මහා රෑ ආ මාරයා පැරදු හැටි
වසර ගණනාවක සේවයේ යෙදීමෙන් ලැබෙන නිපුනතාවය ගැන කදිම නිදසුනක් ගැන තමයි අද කියන්න යන්නේ
මෙම සිදුවීම උනේ මම අනුරාධපුර ශික්ෂණ රෝහලේ සීමාවාසික පත්වීම ලබා රාජකාරි කරන සමයේදී.
මම වැඩට ගිහිල්ලත් මහා කාලයක් නැ.ඕන නම් සති තුනක් විතර වෙන්න ඇති.
එදා අපිට ඇඩ්මිෂන් තිබුන දවසක්.මතක විදියට රෑ 3 ට විතර ලෙඩෙක් ගේනවා.අරන් අවෙත් ත්‍රිවිල් රියදුරෙක්.ලෙඩා පාරේ අයිනේ වැටිලා ඉන්නකොට ගේනවා කියලා තමයි කිව්වේ.වයස 50 ක විතර තලතුනා කෙනෙක්.දෙන්නා ගාවම මත්පැන් ගද වහනය වෙනවා.
"මේක බීපු කේස් එකක් සර්, අයිනේ ඇදක් දෙමු".සමන්ගේ කටහඩයි.සමන් කියන්නේ වාට්ටුවේ උපස්ථායක වරයයි.වසර 30 ක් විතරම මේ වාට්ටුවේ වැඩ.
රෝගියා පරික්ෂා කරලා බැලුවා,ප්‍රතිචාර දක්වනවා නම් හොරයි.සිනි මට්ටම නං නොර්මල්.
මේක assault එකක් වත් ද, head injury observation chart එකකකුත් දාගන්න කියලා මිස්ට කියන ගමන් රෝහල් පොලිසියත් දැනුවත් කළා.
අවශ්‍ය රුධිර පරීක්ෂණ වලටත් ලේ යැව්වා.සේලයින් එකකුත් දුන්නා.
ලෙඩා improve වෙන පාටක් නැ.
අයියේ,ලෙඩෙක් ඇවිත් තියනවා කියලා අපේ ජේෂ්ඨ නේවාසික වෛද්‍ය අයියටත් ලෙඩා ගැන විස්තරේ කෝල් කරලා කිව්වා.
"මල්ලි, stroke එකක් වෙන්න ඇති, CT එකක් ගහන්නකෝ".
චට් එකත් එවෙලේම වගේ ගැහුවා,මගේ දැනුමට අනුව ප්‍රශ්නයක් නැ.
ඔව් බීපු කේස් එකක් තමා.උදේටම බලනවා ආපහු කියල මම මටම කියා ගත්තේ සමන් දොස්තරලටත් වඩා හොදට දොස්තර කම ගැන දන්නවා නේද කියල හිතමින්.
උදේ ward round කරනකොට මේ ලෙඩා ඉන්නවා කෙලවරේම ඇදේ.මිනිසාට දැන් නම් සිහිය ඇවිත් වගේ.
ඇස් දෙකත් මැලවිලා,උස්ම ගන්නෙත් අමාරුවෙන්.
"මිස්,ලෙඩා bad ඉස්සරහ අදට ගන්න"."අය්යේ පොඩ්ඩක් බලන්නකෝ".
එතකොටම වගේ අපේ ලොකු සරුත් ආවා.එතුමාත් කායික විශේෂ්‍ය වෛද්‍යවරයෙක් විදියට සේවය කරලා ලගදීම විශ්‍රාම යන්න හිටපු කෙනෙක්.
එතුමා ලෙඩා ගේ history එක සාවදානව අසා හිටියා.CT එකයි අනික් රිපෝර්ට් ත් බලල කිව්වා
පුතා අපි මේකට antivenom දෙමු.
මොකක්?? antivenom??
කමක් නැ ලොකු සර් නේ.
antivenom දීල ලෙඩා ගොඩ ගියේ පැය 2න්.
බිල ආපු ලෙඩෙක් කියල කොනේ හිටපු ලෙඩා ගොඩ අවේ ඒ විදියට
තෙල් කරවලා/common krait
මාරාන්තික විෂ සහිත සර්පයෙකි.
වියලි කලාපයේ බහුලවම දකින්නට ඇත.පෙනයක් නැත.කළු,අළු පැහැති.සුදු පාට රවුම් වයිරමක් බද පැත්තේ ඇත.බඩ පැත්තේ කොරපොතු දික් අතට දිගටම ඇත.පොළගා මෙන් කොට වලිගයක් නැත.ක්‍රමිකව සිහින් වන දිග වලිගයක් ඇත.පැහැදිලි ගෙලක් නැත.
ගොදුරු සොයා ඇදෙන්නේ රාත්‍රී කාලයේ දී.එම නිසා දෂ්ටනය වාර්තා වෙන්නෙත් වැඩිපුරම රාත්‍රී කාලයේදීය.බිම,පිලේ,පාරේ නිදා සිටින අය දෂ්ට කිරීම් බහුලවම වාර්තා වෙයි.
නයා,පොළගා මෙන් දෂ්ට කල තැනක් සොයා ගැනීමට අපහසුය.
ස්නායු විෂ වීම් බහුලවම සිදුවේ.බොහෝ විට නින්දේම මරණය සිදුවේ.

Last edited:

+