මස් මාංශ වෙළඳාම
මස්මාංස වෙළදාම් කරනා සිල්ලර/තොග වෙළද සැල් හිමි බෞද්ධ වෙළද මහත්ම මහත්මීන් වෙතටයි!!!
ඔබව සතර අපායට ගෙන යන මේ දරුණු පාප කර්මය ඔබ කරන්නේ ද? පොඩ්ඩක් සිතන්න, මෙය අවබෝධයෙන්
ඔබලා මේ ගැන දැන සිටියා ද? එසේත් නැත්නම් මුදල් පසුපස යෑම නිසා මෙය අමතක වූවා ද? එසේත් නැත්නම් හිතමතා දැන දැන බුද්ධ වචනය පිළිගත්තේ නැද්ද?
ඔබගේ වෙළද සැල මස්මාංස ද විකිනීමට තිබේ ද? (හරක් මස්,ඌරුමස්,කුකුල් මස්, මාලු, කරවල, හාල්මැස්සන්, උම්බලකඩ…..මෙකී නොකී සියලුම මස්මාංස ඝනයට වැටෙනා)
එසේ නම් මෙම ලිපිය ඔබ වෙතටයි….!!!!!!!!!!!!!!!!
ඔබ දන්නවා ද? මස්මාංස වෙළදාම අප බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරනු ලද නො කල යුතු කර්මාතයන් වලට වැටෙනා බව. කියවන්න අඞ්ගුත්තරනිකායේ එන වණිජ්ජා සූත්‍රය ….
7. වණිජ්ජාසුත්තං - වණිජ්ජාසුත්තං, උපාසකවග්ගො, පඤ්චකනිපාත -අඞ්ගුත්තරනිකාය ( Page 338 to 339 -pdf 359)
177. ‘‘පඤ්චිමා , භික්ඛවෙ, වණිජ්ජා උපාසකෙන අකරණීයා. කතමා පඤ්ච? සත්ථවණිජ්ජා, සත්තවණිජ්ජා, මංසවණිජ්ජා, මජ්ජවණිජ්ජා, විසවණිජ්ජා – ඉමා ඛො, භික්ඛවෙ, පඤ්ච වණිජ්ජා උපාසකෙන අකරණීයා’’ති. සත්තමං.
වණිජ්ජාසුත්තං, උපාසකවග්ගො, පඤ්චකනිපාත -අඞ්ගුත්තරනිකාය ( Page 338 to 339 -pdf 359) http://www.tipitaka.org/sinh/cscd/s0403m1.mul17.xml
එසේ නම් බුදුරජානණ් වහන්සේ විසින් නොකල යුතු කර්මාන්ත වලට වැටෙන මේ මාංස වෙළදාම කරන වෙළද මහත්ම මහත්මීනට පන්සිල්, ආජීවක අෂ්ඨමක ශීලය සමාදම් විය හැකි ද?
මා මෙය උදාහරනයක් ගෙන විග්රහ කරන්නම්…ඔබගේ වෙළද සැලේ විකිනීමට තිබෙනා කුකුල් මස් අප උදාහරනයකට ගනිමු. ඔබ මෙම කුකුල් මස් මිලදී ගන්නේ කවුරුන්ගෙන් ද? අනිවාර්යෙන් කුකුලන් ඇතිකරනා කර්මාන්ත ශාලා හිමියන්ගෙන් නො වේද? එසේත් නැත්නම් ඔබ දන්නවා මේ මස් එන්නේ අනිවාර්යෙන්ම කුකුලන් මරණ මොනයම් හෝ ස්ථානයකින් බව. දැන් සිතන්න ඔබගේ වෙළද සැලේ කුකුල් මස් විකිණී අවසන් කියා. එතකොට ඔබ මොකද කරන්නේ?? වෙන කිසිවක් නොව ඔබ මෙම මස් ගෙන ඒමට ඇන්වුමක් අදාල වෙළද නියෝජිතයට දෙනවා. ඔවුන්ට කෙලින්ම කප් රුකෙන් මස් පහලවෙන්නේ නැහැනේ. කුකුලුන් මරන්නහට උපදෙස් දීම මත වෙළද සැලට අවශ්‍ය ප්‍රමාණයට කුකුලුන් මරනවා..දැන් කාටද පව, කීදෙනෙක් සතර අපායට ගමනට හවුල් වෙනවා ද? ඔබ තමා තීන්දුව දෙන්නේ සතුන් මරනා ප්‍රමාණයට…අපූරුයි නේද කරගන්න ප්රාණගාතයක මහත…සිතන්න…අනෙක් මස්මාංස වෙළදාමටත් මෙම උදාහරනයම එකතු කර බලන්න….
බුදුරජාණන් වහන්සෙ නිකන් නොවේ මස්වෙළදාම නො කල යුතු වෙළදාමක් බව..මිනිසුන්ට අනුකම්පාව පිණිසයි..පාපකර්ම වලින් අපේ මිනිසුන් බේරා ගැනීම පිණිසයි.
අප අත්දැකීමෙන් දන්නවා මෙම නොකල යුතු කර්මාන්තයට වැටෙනා මාස්මාංස වෙළදාම කරන වෙළද හිමියන් නොයෙකුත් දරුණු ලෙඩරෝග වලට ගොදුරු වූවන්, නිතරම අසනීපෙන්,ඔවුන් මේ මස්මාංස වෙළදාමෙන් ලබනා ලාභයටත් වඩා මුදලක් ඔවුනවුන්ගේ මේ අසනීප වලට බෙහෙත් ගැනීමට වැය වෙනවා..පොඩ්ඩක් සිතා බලන්න..පොඩ්ඩක් වැය ශිර්ෂය විග්රහ කර බලන්න…ඔබ පරාදයි..ඔබට මෙලොවත් දුකයි, පරලොවත් ගතකිරීමට වෙන්නේ සතර අපායේ බව මතක තියා ගන්න.
කෙනෙකුට ධර්මය අවබෝධ වුව ද, නො වුව ද ලොව ඇති ධර්මතාවයනට ලක් වීමට ද එහි ප්‍රතිඵල විදීමට ද සිදුවීම අනිවාර්ය ය.
මේ ගැන සිතා මෙවන් පාපි වෙළදාමෙන් ඉවත් වී පන්සිල් රකිමින්, පන්සිල් රැකීමෙන් ඔබට ලැබෙනා ආනිසංස පහ ලබා ගනිමින්, සතර අපායෙන් මිදී, නිවන් අරමුණු පිණිසම කුසල් රැස්කරමින් නිවන් මාරගයට පිවිසීමට මෙම ලිපිය හේතු වේවා! මේ පින් සියලු දෙවියන් අනුමොදන් වෙත්වා! සියලු සත්වයෝ සුවපත් වෙත් වා! සුවපත් වෙත් වා! සුවපත් වෙත් වා!
උපුටාගත්තේ මෙතනින්
http://www.dhammikaweb.com/?p=13807