මළ කෝලන්.........

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    මිය ගිය මුතුන් මිත්තෝ වළලපු තැනින් ගොඩ අරන් අලුත් ඇඳුම් අන්දන මිනිස්සු කොට්ඨාශයක් ඉන්නවා කිව්වොත් ඔබ පිළිගනීවිද?
    ඔව් එහෙම ජනකොටසක් ඉන්නවා.මොවුන් ඉන්නේ ඉන්දුනීසියාවේ සුලාවේසී කියන දූපතේ.මොවුන් ට්‍රෝජන් නමින් හඳුන්වනවා.
    ඔවුන් සෑම අවුරුදු තුනකට වරක්ම ඔවුන්ගේ මියගිය ඥාතීන් වළලපු තැනින් ගොඩ අරන් අලුත් ඇඳුම් අන්දලා ආපහු වළදානවා. මෙය ඔවුන්ගේ පුරාණ චාරිත්‍රයක් වත් පිලිවෙතක්.
    මෙහි අරමුණ තම මියිගිය ඥාතීන්ට ආදරය හා ගෞරවය පුද දීම බවයි කියැවෙන්නේ.
    මෙම උත්සවය Ma’nene Festival නැත්නම් මළමිණී පිරිසිදු කිරීමේ උත්සවය ලෙස හඳුන්වනවා.
    අලුත් ඇඳුම් අන්දලා පෙලපාලියක් වගේ ගෙනියනවා
    ට්‍රෝජන් ජනයාගේ ජීවිතයේ වැදගත් දෙයක් තමයි භූමිදානය.ඔවුන් ජීවිත කාලය පුරාම ඒ සඳහා මුදල් ඉතිරි කරන බවයි පැවසෙන්නේ.
    ඔවුන් මළසිරුරක් වළලන විටදී එය ක්ෂය වීය අඩුකිරීමට ලෙයර් කිහිපයක් රෙදි එතීම සිදුකරනවා.
    මෙම චාරිත්‍රයේ තවත් එක් වැදගත් පියවරක් ලෙස මිනිපෙට්ටි අලුත් වැඩියා කිරීම දැක්වෙනවා.
    ට්‍රෝජන් මිනිසුන්ට අනුව මරණය යනු අවසානය නොවේ.එය ජීවිතයේ තවත් එක් පියවරක් පමණයි.


    3811F78800000578-3780998-image-a-25_1473390691004.jpg


    3811F7DE00000578-3780998-image-a-27_1473390697972.jpg


    3811F8C500000578-3780998-image-a-30_1473390732158.jpg


    3811F8E700000578-3780998-Relatives_carefully_dress_a_dead_man_in_fresh_clothes_before_reb-a-45_1473399594940.jpg


    3811F8F900000578-3780998-image-a-47_1473399604769.jpg


    3811F85E00000578-3780998-image-a-35_1473391129257.jpg


    3811F88A00000578-3780998-image-a-28_1473390723903.jpg


    :oo: :baffled: :baffled: :oo:
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මචන් නරක් වෙච්ච මල මිනියක තියන upset එක මෙව්වගෙ නෑනෙ.
    අන්තිම එක නිකන් ඌව අන්දනකන් වටපිට බල බල ඉන්නව වගේ සීන් එකක් තියෙන්නෙ.....:eek:
     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    මචන් නරක් වෙච්ච මල මිනියක තියන upset එක මෙව්වගෙ නෑනෙ.
    අන්තිම එක නිකන් ඌව අන්දනකන් වටපිට බල බල ඉන්නව වගේ සීන් එකක් තියෙන්නෙ.....:eek:
    :lol: :lol: :lol:
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    බය හිතුනා................රෑට හීනෙන් පෙනෙයි ද දන්නෙ නෑ