මහ රෑ වැස්ස.
ඉඩෝරේ පිරිපත
නිවාලන වැසි ඇවිත්
මහ රෑ
අලුත සෙවිලි කල
පොල් අතු වහල
නොපීරූ කොණ්ඩයක්
ලෙස තිබුනි
ගිනියම් දවාලෙහි
නැවුම් පොල් අතු වහල
පීරමින් හෙමිහිට
රූරා හැලෙන වැස්සෙහි
ගීය ඇහෙනවද සොදුර ?
ඉඩෝරෙන් පුරන් වූ
මහද කිරි වද්දන
මගෙ පැලට නුඹ කැන්දන් ආ
මහ රෑම
බලාපන් ඇදහැලෙන
සොදුරු මංගල වැස්ස
සොදුර යමු
පිල් කඩට
අදුරෙ වුව බලමු අපි
ඇද හැලෙන වැස්ස දෙස
ගිනියම් වායු තට්ටුව
හෙමිහෙමින් නිවමින්
සම්-මස්-ඇට මිදුළු
සෙනෙහසින් සිප ගනී
නොපායන මුත් රැයෙහි
සොදුරු දේදුණු
නැගෙන විදුලියක රැසින්
බලමි නුඹෙ නෙත් කැල්ම
ඔබේ හද ගැහෙන
රාවයම
මට ඇසෙයි
අර නැවුම් වැස්සෙන්ද
නැවුම් පොලවෙන් නැගෙන
පුසුඹ අරගෙන සෙමින්
ඔබෙ දෙතොලෙ තවරන්න
ඉඩ දියන් මට සොදුර
හෙට උදෑසන
ඇවිද යමු අපි
නිවුන ගහකොල අතර
බලමු ඉතිරිව තිබේදැයි
ගහ කොල අතර
නැවුම් බිම මත
වේදනාවක මතක.
නිමල් උඩගෙදර : නෙලඹු ඇට කාව්‍ය සංග්‍රහයෙන්.
ඉඩෝරේ පිරිපත
නිවාලන වැසි ඇවිත්
මහ රෑ
අලුත සෙවිලි කල
පොල් අතු වහල
නොපීරූ කොණ්ඩයක්
ලෙස තිබුනි
ගිනියම් දවාලෙහි
නැවුම් පොල් අතු වහල
පීරමින් හෙමිහිට
රූරා හැලෙන වැස්සෙහි
ගීය ඇහෙනවද සොදුර ?
ඉඩෝරෙන් පුරන් වූ
මහද කිරි වද්දන
මගෙ පැලට නුඹ කැන්දන් ආ
මහ රෑම
බලාපන් ඇදහැලෙන
සොදුරු මංගල වැස්ස
සොදුර යමු
පිල් කඩට
අදුරෙ වුව බලමු අපි
ඇද හැලෙන වැස්ස දෙස
ගිනියම් වායු තට්ටුව
හෙමිහෙමින් නිවමින්
සම්-මස්-ඇට මිදුළු
සෙනෙහසින් සිප ගනී
නොපායන මුත් රැයෙහි
සොදුරු දේදුණු
නැගෙන විදුලියක රැසින්
බලමි නුඹෙ නෙත් කැල්ම
ඔබේ හද ගැහෙන
රාවයම
මට ඇසෙයි
අර නැවුම් වැස්සෙන්ද
නැවුම් පොලවෙන් නැගෙන
පුසුඹ අරගෙන සෙමින්
ඔබෙ දෙතොලෙ තවරන්න
ඉඩ දියන් මට සොදුර
හෙට උදෑසන
ඇවිද යමු අපි
නිවුන ගහකොල අතර
බලමු ඉතිරිව තිබේදැයි
ගහ කොල අතර
නැවුම් බිම මත
වේදනාවක මතක.
නිමල් උඩගෙදර : නෙලඹු ඇට කාව්‍ය සංග්‍රහයෙන්.




