ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාවර වීම.
ලංකාවේ පසුගිය වසර හතර තුළ දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ සනාත කළ හැකි සිදුවීමක් ලෙස රහස් පොලීසියේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාගේ නීති විරෝධී ස්ථාන මාරුව සදහන් කළ හැක. ජනාධිපතිවරයා විසින් රාජපක්ෂවරුන්ට එරෙහිව ඇති මිනී මැරුම් චෝදනා යට ගැසීම සදහා ඔහුව මාරු කළ යැව්වද පොලිස් කොමිසම එය අවලංගු කළේය. ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් නීතිවිරෝධී අගමැතිවරයෙකු පත් කිරීම නීතිවිරෝධීව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හා නීත්‍යානූකූල නොවන මාරු කිරීම් හා පත්කිරීම් සිදුකිරීම අභියෝගයට ලක්කරමින් රටේ ප්‍රධානතම ප්‍රජාතන්ත්‍රවාදී ආයතන හතරක් ජනාධිපතිවරයාගෙන් ගේම ඉල්ලා තිබේ. එකක් ශ්‍රේෂ්ඨාධිකරණයයි, දෙක පාර්ලිමේන්තුවයි, තුන මැතිවරණ කොමිසමයි, හතර පොලිස් කොමිසමයි. මේ අනුව ජනාධිපතිවරයාගේ විධායක බලතල 19 ව්‍යවස්ථා සංශෝධනයෙන් කප්පාදු වී තිබේ. මේ රටේ රාජ්‍ය නිලධාරීන්ට කීමට ඇත්තේ නීතිවිරෝධී තීන්දු ගන්නා ජනාධිපතිට එසේනම් ඔබට කෙසේ විය හැකිද? එම නිසා ඔබ දුක් මහන්සියෙන් උපයා ගත් ඔබේ දූ දරුවන් වෙනුවෙන් ඇති ධනය, දේපළ හා කීර්තී නාමය තක්කඩි ජුන්ටාවක් වෙනුවෙන් බිලි නොදෙනා ලෙසයි. මන්ද නව විගණන පනත අනුව නිලධාරීන් රජයට සිදුකරන පාඩුව පෞද්ගලිකව ගෙවිය යුතු අතර නැතහොත් සිර දඩුවම් විදිය යුතුය. ඔබේ තීන්දු තීරණ වල තොරතුරු, තොරතුරු පනත හරහා ජනතාව අතට පත්වීමට ගතවන්නේ ඉතා සුලු වෙලාවකි.
ප්‍රජාතන්ත්‍රවාදයට හා නීතියේ ආධිපත්‍යයට එරෙහි මෙම බලවේගයට කිසිවෙකුත් යටත් නොවන අතර එය නිශ්චිතවම පරාජය කරන්නෙමු. එය පරාජය කිරීම කාලය පිළිබද ප්‍රශ්නයක් පමණි.
Thushara D Wanniarachchi