මහ රෑ වැස්ස.

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මහ රෑ වැස්ස.

    ඉඩෝරේ පිරිපත
    නිවාලන වැසි ඇවිත්
    මහ රෑ

    අලුත සෙවිලි කල
    පොල් අතු වහල
    නොපීරූ කොණ්ඩයක්
    ලෙස තිබුනි
    ගිනියම් දවාලෙහි

    නැවුම් පොල් අතු වහල
    පීරමින් හෙමිහිට
    රූරා හැලෙන වැස්සෙහි
    ගීය ඇහෙනවද සොදුර ?

    ඉඩෝරෙන් පුරන් වූ
    මහද කිරි වද්දන
    මගෙ පැලට නුඹ කැන්දන් ආ
    මහ රෑම
    බලාපන් ඇදහැලෙන
    සොදුරු මංගල වැස්ස

    සොදුර යමු
    පිල් කඩට
    අදුරෙ වුව බලමු අපි
    ඇද හැලෙන වැස්ස දෙස

    ගිනියම් වායු තට්ටුව
    හෙමිහෙමින් නිවමින්
    සම්-මස්-ඇට මිදුළු
    සෙනෙහසින් සිප ගනී

    නොපායන මුත් රැයෙහි
    සොදුරු දේදුණු
    නැගෙන විදුලියක රැසින්
    බලමි නුඹෙ නෙත් කැල්ම

    ඔබේ හද ගැහෙන
    රාවයම
    මට ඇසෙයි
    අර නැවුම් වැස්සෙන්ද

    නැවුම් පොලවෙන් නැගෙන
    පුසුඹ අරගෙන සෙමින්
    ඔබෙ දෙතොලෙ තවරන්න
    ඉඩ දියන් මට සොදුර

    හෙට උදෑසන
    ඇවිද යමු අපි
    නිවුන ගහකොල අතර
    බලමු ඉතිරිව තිබේදැයි
    ගහ කොල අතර
    නැවුම් බිම මත
    වේදනාවක මතක.

    නිමල් උඩගෙදර : නෙලඹු ඇට කාව්ය සංග්‍රහයෙන්.
    :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කලින් දැකල නැති කවියෙක්.......



    අනුන්ගෙ කවි දාන්නේ ලියපිය කෝ කවියක්......
    උඹටයි මටයි ජීවිතේ කොච්චර තියනව ද බං ලියන්න.....
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    කලින් දැකල නැති කවියෙක්.......



    අනුන්ගෙ කවි දාන්නේ ලියපිය කෝ කවියක්......
    උඹටයි මටයි ජීවිතේ කොච්චර තියනව ද බං ලියන්න.....

    කවි ලිවීම කරගෙන යමි.:D
    පලකිරීම නොකරමි.:rolleyes:
    පල කිරීමට සුදුසු වාතාවරණයක් යටතේ පල කරමි:yes:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කලින් දැකල නැති කවියෙක්.......



    අනුන්ගෙ කවි දාන්නේ ලියපිය කෝ කවියක්......
    උඹටයි මටයි ජීවිතේ කොච්චර තියනව ද බං ලියන්න.....

    ජීවිතාන් අනියතන්..........
    මරණන් නියතන් ...............
    එතකන් ජීවිතාන් ...........
    ජොලියෙන් ගතකරන් ..........