ප්රජාතන්ත්රවාදය හා යහ පාලනය පිළිබඳ රටේ කණගාටුදායක තත්වයක් නිර්මාණය වී ඇති බැවින් එම තත්වය සමනය කිරීම සඳහා සාමූහික සම්මුතියක් ඇති කර ගැනීමේ අරමුණින් මහා නායක ස්වාමීන් වහන්සේලා විසින් එළඹෙන 18 වැනිදා පස්වරු 3.00 ට මහා සංඝ සම්මේලනයක් කැඳවා තිබේ. ඒ අනුව ඓතිහාසික මහනුවර මහමළුවේ පැවැත්වෙන මෙම සංඝ සම්මේලනයට සහභාගි වන්නැයි මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් මහා සංඝරත්නය වෙත ලිඛිත දැනුම් දීමක් සිදු කොට තිබේ.
මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය උඩුගම ශී‍්‍ර බුද්ධ රක්ඛිත නාහිමි අමරපුර සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය දවුල්දෙන ඥානිස්සර නාහිමි ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර නාහිමි ගේ අත්සනින් යුතුව මෙම ලිපිය සියලූම සංඝයා වහන්සේලාට යවා ඇති අතර සාමූහික සම්මුතියක් පතා සංඝරත්නය ඒකරාශි වන ලෙසට එයින් ඉල්ලා තිබේ.
මෙහි මවිතය දනවන සුළු කාරණය වන්නේ වේළුපිල්ලේ ප්රභාකරන්ගේ අවිනීතිය රජකල 30 අවුරුදු කාලය මුළුල්ලේම භාවනායෝගීව මෙන් වැඩ සිටි මහ නාහිමිවරුන් හමුදා නීතිය අනුව සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගත් විට පමණක් මහා සංඝ සම්මේලන කැඳවීමයි. එමෙන්ම ශ්‍රී දලඳා වහන්සේට බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේ ත්, 88-89 තරුණයන් දසදහස් ගණන් මහ මඟ ගිනි සෑයවල ඇවිලෙද්දීත්, උන් වහන්සේලා භාවනායෝගීව වැඩ වදාලහ. චන්ද්‍රිකා සුනාමි සහන මණ්ඩලය ගෙන ආවිටද, රනිල් වික්‍රමසිංහ ප්රභාකරන් සමඟ මවුබිම දෙකඩ කිරීමේ ගිවිසුමක් ගැසූ විටද උන් වහන්සේලා නෑසූ කන්ව සිටින්නට වග බලා ගත්හ. එකල්හි මහා සංඝ සම්මේලන උන් වහන්සේලාට අකැප වන්නට ඇත. අරන්තලාවේ භික්ෂූන් සමූල ඝාතතනය කරද්දී උන් වහන්සේලා ධාන්‍යයට සමවැදී සිටියා වන්නට පුළුවන.