මස් මාංශ වෙළඳාම

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මස් මාංශ වෙළඳාම

    මස්මාංස වෙළදාම් කරනා සිල්ලර/තොග වෙළද සැල් හිමි බෞද්ධ වෙළද මහත්ම මහත්මීන් වෙතටයි!!!

    ඔබව සතර අපායට ගෙන යන මේ දරුණු පාප කර්මය ඔබ කරන්නේ ද? පොඩ්ඩක් සිතන්න, මෙය අවබෝධයෙන්
    ඔබලා මේ ගැන දැන සිටියා ද? එසේත් නැත්නම් මුදල් පසුපස යෑම නිසා මෙය අමතක වූවා ද? එසේත් නැත්නම් හිතමතා දැන දැන බුද්ධ වචනය පිළිගත්තේ නැද්ද?
    ඔබගේ වෙළද සැල මස්මාංස ද විකිනීමට තිබේ ද? (හරක් මස්,ඌරුමස්,කුකුල් මස්, මාලු, කරවල, හාල්මැස්සන්, උම්බලකඩ…..මෙකී නොකී සියලුම මස්මාංස ඝනයට වැටෙනා)
    එසේ නම් මෙම ලිපිය ඔබ වෙතටයි….!!!!!!!!!!!!!!!!
    ඔබ දන්නවා ද? මස්මාංස වෙළදාම අප බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරනු ලද නො කල යුතු කර්මාතයන් වලට වැටෙනා බව. කියවන්න අඞ්‌ගුත්‌තරනිකායේ එන වණිජ්‌ජා සූත්‍රය ….
    7. වණිජ්‌ජාසුත්‌තං - වණිජ්‌ජාසුත්‌තං, උපාසකවග්‌ගො, පඤ්‌චකනිපාත -අඞ්‌ගුත්‌තරනිකාය ( Page 338 to 339 -pdf 359)
    177. ‘‘පඤ්‌චිමා , භික්‌ඛවෙ, වණිජ්‌ජා උපාසකෙන අකරණීයා. කතමා පඤ්‌ච? සත්‌ථවණිජ්‌ජා, සත්‌තවණිජ්‌ජා, මංසවණිජ්‌ජා, මජ්‌ජවණිජ්‌ජා, විසවණිජ්‌ජා – ඉමා ඛො, භික්‌ඛවෙ, පඤ්‌ච වණිජ්‌ජා උපාසකෙන අකරණීයා’’ති. සත්‌තමං.
    වණිජ්‌ජාසුත්‌තං, උපාසකවග්‌ගො, පඤ්‌චකනිපාත -අඞ්‌ගුත්‌තරනිකාය ( Page 338 to 339 -pdf 359) http://www.tipitaka.org/sinh/cscd/s0403m1.mul17.xml
    එසේ නම් බුදුරජානණ් වහන්සේ විසින් නොකල යුතු කර්මාන්ත වලට වැටෙන මේ මාංස වෙළදාම කරන වෙළද මහත්ම මහත්මීනට පන්සිල්, ආජීවක අෂ්ඨමක ශීලය සමාදම් විය හැකි ද?
    මා මෙය උදාහරනයක් ගෙන විග්‍රහ කරන්නම්…ඔබගේ වෙළද සැලේ විකිනීමට තිබෙනා කුකුල් මස් අප උදාහරනයකට ගනිමු. ඔබ මෙම කුකුල් මස් මිලදී ගන්නේ කවුරුන්ගෙන් ද? අනිවාර්යෙන් කුකුලන් ඇතිකරනා කර්මාන්ත ශාලා හිමියන්ගෙන් නො වේද? එසේත් නැත්නම් ඔබ දන්නවා මේ මස් එන්නේ අනිවාර්යෙන්ම කුකුලන් මරණ මොනයම් හෝ ස්ථානයකින් බව. දැන් සිතන්න ඔබගේ වෙළද සැලේ කුකුල් මස් විකිණී අවසන් කියා. එතකොට ඔබ මොකද කරන්නේ?? වෙන කිසිවක් නොව ඔබ මෙම මස් ගෙන ඒමට ඇන්වුමක් අදාල වෙළද නියෝජිතයට දෙනවා. ඔවුන්ට කෙලින්ම කප් රුකෙන් මස් පහලවෙන්නේ නැහැනේ. කුකුලුන් මරන්නහට උපදෙස් දීම මත වෙළද සැලට අවශ්‍ය ප්‍රමාණයට කුකුලුන් මරනවා..දැන් කාටද පව, කීදෙනෙක් සතර අපායට ගමනට හවුල් වෙනවා ද? ඔබ තමා තීන්දුව දෙන්නේ සතුන් මරනා ප්‍රමාණයට…අපූරුයි නේද කරගන්න ප්‍රාණගාතයක මහත…සිතන්න…අනෙක් මස්මාංස වෙළදාමටත් මෙම උදාහරනයම එකතු කර බලන්න….
    බුදුරජාණන් වහන්සෙ නිකන් නොවේ මස්වෙළදාම නො කල යුතු වෙළදාමක් බව..මිනිසුන්ට අනුකම්පාව පිණිසයි..පාපකර්ම වලින් අපේ මිනිසුන් බේරා ගැනීම පිණිසයි.
    අප අත්දැකීමෙන් දන්නවා මෙම නොකල යුතු කර්මාන්තයට වැටෙනා මාස්මාංස වෙළදාම කරන වෙළද හිමියන් නොයෙකුත් දරුණු ලෙඩරෝග වලට ගොදුරු වූවන්, නිතරම අසනීපෙන්,ඔවුන් මේ මස්මාංස වෙළදාමෙන් ලබනා ලාභයටත් වඩා මුදලක් ඔවුනවුන්ගේ මේ අසනීප වලට බෙහෙත් ගැනීමට වැය වෙනවා..පොඩ්ඩක් සිතා බලන්න..පොඩ්ඩක් වැය ශිර්ෂය විග්‍රහ කර බලන්න…ඔබ පරාදයි..ඔබට මෙලොවත් දුකයි, පරලොවත් ගතකිරීමට වෙන්නේ සතර අපායේ බව මතක තියා ගන්න.
    කෙනෙකුට ධර්මය අවබෝධ වුව ද, නො වුව ද ලොව ඇති ධර්මතාවයනට ලක් වීමට ද එහි ප්‍රතිඵල විදීමට ද සිදුවීම අනිවාර්ය ය.
    මේ ගැන සිතා මෙවන් පාපි වෙළදාමෙන් ඉවත් වී පන්සිල් රකිමින්, පන්සිල් රැකීමෙන් ඔබට ලැබෙනා ආනිසංස පහ ලබා ගනිමින්, සතර අපායෙන් මිදී, නිවන් අරමුණු පිණිසම කුසල් රැස්කරමින් නිවන් මාරගයට පිවිසීමට මෙම ලිපිය හේතු වේවා! මේ පින් සියලු දෙවියන් අනුමොදන් වෙත්වා! සියලු සත්වයෝ සුවපත් වෙත් වා! සුවපත් වෙත් වා! සුවපත් වෙත් වා!


    උපුටාගත්තේ මෙතනින්
    http://www.dhammikaweb.com/?p=13807
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මේ වගේ තෙඩ් දාලා වැඩක් නෑ
    කාට හරි බැනලා දැම්මොත් මාර ප්‍රතිචාර

    පිං සිද්ධ වෙනවා මේ වගේ දේවල් දානවට
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මස් මාංශ වලින් ඈත් වෙන්න පුලුවන්.
    එලවලු වලින් ප්‍රණීත ආහාර හදන්න පුලුවන්.

    වැදගත් ත්‍රෙඩ් එකක්
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    2003811709a8427364314ml.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපේ රටේ මිනිස්සු මස් මාලු නොකා ඉන්නව නම් ඔය පව්කාර වැඩේ නිකම්ම නවත්තන්න පුළුවන්..
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මේ වගේ තෙඩ් දාලා වැඩක් නෑ
    කාට හරි බැනලා දැම්මොත් මාර ප්‍රතිචාර

    පිං සිද්ධ වෙනවා මේ වගේ දේවල් දානවට

    ධර්මය ගන දැම්මට කවුරුත් දන්නෙ නෑ නෙ
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    බිත්තරත් මස් මාංශ ගණයට වැටෙනවද ??? හරියටම දන්න කෙනෙක් කියනවද
     

    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    ධර්මය ගැන දැම්මට ඒවා බලන්නේ බොහොම ටික දෙනෙක් විතරයි. වැඩි දෙනෙක් බලන්නේ 18+ කියල තියෙන threads තමයි. ලෝකේ යන විදියට යන අය අතර ඒ ක්‍රමයෙන් මිදිලා හරි දේ කරන්න උත්සහ කරන අය ගොඩක් අඩුයි. ඒ අතින් උඹ ගොඩක් පොහොසත්.
    REP++
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    බිත්තරත් මස් මාංශ ගණයට වැටෙනවද ??? හරියටම දන්න කෙනෙක් කියනවද
    farm බිත්තර නම් අවුලක් නෑ මචන්. මොකද එව්වා කිකිලිගේ ඩිම්බේ විතරයි පිරිමි කුකුලෙක් එක්ක sat නොවිච්ච එව්වා . හැබැයි පුතෝ අඔය අනික් ගම් බිත්තරනම් ජීවයක් තියෙනවා.