මහින්ද පිල්ලෙට ගහපු මැදමුලන ගැටේ

KrishanN

Active member
  • Mar 12, 2013
    454
    32
    28
    Dehiwala
    මහින්ද පිල්ලෙට ගහපු මැදමුලන ගැටේ

    'පිල්ලෙ එයි - මහින්ද යයි'
    මේ පසුගිය සඳුදා සියලු පුවත්පත් මුල් පිටුවේ පළකර තිබූ ප්‍රවෘත්තියය. මේ පුවත අපේ රටේ පත්තරවලට විතරක් නොව විදෙස් මාධ්‍යයන්ට පවා ලොකු පුවතක් වුණේ මේ සිදුවීම් දෙකම සිදුවේවි යැයි කියා කවුරුවත් නොහිතපු නිසාය. මොකද කවුරුත් හිතාගෙන හිටියේ පිල්ලේ කවදාවත් ලංකාවට එන එකක් නැතැයි කියාය.
    හැබැයි මෙහේ විපක්‍ෂය නම් පිල්ලේ ආපු එකටත්, මහින්ද ගිය එකටත් එක එක කතා කීවේය.

    'මහින්ද පිල්ලෙ ඉස්සරහ දෙකට තුනට නැවිලා බය වෙලා තමයි ලංකාවට එන්න කියලා ආරාධනා කෙළේ. මුලින් සිංහයො වගේ කිව්වෙ ලංකාවට පස් පාගන්න එන්න දෙන්නෙ නැහැ කියලයි......'
    පිල්ලෙ ආපු එකට විපක්‍ෂය කිව්වේ එහෙමය.
    'මහින්දට යන්න කිසිම රටක් නෑ. ඒකයි ඔය කවුරුවත් යන්නෙ නැති පොඩි පොඩි වැදගැම්මකට නැති රටවල් හොය හොයා යන්නෙ. බෙලරූස් කියන්නේ බටහිර කිසිම රටක නායකයෙක් යන්නෙ නැති, බටහිරින් සම්බාධක පනවපු, තමන්ගෙ පැවැත්මට රටේ ව්‍යවස්ථාව වෙනස් කරපු ඒකාධිපති පාලකයෙක් ඉන්න රටක්. මහින්ද ගියේ එහෙම රටකට.'

    මහින්ද බෙලරූස් ගිය එක විපක්‍ෂය දැක්කේ ඒ විදියටය.
    හැබැයි මේ විදියට මහින්දට ගහන විපක්‍ෂය මහින්ද ඇත්තටම බෙලරූස් ගියේ මොකටද කියන එක දන්නේ නැත. බෙලරූස් ගිය මහින්ද පිල්ලෙට ගහපු මැදමුලන ගැටේ මොකක්ද කියන එක දන්නේ නැත.
    පිල්ලේ ඊයේ පෙරේදා ලංකාවට ආවට පිල්ලෙට ලංකාවට එන්න කියලා මහින්ද ආරාධනා කෙළේ මීට අවුරුදු දෙකකට කලින්ය. ඒ වෙලාවේ මහින්දගේ තර්කය වුණේ ජිනීවාවලට වෙලා ඉඳගෙන ලංකාව ගැන එක එක විදියේ වාර්තා හදන්නේ නැතිව, ලංකාව ගැන එක එක යෝජනා ජිනීවාවල සම්මත කරන්නේ නැතිව ලංකාවට ඇවිල්ලා ඇස් දෙකෙන් බලලා තත්ත්වය හරිහැටි ලෝකයට කියන ලෙසය.
    'එව බලව....'

    මහින්ද එදා පිල්ලේට ආරාධනා කළේ එහෙමය.
    හැබැයි පිල්ලේ ලංකාවට ආවේ නැත. පිල්ලේ මේ ළඟදී අල්ලපු ගෙදර වූ ඉන්දියාවේ සංචාරයකට ආවත් වතුර උගුරක් බොන්න වැට පැනලා ලංකාවේ ගෙට අඩිය තියන්න ආවේ නැත. එහෙම කරලා පිල්ලේ ලෝකයට පෙන්නන්න හැදුවේ ලංකාවට ඇවිත් වැඩක් නෑ, ලංකාව ගැන ලෝකයා කියන කතා ඇත්ත වගේ චිත්‍රයක්ය.
    පිල්ලේගේ මේ සෙල්ලම මහින්ද හරියටම දැනගෙන සිටියේය. ඒ නිසා මහින්ද කළේ යූඑන් එකේ ලංකාවට හිතවත් රටවල් අල්ලගෙන ජිනීවාවල ඉඳන් වාර්තා හදන්නෙ නැතිව ලංකාවට ගිහින් මොකද වෙන්නේ බලපන් කියා පිල්ලේට ප්‍රෙෂර් එක දැම්මවීමය. එහෙම ප්‍රෙෂර් එක දාලා පිල්ලේව ගෙන්නගෙන උතුරු නැඟෙනහිරට යවා ඒ පළාත්වල සිද්ධවෙන සංවර්ධනය ඇස් දෙකෙන් දැකගන්නට පිල්ලේට අවස්ථාවක් සලසා දීමය.

    මහින්දගේ මේ සෙල්ලමත් පිල්ලේ නොදන්නවා නොවේ. පිල්ලේ මුලින් ලංකාවට ආවේ නැත්තේ ඒ නිසාය. ඒ ආවේ නැත්තේ වෙන මොකවත් නිසා නොව එහෙම ගියොත් දෙමළ ඩයස්පෝරාවයි, බටහිර රටවලුයි කියන කතා බොරු බව කට ඇරලා ලෝකයට කියන්න වන බව දන්නා නිසාය. උතුරු නැඟෙනහිර සිදුව ඇති දැවැන්ත සංවර්ධනය ඇහැට දැක ඒ ගැන වාර්තාවක් යූ.එන්. එකට දෙන්න සිද්ධ වෙන බව දන්නා නිසාය.

    පිල්ලේ ලංකාවට ඒම මඟහැරියේ ඒකය. හැබැයි තමන්ට හිතවත් රටවල් ලවා මහින්ද පිල්ලේට කියවූවේ ආරාධනා කරලත් එන්නේ නැත්නම් ලංකාවට එරෙහි ඩයස්පෝරා කුමන්ත්‍රණයේ පිල්ලේත් කොටස්කාරියක් යැයි කියාය. යූඑන් එකේ තනතුරක් උපයෝගී කොටගෙන පිල්ලේ ලංකාවට වින කටින්න හදනවා යැයි කියාය.
    පිල්ලේ ලංකාවට ආවේ එහෙමය. ඒ අතින් බලද්දී පිල්ලේ ලංකාවට ඒමම මහින්දගේ විශාල ජයකි. ඩයස්පෝරාව ලැබූ විශාල පරාජයකි. ඒ බව හොඳටම තහවුරු වෙන්නේ පිල්ලේගේ ලංකා ගමන ගැන ඩයස්පෝරාවට හිතවත් 'ටැමිල්නෙට්' වෙබ් අඩවිය කියන කතා දිහා බලන විටය. ටැමිල්නෙට් කියන්නේ පිල්ලේගේ ලංකා ගමන තනිකරම ආණ්ඩුවේ වුවමනාව අනුව සිදුවෙන්නක් යැයි කියාය. ඒකෙන්ම පිල්ලේගේ ලංකා ගමනින් ආණ්ඩුව දිනුම් බව හොඳටම පැහැදිලිය.
    'හරි.... පිල්ලේ ආපු එකෙන් ආණ්ඩුව දිනුම් නම් මොන කෙහෙල්මලකටද මහින්ද පිල්ලේ එද්දී බෙලරූස් ගියේ....'

    සමහරු එහෙමත් අසති.
    මහින්ද බෙලරූස් ගියේත් නිකම් නොව පිල්ලේටත් විපක්ෂයටත් තව පණිවුඩයක් දීමටය.
    මොකද ලංකාවේ වගේම බෙලරූස් විපක්ෂයත් එල්ලිලා ඉන්නේ ඇමෙරිකාව, යුරෝපා කොමිසම ඇතුළු බටහිර රටවල් පිටේය. ලංකාවේ විපක්ෂයට මහින්ද එළවන්න බටහිර රටවල් යටින් ඉඳන් සහාය දුන්නත් බෙලරූස් ජනාධිපති ලුකෂෙන්කෝව එළවන්න ඇමෙරිකාව යුරෝපා කොමිසම ඇතුළු බටහිර රටවල් එළිපිටම බෙලරූස් විපක්ෂයට සල්ලි ලබා දෙයි. ඒත් බෙලරූස් ජනතාව ලුකෂෙන්කෝ එක්ක එක පෙළට හිටගෙන ඉන්න නිසා බටහිර රටවල සල්ලිවලට ඔහුව ගෙදර යැවිය නොහැකි වී තිබේ.

    මේ විදියට ලුකෂෙන්කෝව එළවන්න බටහිර රටවල් වලි කද්දී ලංකාවේ මහින්දට වගේම ලුකෂෙන්කෝගේ ගැලවුම්කාරයා බවට පත්වුණෙත් චීනය හා රුසියාවය.
    ඒ නිසා පිල්ලේ මෙහෙට එද්දී මහින්ද කොන්ද කෙළින් තියාගෙන බෙලරූස් ගියේ මම පිල්ලේටවත්, බටහිරටවත් සක්කරයාටවත් බය නැහැ කියන එක ලෝකෙට පෙන්නන්නටය. ඒ වගේම කාටවත් නැවෙන්නෙත් නැහැ කියන එක ලෝකෙට පෙන්නන්නටය.

    ඒ විතරක් නොව මහින්ද මේ බෙලරූස් ගමනින් බටහිර කරන අසාධාරණයට එරෙහිව බෙලරූස් රටත් එකතු කරගන්න සූදානම් බව ලෝකයට පෙන්නුවේය.
    "අපි දෙගොල්ලන්ටම තියෙන්නේ එකම ප්‍රශ්නේ. අපි දෙගොල්ලොම විවිධ රටවල්, විවිධ සංවිධාන චෝදනා එල්ල කරලා අපව හිරකරන්න හදනවා..."
    මහින්ද බෙලරූස්වලදී කට ඇරලා ලෝකෙටම ඇහෙන්න කීවේ ඒකය. ජනතාව තමන්ට අවශ්‍ය, රටට අවශ්‍ය ජනාධිපතිවරයා පත් කරගත්තත් බටහිර රටවල් ඒ ජනාධිපතිවරුන්ට දූෂණ චෝදනා එල්ල කොට, මානව හිමිකම් චෝදනා එල්ල කොට වට්ටන්න හදන පණිවුඩය මහින්ද එහිදී ලෝකයට දුන්නේය.

    අනෙක් අතට චීනය කියන්නේ ලෝකය ගැන හොඳ ඉවක් තියෙන රටකි. මොකද චීනය මහා බලවතෙක් වන්න සිහින මවපු දා ඉඳන්ම බටහිර පස්සේ වැටුණේ නැත. චීනය ගියේ බටහිරට වඳින්න ගියේ නැත. බටහිරට පක්කලිකම් කරන්න ගියේ නැත. බටහිර ඇස නොගැසුණු පොඩි පොඩි රටවල් පස්සේය. අප්‍රිකානු මහද්වීපයේ කුඩා රටවල් පස්සේය. මොකද මහ ගංගාවක් වතුර බින්ඳුවකින් පටන් ගන්නවා වාගේ බලගතු රටවල් ගොඩ නැඟුණේ පුංචි පුංචි රටවල්වල ශක්තියෙන් බව චීනය දැන සිටියේය. ඒ නිසා චීනය කළේ ඒ ඒ පුංචි රටවල විශාල වශයෙන් ආයෝජනය කර සල්ලි හොයන එකය. ඒකෙන් ඒ රටවල් වගේම චීනයත් ගොඩ ගියේය.

    ඉතින් මහින්දත් කරන්නේ ඒකය. මහින්දත් ලංකාව බලවත් රාජ්‍යයක් කරන්න බටහිර පස්සේ වැටුණේ නැත. බටහිරට වඳින්න ගියේ නැත. බටහිරට පක්කලිකම් කරන්න ගියේ නැත. මහින්ද කරන්නෙත් චීනය වගේ බටහිර අත්හැරලා ලෝකේ තියෙන පුංචි පුංචි රටවල් එක්ක එකතු වෙලා වෙළෙඳ ගිවිසුම් ඇති කරගෙන ලංකාවේ සංවර්ධනයට සල්ලි හොයාගන්න එකය.

    ඒ අතින් බලද්දී මහින්දගේ බෙලරූස් ගමන පල්ලෙහාට ඇදලා දාන්න විපක්ෂය කොච්චර උත්සාහ කළත්, බෙලරූස් ගමනින් මහින්ද පරාදයි කියලා පෙන්වන්න කොච්චර දත කෑවත් බෙලරූස් ගමන ලංකාවේ ජයක් බව මහින්ද ඔප්පු කොට පෙන්නුවේය. ලංකාවට ආ පිල්ලේගේ වාර්තාව ඉදිරියේ ඒ ජයග්‍රහණය තහවුරු කරනවාට සැකයක් නැත.


    උපුටා ගැනීම මව්බිම පුවත්පතින්
     

    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    " මහින්ද දිණුම්....... අනේ *K "
    :P:P:P:P:P
    :rofl::rofl::rofl::rofl::rofl:

    පිල්ලේ වැඩ අරඹයි… ලංකාව පතුරු ගසයි

    පිල්ලේ වැඩ අරඹයි… ලංකාව පතුරු ගසයි
    ශ‍්‍රී ලංකා සංචාරයක නිරත වුණු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය මෙරටදී කළ ප‍්‍රකාශ සහ ඇය මෙරටින් පිටව ගිය පසු එක්සත් ජාතීන්ගේ නිල වෙබ් අඩවියේ සදහන් කර ඇති කරුණු අතර පරස්පරතා දක්නට තිබේ.

    ශ‍්‍රී ලංකා රජය සහ හමුදාව පිල්ලේ මහත්මියට මෙරටදී බාධා කිරීම් සිදුකළ බවත්, සිවිල් සංවිධාන මුණ ගැසීමට අවසර ලබා නොදුන් බවද එක්සත් ජාතීන්ගේ වෙබ් අඩවියේ සදහන් ය.

    එසේම ශ‍්‍රී ලංකාවේ ස්ත‍්‍රීන්ට ලිංගික බලහත්කාරකම් සිදු වන බවද, ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය බහුලව සිදු වන බවට එහි සදහන්ය.
    වෙබ් අඩවියේ වාර්තාව... http://www.un.org/apps/news/story.asp?NewsID=45743&Cr=Sri+Lanka&Cr1=#.Uitw4NJmiSo
     
    Last edited: