යූරියා කාබනිකයි. නයිට්රජන් අඩංගු කාබනික සංයෝගයක්.

උඹට අන්දකයිප්පු වගේ ඇති. යූරියා කාබනිකයි පොටෑසියප් ක්ලෝරයිඩ් අකාබනිකයි





නෑ බං ඉරෝසාන් රට පටලවන් තියෙන්නෙ. මෙතන ඇත්තටම මේ රජය කලේ මොකද්ද ?
රසායනික පොහොර භාවිතය නවත්තලා ඒ වෙනුවට කාබනික පොහොරක් ගෙනාපු එක. නිකන් රිප්ලේස්මන්ට් එකක්.
නමුත්... නමුත් රජයෙ කිසිම ප්‍රතිපත්තියක් නෑ වගාව කාබනික එහෙම නැත්නම් ඕගනික් වගාවක් කරනවා කියන එක කොහේවත් කියලා නෑ. ලේසියෙන් එහෙම හෙක්ටාර් ගනන් ඕගනික් කරන්න බෑ. ඕගනික් වගාවක වෙන්න ඕන දේවල් සෑහෙන්න තියෙනවා. මම මේ ටික කියන්නෙ අනෙක් අයටත් දැන ගන්න විතරයි. ඕගනික් වගාවකදි පලිබෝද නාශක භාවිතා කරන්න බෑ. ක්ෘමි නාශක භාවිතා කරන්න බෑ. මොකද ඒවා රසායනික පලිබෝද / ක්ෘමි නාශක. වී වුනත් ජාන තාක්ශනය භාවිතා කරපුවා දාන්න බෑ. ඕගනික් කියන කන්සෙප්ට් එකෙන් පිට එහෙම වුනොත්
මෙතන නැවැත්තුවෙ රසායනික පොහොර භාවිතය විතරයි.. ඒ වෙනුවට කාබනික පොහොර ආදේශ කලා කියලා වගාව කාබනික වගාවක් වෙන්නෙ නෑ. රසායනික පොහොර භාවිතය නැවැත්තුවෙ වකුගඩු රෝගයට පිලියමක් විදියට නම් පලිබෝද නාශක ක්ෘමි නාශක වලිනුත් ජලයට ආහාර වලට වාතයට වස විස මිශ්‍ර වෙනවා.
මේ ලෝකෙ වගාවන් වර්ග ගොඩක් තියෙනවා. රසායනික පොහොර භාවිත කිරීම, ඕගනික් වගාව සහ ජෛවීය වගාව.
ඕගනික් වගාවකට භාවිතා කරන්න පුලුවන් පොහොර වර්ග මම උඩ වෙනම විස්තර කරලා අති.
ඉරෝසාන් පටලවා ගත්තෙ මේක. පොටෑසියම් ක්ලෝරයිඩ් කියන්නෙ ස්වාභාවික කණිජයක්. ඒක ඕගනික් වගාවකදි ශාකයට අවශ්‍ය පොටෑසියම් අවශ්‍යතාවය සපුරන්න හොද ක්‍රමයක්. නමුත් ඒ පොහොර ඕගනික් නම් නෑ. ඕගනික් පොහොර ඕගනික් වගාව රසායනික පොහොර රසායනික පොහොර භාවිතයෙන් කරන වගාව කියන්නෙ අහස පොලව වගේ කන්සෙප්ට් එකක්.
------
Post added on Oct 15, 2021 at 4:31 PM