මහින්ද, නන්නත්තාර නොවී සිටීමට නම්.......

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඔලුව විකාරෙන් කියවන විමල්ලගෙ නලීන්ලගෙ ගොබ්බ මතවාදත් එක්ක දිනන්න බැහැ.
    මිනිස්සු හිතන විදිහ හදුනන වික්ටර් අයිවන්ලගෙන් උපදෙස් ගන්න-බැසිල් රාජපක්ශ
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔලුව විකාරෙන් කියවන විමල්ලගෙ නලීන්ලගෙ ගොබ්බ මතවාදත් එක්ක දිනන්න බැහැ.
    මිනිස්සු හිතන විදිහ හදුනන වික්ටර් අයිවන්ලගෙන් උපදෙස් ගන්න-බැසිල් රාජපක්ශ

    විමලා කෙසේ වෙතත් අර කුහක අචාරියා නම් මරු විකල්ලෙන්මයි ඉන්නේ. ඕකට මාරම ඉරිසියාවක් බන් තියෙන්නේ බටහිර විද්‍යාවත් එක්ක. ඕක මගේ මැත ප්‍රොපා කැලනියේ. මූ හැම වෙලාවේම ගුරුත්වය ගැන බටහිර ගෙතුවේ බොරු කියලා දොඩොවනවා. දවසක් කොල්ලෙක් මුගෙන් අහපි

    දැන් සර්ගේ ගුරුත්වය පිළිබඳව න්‍යායක් තියෙනවනේ (ප්‍රත්‍යක්ෂයෙන් ගොඩ නැඟිම) ඒ න්‍යාය අනුව මිටර100ක් උස බිල්ඩිමකින් අත හරින යකඩ බෝලයක් තප්පර කියකට පස්සේ පොළොවට පතිත වෙයිද කියලා කියන්න පුළුවන්ද ?

    මේ ප්‍රශ්නේට පොර තක්බීර් වුනා. පොර කරන්නේ මහා මවාපෑමක් අන්තිමට ඒ කොල්ලට ඇණයක් හිටියා ඒ සෙමෙස්ටර් එකේ.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    විමලා කෙසේ වෙතත් අර කුහක අචාරියා නම් මරු විකල්ලෙන්මයි ඉන්නේ. ඕකට මාරම ඉරිසියාවක් බන් තියෙන්නේ බටහිර විද්‍යාවත් එක්ක. ඕක මගේ මැත ප්‍රොපා කැලනියේ. මූ හැම වෙලාවේම ගුරුත්වය ගැන බටහිර ගෙතුවේ බොරු කියලා දොඩොවනවා. දවසක් කොල්ලෙක් මුගෙන් අහපි

    දැන් සර්ගේ ගුරුත්වය පිළිබඳව න්‍යායක් තියෙනවනේ (ප්‍රත්‍යක්ෂයෙන් ගොඩ නැඟිම) ඒ න්‍යාය අනුව මිටර100ක් උස බිල්ඩිමකින් අත හරින යකඩ බෝලයක් තප්පර කියකට පස්සේ පොළොවට පතිත වෙයිද කියලා කියන්න පුළුවන්ද ?

    මේ ප්‍රශ්නේට පොර තක්බීර් වුනා. පොර කරන්නේ මහා මවාපෑමක් අන්තිමට ඒ කොල්ලට ඇණයක් හිටියා ඒ සෙමෙස්ටර් එකේ.

    වැස්සටද කැම්පස් ගියේ?:baffled:
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    විමලා කෙසේ වෙතත් අර කුහක අචාරියා නම් මරු විකල්ලෙන්මයි ඉන්නේ. ඕකට මාරම ඉරිසියාවක් බන් තියෙන්නේ බටහිර විද්‍යාවත් එක්ක. ඕක මගේ මැත ප්‍රොපා කැලනියේ. මූ හැම වෙලාවේම ගුරුත්වය ගැන බටහිර ගෙතුවේ බොරු කියලා දොඩොවනවා. දවසක් කොල්ලෙක් මුගෙන් අහපි

    දැන් සර්ගේ ගුරුත්වය පිළිබඳව න්‍යායක් තියෙනවනේ (ප්‍රත්‍යක්ෂයෙන් ගොඩ නැඟිම) ඒ න්‍යාය අනුව මිටර100ක් උස බිල්ඩිමකින් අත හරින යකඩ බෝලයක් තප්පර කියකට පස්සේ පොළොවට පතිත වෙයිද කියලා කියන්න පුළුවන්ද ?

    මේ ප්‍රශ්නේට පොර තක්බීර් වුනා. පොර කරන්නේ මහා මවාපෑමක් අන්තිමට ඒ කොල්ලට ඇණයක් හිටියා ඒ සෙමෙස්ටර් එකේ.

    ප්‍රත්‍යක්ෂයෙන් ගොඩ නැඟිම? mokadda bola e න්‍යාය?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ප්‍රත්‍යක්ෂයෙන් ගොඩ නැඟිම? mokadda bola e න්‍යාය?

    ලොකු ටෝක්ස් දෙන මේකේ ඉන්න වැඩි හරියක් තාම අම්මගෙන් සල්ලි ඉල්ලගෙන data card එකට reload දාගෙන elakiri එන උන් මචන්... එක මිනිහෙක් මහින්දගෙන් ගේම ඉල්ලලත් තිබුනා... හැබැයි පොර තාම a/l ලියලත් නෑ.. ඉන්ටනෙට් වීරයෝ...
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලොකු ටෝක්ස් දෙන මේකේ ඉන්න වැඩි හරියක් තාම අම්මගෙන් සල්ලි ඉල්ලගෙන data card එකට reload දාගෙන elakiri එන උන් මචන්... එක මිනිහෙක් මහින්දගෙන් ගේම ඉල්ලලත් තිබුනා... හැබැයි පොර තාම a/l ලියලත් නෑ.. ඉන්ටනෙට් වීරයෝ...

    ඕවා මොනවද නලින් ද සිල්වත් බොරු කියන්නේ :rofl:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අපිට KONDAK නෑ මහින්ද කොහෙද අපෙ ජන්දෙ එතන


    අපිට අත්මේස් නෑ... මයිත්‍රී කොහෙද, වහල්ලු එතන...:lol::lol::lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මැ කො දේශපාලනයට


    මැතිවරණ කොමසාරිස්වරයා දේශපාලනයට අවතීර්ණ වී ඇත. ඔහු එසේ කර ඇත්තේ අද ඊයේ නො වේ. පෞද්ගලික ව ජනමාධ්‍යවෙිදීන් සමග කරන සාකඡාවල දී ඔහු ඇතැම් ජනමාධ්‍යවෙිදීන්ට ජාතික මතවාදවලින් බැහැරවීමට උපදෙස් දී ඇත. ජාතික මතවාදවල ඇත්තේ ජනමාධ්‍යවේදීන්ගෙන් කිහිප දෙනකු පමණ ය. මැතිවරණ කොමසාරිස් තම බලය අයුතු ලෙස යොදා ජනමධ්‍යවේදීන්ට බලපෑම් කරන්නේ ඇයි?

    කිසිම පුද්ගලයකු අපක්‍ෂපාති නැත. අපි සියළු දෙනාම යම් පමණකට අපේ අධ්‍යාපනයේ ප්‍රතිඵල වෙමු. අපට අපේ දෙමව්පියන්ගෙන් ලැබුණු දේශපාලන ආගමික හා වෙනත් සංස්කෘතික මතවාද වෙයි. අප කිහිප දෙනකුට අපට ලැබුණු බටහිර ගැති ලිබරල්/මාක්ස්වාදී අධ්‍යාපනයෙන් කැඩී වෙන්වීමේ වාසනාව තිබුණ ද බොහෝ දෙනෙක් බටහිර අධ්‍යාපනයෙහි හිරකරුවෝ වෙති. මැතිවරණ කොමසාර්ස් ද අයත්වන්නේ දෙවැනි ගණයට ය. ඒ දෙවැනි ගණයට අයත් පිරිස බහුතරය බැවින් ද ඔවුන්ට බටහිර ආධිපත්‍යයික ආරක්‍ෂාව ලැබෙන බැවින් ද මෙරට ඊනියා අපක්‍ෂපාතීත්වය තීරණය වන්නේ ඔවුන් අතිනි. මැතිවරණ කොමසාරිස් තමා අපක්‍ෂපාති යැයි සහතිකයක් ලබන්නේ මේ තුට්ටුවක් නොවටිනා අනුකාරක පඬියන් අතිනි.


    ජනවාරි 8 වැනි දා උතුරු පළාතේ පැවැත්වූ ජනාධිපතිවරණය පිළිබඳ ව ඇතැමුන් තුළ ඇත්තේ පහන් සිතිවිලි නො වේ. එහෙත් ඔවුහු තම මත ප්‍රසිද්ධියේ නොකියති. උදේ වරුවේ ඡන්දය දැමීමේ ප්‍රතිශතය 23ක් පමණ වුව ද සවස් යාමය වන විට එය හැත්තෑගණනකට ඉහළ ගියේ කෙසේ ද යන්න අදත් නොවිසඳි ප්‍රශ්නයකි. විවිධ පුද්ගලයන්ට ඒ සඳහා විවිධ හේතු ඉදිරිපත් කළ හැකි ය. එහෙත් එකී සිද්ධිය පිළිබඳ ව හැකි ඉක්මණින් පරීක්‍ෂණයක් පැවැත්වීම මෙරට දේශපාලනයට හිතකර ය.


    මැතිවරණ කොමසාරිස් පසුගිය දා ප්‍රකාශයක් කරමින් දේශපාලනඥයන් තම වාසිය සඳහා ජාතිවාදී හැඟීම් ඇවිස්සීමෙන් තොරව කටයුතු කිරීමේ වැදගත්කම සඳහන් කර ඇත. බැලූ බැල්මට මෙය යහපත් ප්‍රකාශයකි. එහෙත් මේ ප්‍රකාශය බටහිරයන් විසින් ඇතිකරනු ලැබූ දෙමළ ජාතිවාදයේ දෙමළ ජාතික සංධානයට බලපාන්නේ නො වේ. එය බලපාන්නේ නම් විසඳී ඇති ප්‍රශ්නයක් නැවතත් මතුකරමින් (ටී එන් ඒ සන්නිය ලිපිය කියවන්න) දෙමළ ජාතික සංධානය ඉදිරිපත් කර ඇති මැතිවරණ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම යම් පියවරක් ගැනීමට මැතිවරණ කොමසාරිස් ඉදිරිපත් විය යුතු ය. දෙමළ ජාතියක් යනුවෙන් වෙන ම ජාතියක් ඇති බව, ඔවුන්ට ස්වයංනිර්ණ අයිතිය ඇති බව හා තවත් එවැනි දෙමළ ජාතිවාදී හැඟීම් අවුස්සන ප්‍රකාශ ඇතුළත් එකී මැතිවරණ ප්‍රකාශය පිළිබඳ මැතිවරණ කොමසාරිස් නිහඬ ඇයි?


    අප බොරු පඬියන් වීමට උත්සාහ කළත් මෙරට ජාතිවාදීන් ලෙස අධිපති බටහිර මතවාදය විසින් හැඳින්වෙන්නේ සිංහලයන්ගේ, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින අතළොස්සකි. මැතිවරණ කොමසාරිස් වෙස් මුහුණක් පැළඳ ගත්ත ද, ඔහුගේ ඊනියා අපක්‍ෂපාතී ප්‍රකාශය ඒ අතළොස්සට විරුද්ධව ය. මැතිවරණ කොමසාරිස් එංගලන්තයට ගොස් ඇතැයි සිතමු. එංගලන්තයේ ඇංග්ලො සැක්සන් ක්‍රිස්තියානින්ට ඇති අයිතිවාසිකම් හා වරප්‍රසාද මෙරට සිංහල බෞද්ධයන්ට තිබේ ද? මැතිවරණ කොමසාරිස් උත්සාහ කරන්නේ බටහිර ලිබරල්/මාක්ස්වාදී මතවාදවල පිහිටෙන් සිංහල බෞද්ධයනට තිබෙන සොච්චමත් නැති කිරීමට ය. ඒ මතවාදවල කිසිම අපක්‍ෂපාතීත්වයක් නැත.


    මැතිවරණ කොමසාරිස් තවත් ප්‍රකාශයක් කරමින් පන්සල්වල දේශපාලනය කිරීමට විරුද්ධ වී ඇත. ඔහු ගෙදරින්, පාසලෙන් හා විශ්වවිද්‍යාලයෙන් ලැබූ අධ්‍යාපනය හේතුවෙන් මෙරට ඉතිහාසය නො දනියි. මෙරට පන්සල් දේශපාලනයෙන් වියුක්ත වූ යුගයක් ගැන මැතිවරණ කොමසාරිස් දන්නේ ද? එංගලන්ත ඉතිහාසය ගැන දන්නේ නම් එහි පල්ලිවල තිබූ හා තිබෙන දේශපාලනය ගැන අවබෝධයක් මැතිවරණ කොමසාරිස්ට තිබිය යුතු ය. ආගම රාජ්‍යයෙන් වෙන්විය යුතු බවට බටහිර අධ්‍යාපනයෙහි සඳහන් වන්නේ තවත් ඊනියා විද්‍යාත්මක පට්ටපල් බොරුවක් ලෙස ය. විශ්වවිද්‍යාලයේදී පට්ටපල් බොරු උද්භිද විද්‍යාව හදාරා එයින් කැඩීමට නොහැකි වූ අයකුගෙන් සිංහල බෞද්ධයනට යහපතක් වේ යැයි බලාපොරොත්තු විය නො හැකි ය.


    නලින් ද සිල්වා


    2015 ජූලි 31
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෛත්‍රිපාල ද්‍රෝහියකු පමණක් නොව නිවටයෙක් ද වෙයි.

    අගමැති කමට කෑදර වී පක්‍ෂයට විරුද්ධව කටයුතු කළ මෛත්‍රිපාල සිරිසේන අද පක්‍ෂ සභාපතිත්වය රැක ගැනීමට පක්‍ෂයට තව තවත් ද්‍රෝහි කම් කරයි.
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රනිල්ගේ පොරොන්දු


    1980 දී රනිල්ගේ වයස අවුරුදු තිහක් පමණ වී යැයි සිතමි. එකල තිබුණේ ඔහුගේ මාමා වූ ජේ ආර් ජයවර්ධනගේ ආණ්ඩුවකි. 1977 දී බලයට පත්වූ ජේ ආර් ධර්මිෂ්ඨ සමාජයක් ඇති කිරීමට පොනේදු විය. මාමා පොරෙන්දු ඉටු කිරීමේ දක්‍ෂයෙක් විය. ඔහු අධර්මිෂ්ඨ භීෂණ රජයක් පිහිටුවී ය. අද යහපාලනය ගැන මැත දොඩන කුලියට කහින ධර්මසිරි බණ්ඩාරනායක එදා ජේ ආර්ට විරුද්ධව නාට්‍යයක් නිෂ්පාදනය කර ගැනීමට තරම් කොන්දක් නොමැතිව පරිවර්තන කෘතියක් ලෙස මකරාක්‍ෂයා නිෂ්පාදනය කෙළේ හොරණ විද්‍යාරත්නයෙන් ලැබුණු තුට්ටු දෙකේ මාක්ස්වාදී ආභාසයෙන් විය යුතු ය. පොතේගුරු කසිකබල් මාක්ස්වාදීන් වූ ඔවුහු කිසි දිනෙක ජාතිකත්වයක් සහිතව යටත්විජිත විරෝධී කලාකරුවෝ නොවූහ. ඔවුහු ද අවසාන විග්‍රහයේ දී බටහිර ගැත්තෝ වූහ. අද ඔවුන් රනිල් වැනි බටහිර ගැත්තකු සමග යම් ජාතිකත්වයක් ඇති මහින්ද රාජපක්‍ෂට විරුද්ධව දීිග කන්නේ ඔවුන්ගේ ජාතිකත්වයක් නැති කසිකබල් මාක්ස්වාදයේ හෙළුව ද ප්‍රදර්ශනය කරමිනි.


    එ ජා ප ඊයේ උපන් පක්‍ෂයක් නො වේ. ගොන් කතා කීමෙහි ප්‍රසිද්ධ කිරඇල්ලලාට, තමන් විසින් මෙරටට ගෙන්වන ලද පාතාල කුඩ්ඩන් ට වෙනත් පාතාලයන් කරන වෙඩි තැබීම් සංධානයට පැටවීමට වෑයම් කරන රවිලාට මතක නැති වුවත් 1977 සිට 1994 දක්වා මෙරට පාලනය කෙළේ රනිල්ගේ මාමා ජේ ආර් හා වෙන්ඩ උපාධිධාරී සජිත්ගේ පියා ආර් ප්‍රේමදාස හා ටික කලකට මෙලෝ රහක් නැති විජේතුංග ය. එකල රනිල් යම් කාලයක අධ්‍යාපන ඇමති පදවිය දැරී ය. අපකීර්තිමත් ධවල පත්‍රිකාව ගෙන ආවේ එකල බව චම්පකට හා අනුර දිසානායකට අමතක වීමට හේතුවක් නැත. ඔවුහු අද රනිල්ගේ චුවිං ගම් හප හපා සිටිති. රනිල්ලා අනුරලා 87 -92 භීෂණය ගැන වගකිවයුත්තෝ වෙති. පාතාලය සමග එ ජා ප නායකයන්ගේ සම්බන්ධය ඉතා ඇත අතීතයට යයි. මැතක දී වුවත් ගෝනවල සුනිල් සමාව හා රනිල් අතර සම්බන්ධය මැදි වයසේ අය ද දනිති.


    ධවල පත්‍රිකාවට අමතරව දිනකට රුපියල් දහයක වැටුප් වැඩිකිරීමක් ඉල්ලා වැඩ වර්ජනය කළ ජූලි වර්ජකයන් මහපාරට ඇද දැමුවේ ජේ ආර් ය. ජූලි වැඩවර්ජකයන් කී දෙනෙක් සිය දිවි නසා ගත්තෝ ද? ඔවුන්ගෙන් කී දෙනකුගේ දරුවන්ගේ අනාගතය ජේ ආර් කා දැමුවේ ද? රාජ්‍ය සේවය කප්පාදු කරන ලද්දේ රනිල්ලාගේ ආණ්ඩු විසිනි. පොදුවේ ගත්කල එ ජා ප ආණ්ඩු රාජ්‍ය සේවය කප්පාදු කිරීමට බැඳී සිටියි. නිදහස් අධ්‍යාපනයේ මළගම සනිටුහන් කරමින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක උපාධිධාරීන්ට කොළඹ විශ්වවිද්‍යාලයෙහි උපාධි ප්‍රදානය කිරීමට තීරණය කෙළේ රනිල්ලාගේ ආණ්ඩුවකිනි. අනුර දිසානායකට හා චම්පකට ත්‍රීමාවිතාන මතක ද? අඩුම තරමෙන් රතන හිමියන්ට මතක ද? කරු පරණවිතානට මතක ද?


    රනිල්ගේ පොරොන්දු තවත් ව්‍යාජ පොරොන්දු පමණ ය. රාජ්‍ය සේවය කප්පාදු කිරීමට, රාජ්‍ය වැය අඩු කිරීමට, නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවය කප්පාදු කිරීමට බටහිර යටත්විජිතවාදීන් සමග එකඟත්වයනට පැමිණ සිටින පක්‍ෂයක් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමක් ගැන කතාකරන විට නිදහස් අධ්‍යාපනය නගා සිටුවීමට කතාකරන විට ඔවුන් කරන රැවටිල්ල අපට තේරුම් ගත හැකි ය. ඇතැම් තරුණ තරුණියන් මේ කිසිවක් නොදන්නවා විය හැකි ය. එහෙත් ඔවුන්ට වුව ද දැනුවත් වීමට තවත් සති දෙකක පමණ කාලයක් ඉතිරි වී ඇත.


    1977 -– 1994 කාලය හඳුන්වනු ලැබුයේ දහහත් අවුරුදු ශාපය ලෙස ය. රනිල් ඉල්ලන්නේ ශාපය අඩු තරමෙන් මාස හැටකින් දිර්ඝ කර රට දෙමළ ජාතිවාදීීන්ට පාවාදීමට ය. අප ඔහුගේ බොරු පොරොන්දූවලට රැවටිය යුතු නො වේ. රනිල්, අනුර, චම්පක එකතු වී තවත් භීෂණයකට මුල පුරනු ඇත.


    නලින් ද සිල්වා

    2015 ජූලි 31