සහෝදරය අපි බලාගෙන ඉන්නෙ... ඔයා බය නැතිව ඉන්න...
නියම අවස්ථාව, වේලාව බලල අපි පනිනව ඔතෙන්ට...
තවම එහෙම අවශ්‍යතාවයක් පෙනෙන්නෙ නෑ.....
අනවශ්‍ය දේ වලට මැද්දට පනින්න නොයන එක හොඳයි. උඹලගෙන් කෙරෙන්න ඕනෙ ප්‍රශ්න විසඳෙන්න යම් තල්ලුවක් සහ සිංහලයව අභියෝගයට ලක් කරන්න හදන තැනකදි ඒ වෙනුවෙන් නැගී සිටීමත් මිසක් රට ආයෙත් පාරක් යුද්දෙකට ගෙනියන්න උදව් දීමක් නෙමෙයි. ජාතියක් විදියට දෙපයින් නැගී හිටින්න නම් මෙහෙම ෆෝරම් වල විතරක් එකමුතු වෙලා මදි. උඹලා හැබෑ ජීවිතේදිත් මෙහෙම එකමුතුව තියෙන්න ඕනෙ.
උඹල හැම තිස්සෙම තමංගෙ ජාතියට තියන ගරුත්වය විනාශ නොවන විදියට හැසිරෙන්න ඕනෙ, කතා බහ කරන්න ඕනෙ. විරුද්ධවාදියො එක්ක කතා කරද්දි එළකිරියෙ හැමදාම වුණා වගේ උන්ට කුණුහරුපෙන් බනින්න නම් බලකායක් ඕනෙ නැහැ. උඹල තමංගෙ බලකායට හැබෑවටම ඇලුම් කරනව නම් ගරු කරනව නම් උඹල ඒ සිංහල ජාතියට උරුම නියම මහත්මා හැසිරීම හැම තිස්සෙම ආරක්ෂා කරගන්න ඕනෙ.
අපි ජාතියක් විදියට නැගී සිටින්න නම් වෙන කිසිම ජාතියක මේ රටෙන් උපන් උගතුන්ට නොදෙවනි උගතුන් ලෝකෙට බිහි කරන්න වග බලා ගන්න ඕනෙ. මං දැක්ක මේ ලඟදි එළකිරියෙ පොටක් දාල තියනවා සිංහලුන් අතර උගත්තු ඇත්තෙම නැද්ද වගේ ප්‍රශ්නයක් අහල. ඒ වගේ වෙලාවට නිරුත්තර වෙලා අමාරුවෙන් නමක් දෙකක් හොයාගෙන පිළිතුරු දාන තත්වෙක ඉන්න බැහැ අපි ජාතියක් විදියට. අපේ රටෙන් බිහි වෙලා ලෝකෙට අලුත් දේ දායාද කරන සිංහලුන් ගැන අවධියෙන් ඉඳපල්ලා. උඹල ඒ පොටේ දි නිරුත්තර වෙලා අර මනුස්සයාට කුණුහරුපෙන් බනින්න පටන් අරං තිබුණ විදිය දැක්කම කණගාටුවක් තමයි දැනුනෙ මට. රටෙන් බිහි වන උගතුන් ගෙ ආදිපත්‍යය සිංහලුන්ට තියෙන්න ඕනෙ. උඹලා තමංගෙ ජාතිය අනෙක් අයට වඩා උසස් ය කියල කෑ ගහ ගහ හිටියට පලක් නැහැ අලුත් යුද්ධයක් නිර්මාණය වෙන්න පොටක් පෑදෙන එක විතරයි එහෙම වුණොත් වෙන්නෙ. එහෙම නෙමෙයි, උඹල තමංගෙ ජාතිය හැබෑවටම අනෙක් ජාතීන් අතරෙන් ඉහලට ඔසවලා ඉහල තැනක තියල පෙන්නන්න ඕනෙ. ඒක කරන්න අවශ්‍ය වෙන්නෙ නිකන් දවසෙ පැය විසි හතරම එළකිරියට වෙලා ජාතිය ගැන කියව කියව ඉන්න බලකායක් නෙමෙයි. උබල හැබෑ ජීවිතේ දි සක්‍රීයව මම මේ කිව්ව කටයුත්තට දායක වෙන්න ඕනෙ. බුද්ධිය, දැනුම කියන අංශ වලින් අනෙක් අයට වඩා ඉහලට අපේ මිනිස්සු ගෙනියන්න ඕනෙ. ඒ දේ කරන්න මට පුළුවං විදියට මම හැම සහයෝගයක් ම දෙනවා උබලට. මම මේ කතා කරන්නෙ මුලු හදවතින්ම උඹල එක්ක ඉන්න කෙනෙක් විදියට. උඹල තමංගෙ එකෙක්ගෙ වැරැද්දක් දැක්කම ඒක ටිකෙන් ටික ලියලලා කැපී පෙනෙන විශාල වැරැද්දක් වෙනකල් බලා ඉන්න එපා. එතකොට විරුද්ධවාදියො උදාහරණෙට හැම තිස්සෙම අර කැපී පෙනෙන වැරදි කාරයාව. තමංගෙ එවුන්ගෙ වැරදි අනෙක් එවුන් දැකල "එතකොට අරූ මෙහෙම කළේ?" කියල අහනකං ඉන්නෙ නැතුව ඒ වැරදි උන්ට වඩා කලින් උඹල දකින්න ඕනෙ, දැකල ඒව වැරැද්ද පෙන්න දෙන්න ඕනෙ. ඒ වගේම උඹලගේ බලකායෙන් තමංගෙ වැරැද්දක් පෙන්නා දුන්නම උඹල ඒකට විරුද්ධව වාද කරන්න යන්නෙ නැතුව ඒ වැරදි හදාගන්න ඕනෙ, නැත්නම් ගිහිං විරුද්ධවාදීන්ට එකතු වුණා කියල සලකන්න උඹලගේ බලකායට සිද්ධ වෙයි.
අවසාන වශයෙන් කියන්න ඕනෙ, උඹලගෙන් කෙරෙන්න ඕනෙ ජාතිවාදය පතුරුවන එක නොවන බව මතක තියාගනිල්ලා. ඒක කරන විරුද්ධවාදියො ඉන්නව ඕනෙ තරම්. උන් එක්ක හැප්පෙන ගමන් හැබෑවටම තමංගෙ ජාතිය අනෙක් අයගෙන් ඉහල තලයකට ඔසවන එකයි උඹලගෙන් කෙරෙන්න ඕනෙ. අනෙක් උන් මොන දේ කළත් අපි එකට එකතු වෙලා එකා වගේ ශක්තිමත්ව ඉන්න ඕනෙ. ඕනෙම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් එකමුතුවක් ඇති කරගන්න ඕනෙ. උඹලා වාදයක පැටළුන හැම වෙලාවකදිම මැදිහත්ව කටයුතු කරන්න ඕනෙ. නියම සිංහලයෙක් නම් මැදිහත් සිතින් හිතා බලන්න පුළුවන් කම උඹලාට ලේ වලින් උරුම වෙලා ඇති. කිසිම වෙලාවක විරුද්ධවාදියාට වඩා අන්තවාදී වෙන්න එපා. නමුත් අවශ්‍ය තැනදි අවශ්‍ය පියවර ගන්න දෙවරක් හිතන්නත් එපා.
මම උඹලා කරන හැම දෙයක් ගැනම විමසිල්ලෙන් බලාගෙන ඉන්නවා, අවශ්‍ය හැම දේකදිම මං උඹලත් එක්ක ඉන්නවා සිංහල කොල්ලනේ.







