මලයාලම් ෆිල්ම් හොඳ ද උඹලට?

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,830
    18,654
    113
    Art කියන්නෙ art බං..

    සමහර art තියනව full science එක්ක ගහන සමහර උන්ට ඒව සෙට්.. සමහරුන්ට සෙට් නෑ. දැන් මට එහෙම marvel Dc comic සෙට් නෑ. Sci fi ත් සෙට් නෑ. ඕව එහෙම තමයි.

    මාත් ඉන්ග්‍රීසි film බලනව. ඒත් පරණ ඒව වගේ අලුත් ඒව සෙට් නෑ මට නම්..හරි හමන් කතා නෑ.

    එහෙම බලද්දි මලයාලමක් ෆිල්ම් එනව හිද ඒව ඉන්ග්‍රීසි ඒවට වඩා frequency එකකින් හොද බඩු
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,939
    28,856
    113
    mulinma baluwa film ekak...meka alluwa..eeta passe honda ewa hoya hoya baluwa

    MV5BYWMwNmM5ODMtNmI2Zi00OTFiLWJhZTctODJiOGRiMjFjMmIyXkEyXkFqcGc@._V1_.jpg


    character development gane umba kiwwa kathawa aththa....langadi lankawe film ekak baluwa oya gane focus kerela thibba...poddak amuthu feeling ekak enewa baladdi mokeda mehe films wala samanyen ehema build keranne na...


    ------ Post added on Nov 25, 2024 at 11:09 PM
     
    • Like
    Reactions: NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,302
    26,807
    113
    Kandy
    මෙහෙමයි මචන් මලයාලම් ඒවාගෙ පරිසරය, සන්ස්කෘතිය, ප්ලොට්ස් එහෙම ගොඩක් ලංකාවට ළඟයි..ඒ කතා ඇතුලෙ උබට උබව දකින්න පුලුවන්..
    නිකන් මයින්ඩ් බ්ලොව්න් ලෙවල් වෙන ලෙවල් එකේ මලයාලම් ඒවත් තියනවා.. ඒවා ක්‍රිස්ටෝපර් නෝලන්ගෙ වගේ ලෙවල් එක්කින් බලාපොරොත්තු වෙන්න එපා.
    අනික මමනම් මොකක් හරි බලද්දි ඒ ඒ මානසිකත්වෙට බැහැල බලන්නේ..

    උදාහරණයක් කිව්වොත් උබ ටොම් ඇන්ඩ් ජෙරී දැන් බලද්දි ආගිව් කරන් නෑනෙ කොහොමද පූසා මීයට ගහපු පාර ඌ බිත්තිය කඩන් ගියේ කියලා..ඒක අපි බලන්න ඕනෙ ළමා මානසිකත්වෙට බැහැලා..එතකොට උබේ අර පොඩි කාලෙ හිටපු පොඩි එකාව තමයි උබ සතුටු කරන්නෙ..

    අනිත් ෆිල් ගත්තත් එහෙමයි.. බ්‍රේකින් බෑඩ් වගේ ටීසි සීරිස් එකක් ගනින්කො..ඒ වගෙ එකක් බලද්දි audience එක ප්‍රශ්න කරනව කොහොමද මෙහෙම උනේ, අරහෙම උනේ, කොහොමද අරූ මේක දැන ගත්තෙ ඒව මේව කියලා..හේතුව තමයි ඌ පොඩිම ඩීටේල් වලටත් අවධානයක් දීලා කතාව ලියන්නෙ..එතකොට අපිට අයිතියක් තියනව ගැඹුරින් ආගිව් කරන්න ලොජිකල් විදියට..

    හැබැයි සමහර ෆිල්ම් ඇතුළෙ එහෙම බෑ.
    මේ ලඟදිම ආපු මලයාලම් ෆිල්ම් එක ගනින්කො උදාහරණයක් විදියට."Kishkindha Kaandam"
    උබ මේක බලල නැත්නම් ඉතුරු ටික කියවන්න එපා මන් ස්පොයිලර් එකක් විදියට දාන්නම්..

    මේකෙදි කාට හරි අහන්න පුලුවන් පොඩි එකා මැරිල ඉද්දි ඒක හන්ගන් නැතුව කෙළින්ම අත්වැරදීමක් උනා කියලා නීටිමය විදියට වැඩ කරානම් ඉවරනෙ කියලා.
    එහෙමනම් කතාව එතනින් ඉවර වෙනවා. එක්කො කතව වෙන පැත්තකට යනවා. රක්ශිතේ ඇතුළෙ තුවක්කුව පත්තු වෙද්දිත් මිනිස්සු ඒක පොලිසියට කියනවා. ඒත් එයාලගෙ ඉඩමෙ පත්තු වුන වෙඩි දෙක ගැනම කවුරුත් දැනගන් නෑ. පොඩි එකා අතුරුදන් උනාට පස්සෙ හරි පොලීසියෙන් අවට අයගෙන් කට උත්තරයක් ගද්දි එදා ඒ පැත්තෙන් වෙඩි සද්දයක් ඇහුණා කියල කියවෙන්න ඕනෙ කාගෙ හරි අතින්.. අපිට හිතන්න පුලුවන් ළඟ පාත කවුරුත් ගෙවල් නැතුව ඇති කියලා.. ඕව නිර්මාණනෙ බන් ඒව සුන්දර විදියට විඳපන්...අදාළ නැති තැන්වල ආගිව් කරන එකෙන් වෙන්නෙ උබට ඒක විඳ්ඉන්න බැරි වෙන එක

    උපුල් ශාන්ත සන්නස්ගල කියන්නෙ සින්හල ගුරෙක්..හැබැයි පොර වැහි පබලු සැලී සින්දුවෙ ලියනවා "දෙව්දුව ඇසිපිය ගසති" කියලා.. ඒක ව්‍යාකරණමය විදියට ගත්තොත් වැරදියි.. ඒ ඌ දන් නැතුව නෙමෙයි එහෙම ලියන්නෙ.. එතෙන්ට ඇසිපිය ගසයි කියල ලිව්වොත් අවුල්.. ඉතින් ඕකට ඌත් එක්ක ඇරගන්න යන් නැති තරමෙ රසවින්දනයක් තියන මනුස්සයෙක් උනාම ඒක ප්‍රශ්නයක් වෙන් නෑ..

    අනික බන් මටනම් මාර මහන්සියක් පේනව මලයාලම් ෆිල් ඇතුලේ..උන්ගෙ පෝස්ටර් එකේ ඉඳන් සිරාම art pieces තියෙන්නෙ..පුදුම විදියට මහන්සි වෙනවා උන් ඒ නිර්මාණ කරන්න.. මාරම සුන්දර නිර්මාණ ඒවා..
    අඩෝ උබේ මාර අදහස් නේ තියෙන්නේ 💐
     
    • Love
    Reactions: Flappybird

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    ඔය බනින උන්ට පින නෑ... උන්ගෙ ලොකු කම නිසා පට්ට experience එකක් miss වෙනවා
    ලඟදි ආව පට්ට English Film ටිකක් කියන් යන්න බලන්න. හැමදාම කියන අර සුපිරි ටික නැතුව.
    English films 100 හැදුවොත් 20 විතර සුපිරියි. ඔය Talks දෙන්නෙ ඒ 20 අල්ලන්... මලයාලම් නම් 100 හැදුවොත් 80 විතරම සුපිරි ඒවා තමයි :D
     
    • Like
    Reactions: Yastysan and Ryker

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    මෙහෙමයි, movies බලන හැමෝටම එකම taste එකක් නැ මචං. තමන් තමන්ට කැමති ඒවා විතරයි බලන්නේ. හැමෝගෙම ටසේ එක වෙනස්. එක IQ මගුලක් නෙවෙයි. සමහරුන්ට set වෙන්නේ Action සමහරුන්ට Adventure සමහරුන්ට Comedy සමහරුන්ට Crime සමහරුන්ට Drama සමහරුන්ට Fantasy සමහරුන්ට Horror සමහරුන්ට Drama සමහරුන්ට Musical සමහරුන්ට Mystery සමහරුන්ට Romance සමහරුන්ට Sci-Fi සමහරුන්ට Thriller සමහරුන්ට Western සමහරුන්ට Film noir. මම හිතන්නේ මෙතන ඉන්න 10%කටවත් Film noir set වෙන එකක් නැ. ඒ වගේ තම සමහරුන්ට English සමහරුන්ට Hindi සමහරුන්ට Tamil, Malayalam, Kannada, Telegu. මමනම් සියලුම category බලනවා. මොකද එක මගේ taste එක. මතන English තමා හොදම කියල වැලලෙන්න හදන්නේ නැතුව බලන්න කොච්චර ගු English Movies තියනවද කියල. ඒ වගේන හොදම ඒවත් තියනවා. ඒ වගේ තමා Hindi, Tamil, Malayalam, Kannada, Telegu වලත්. හොද ඒවා නරක ඒවා දෙකම තියනවා.

    ඒවගේම Flappybird කියනවා වගේ ඒ ඒ movies ඒ ඒ මානසික මට්ටමින් බලන්න ඕනි. දැන් හිතපන් Star Wars: Episode V - The Empire Strikes Back, IMDB Top 250 හේ 15ට තියෙන්නේ. ඕක උබලා Avengers: Endgame මානසිකත්වෙන් බලල බැ. Star Wars: Episode V - The Empire Strikes Back බලන්න ඕනි එක 1980 movie එකක් කියල ඔලුවේ තියාගෙන. එහෙම නැත්නම් උබලට ඒක ගු ගොඩක් කියල හිතෙයි. පොඩ්ඩක් හොයල බලන්න, IMDB Top 250 Indian movies 6 - 7 විතර තියනවා. (Lagaan එකත් තියනවා, එකනම් මට set වෙන්නෙම නැ)

    තව එකක්, සමහරුන්ට හොද movies තව කෙනෙක්ට නරක වෙන්න පුළුවං. Casablanca සමහරුන්ට හොදම movie එකක්. මම ඒකට කැමතිම නැ. The Mist එකත් එහෙමයි. එක තමා තම තමන්ගේ taste එක කියන්නේ.
     
    • Like
    Reactions: NRTG