ගහන්න අසයි කියන එක හෙන ප්‍රසිද්ද රහසක්

    :oo::lol:

    DP