එහෙම තමයි ෂඩ් අසාධාරණ ඤාණ වලින් දැකලා දේශනා කරලා තියෙන්නේ බුදු සාදු. පින් කිරියවත් කරාම පුණ්‍යාභි සංස්කාර හැදෙනවලු. සංස්කාර හැදෙන්නේ අවිද්‍යාව නිසා. සසර තියෙන්නෙත් අවිද්‍යාව නිසා. සංස්කාර රැස් නොකිරීම (අතීත සංස්කාර නැති කරනවා නෙමෙයි, අතීත සංස්කාර මත වර්තමාන සංස්කාර රැස් නොකිරීම) තමයි කුසලය. ඒකට ඉතින් සම්මා දිට්ටිය ඕනේ, නැත්තම් ලෞකිකව උපේක්ෂා සහගත වෙන්න පුලුවන් ලෞකිකව ආර්ය අෂ්ථාංගික මාර්ගය වඩන පෘථග්ජනයෙක්ටනම්. ඒත් නිවන් දකිනකන් ආතල් ගන්න කරපු පුණ්‍යාභි සංස්කාර වටිනවා.
පින් කරන්න තියෙන හොදම විදිහ තමයි පෘථග්ජනයෙක්ට, කර්මඵල බලාපොරොත්තුවක්වත්, ලෞකික බලාපොරොත්තුවක්වත් වත් නැතුව කරන එක.
------
Post added on Aug 25, 2025 at 10:39 PM