මසාර් ඊ ශෙරීෆ් - ඇෆ්ගන් සංචාර අංක 03
යාලුවනේ මම අද ඔයාලට ඉදිරිපත් කරන්න යන්නෙ ඇෆ්ගනිස්තානයේ තුන්වන විශාල ප්‍රාදේශිය නගරය වන මසාර් ඊ ශෙරීෆ්, එහම නැත්නම් කෙටියෙන් කීවොත් මසාර් නගරය ගැන. මසාර් නගරය පිහිටල තියෙන්නෙ ඇෆ්ගනිස්තානයේ උතුරු සීමාවේ, උස්බෙකිස්තානය දේශ සීමාවේ.මසාර් ඊ ශෙරීෆ් කියන්නේ පූජනීය දෙවොල කියන එක. මසාර් නගර මද්‍යයේ පිහිටි ඉතා අලංකාර බ්ලූ මොස්ක් එහෙම නැත්නම් නිල් පල්ලිය නිසායි මේ නම ලැබිල තියෙන්නෙ. මසාර් කාබුල් වලට සාපේක්ශව ඉතාමත් සාමකාමීයි. තලේබාන් වරුන්ට මෙහි ඉඩක් නෑ. මසාර් ඊ ශෙරීෆ් වල ඉතා ඉහල ප්‍රමිතීන්ගෙන් යුතුව ඉදි වුන අන්තර්ජාතික ගුවන් තොටුපලක් පවා තිබෙනවා.ඉතා දියුනු මාර්ග පද්ධතියක්, ජල සැපයුම් පහසුකම්, ඉන්දන පිරවුම්හල්, උස් ගොඩනැගිලි දකින්නට පුලුවන්.දේශපාලනව ස්තාවර ප්‍රාදේශීය රජයක් මේ සදහා කැපවීමෙන් වැඩ කරනවා.උස්බෙකිස්තානයත් මෙහි දියුනුව සදහා උදව්කරනවා. මා පුද්ගලිකව ප්‍රාර්තනා කරනවා ඇෆ්ගනිස්තානයේ පවතින ත්‍රස්ත කියා මේ අලංකාරයට බලපෑමක් එල්ල නොකරාවි කියා.
මේ ජායාරූප සාමාන්‍ය කැමරාවකින් ගත්ත ඒවා. තත්ත්වය උසස් නෑ.
පාර දෙපැත්තේ තියෙන පලතුරු වෙලද සැල්.
පැරණි සෝවියට් සමූහාණ්ඩුවේ නිපදවූ ටැක්සියක්
ප්‍රධාන වීදිය, මසාර් ඊ ශරීෆ්
මසාර් වැසියෝ
නගර චතුරස්‍රය
මසාර් අන්තර්ජාතික ගුවන් තොටුපල
සුප්‍රසිද්ද ඇෆ්ගන් පැතලි පාන්. මේවා ඉතාම රසවත්. මගේත් ප්‍රියතම කෑමක්
නගරය ගුවනේ සිට
සෙනග පිරුණු ටැක්සියක්
සපත්තු මසන්නෙක්
කොමඩු සමය ජූනි
සුප්‍රසිද්ද නිල් පල්ලිය. (ජායාරූප අන්තර්ජාලයෙනි, නිල් පල්ලියක් තුර්කියේද තිබේ. මෙය එය නොවේ.)
නැවතත් හමුවෙමු.
මේ තියෙන්නෙ පහුගිය ඇෆ්ගන් සංචාර.
අංක එක : බන්ද් ඊ අමීර් විල
අංක දෙක : බාමියන් බුදු පිලිම
මේ ජායාරූප සාමාන්‍ය කැමරාවකින් ගත්ත ඒවා. තත්ත්වය උසස් නෑ.
පාර දෙපැත්තේ තියෙන පලතුරු වෙලද සැල්.
පැරණි සෝවියට් සමූහාණ්ඩුවේ නිපදවූ ටැක්සියක්
ප්‍රධාන වීදිය, මසාර් ඊ ශරීෆ්
මසාර් වැසියෝ
නගර චතුරස්‍රය
මසාර් අන්තර්ජාතික ගුවන් තොටුපල
සුප්‍රසිද්ද ඇෆ්ගන් පැතලි පාන්. මේවා ඉතාම රසවත්. මගේත් ප්‍රියතම කෑමක්
නගරය ගුවනේ සිට
සෙනග පිරුණු ටැක්සියක්
සපත්තු මසන්නෙක්
කොමඩු සමය ජූනි
සුප්‍රසිද්ද නිල් පල්ලිය. (ජායාරූප අන්තර්ජාලයෙනි, නිල් පල්ලියක් තුර්කියේද තිබේ. මෙය එය නොවේ.)
නැවතත් හමුවෙමු.
මේ තියෙන්නෙ පහුගිය ඇෆ්ගන් සංචාර.
අංක එක : බන්ද් ඊ අමීර් විල
අංක දෙක : බාමියන් බුදු පිලිම





