මළ ගෙවල් වල අමුතු චාරිත්‍ර
*මිනිය භූමිදාන කරනව නම් පෙට්ටියත් උස්සගෙන වළ වටේ හතර පස් වටයක් කැරකෙනවා.මේ වෙනකොට මේ චාරිත්රය ආදාහනාගාරය වටේ මිනිය කරකවන තත්වය දක්වා පරිණාමය වෙලා තියෙනවා
ඒ මියගිය පුද්ගලයා යළි තමන් ජීවත් වුනු නිවසට පාර හොයාගෙන එන එක නවත්තන්න ලු
ඉස්සර කාලෙ වලවල් කැපුවෙ නෑ, මිනී ගෙනිහින් දැම්මෙ අමු සොහොනට,මිනිය ගෙනිහින් තියද්දි තියෙන ලඳු කැලෑව පාගල සමතලා කරන්න තමයි වට කිපයක් ඇවිදල මිනිය තිබ්බේ, පස්සෙ ඒක චාරිත්රයක් වුනා කියලත් කියනවා.
මේ චාරිත්‍රය පටන් අරන් තියෙන්නෙ ඉස්සර මෘත දේහය වටා වට තුනක් දක්ෂිණවර්තව පැදකුණු කරල මැරුනු ඩයල් එකට ගෞරව කිරීම එක්ක වෙන්නත් පුළුවන්.
*මිනියක් ගෙදරින් එළියට ගන්න කළින් පෙට්ටිය රවුමක් දෙකක් කරකවනවා
මේකත් මිනිය නන්නත්තාර කරන එක ක්‍රමයක්.
*මිනිය කෙට්ටු කෙනෙක්ගෙ නම් පෙට්ටියෙ ඉඩ ඉතුරු තැන බිත්තරයක් තියන්නේ එම හිස්තැනට තව බිල්ලක් ඉඩ තිබෙන නිසා.
බිත්තරයෙන් ජිවියෙක් එන නිසා ඒ හිඩැස පිරෙනවලු .
*අම්බලන්තොට පැත්තේ ඉස්සර මිනියක් වළලනකොට පස් දාන වෙලාවට කවුරු හරි අඩ්ඩ්ක් ගහගත්තු ළඟම ඥාති පිරිමියෙක් ඇවිල්ලා කුණු හබ්බ දෙකක්තුනක් රහසෙ මතුරනවලු.
එතකොට වැළලෙන කෙනාට සිය ඥාති වර්ගයා කෙරෙහි දැඩි කළකිරීමක් ඇතිවෙලා, ආපහු එන්නෙ නෑල්ලු.
*පානදුරේ පැත්තේ මැරුණු කෙනා ගොවිගම නම් කලු කුඩයක් ඉහලනවා මිනිය ගෙයින් එලියට ගත් මොහොතේ සිට කනත්තට යනකල්.
*දෙණියාය පැත්තේ - මිනියෙ පෙට්ටිය යටින් වතුර බේසමක් තියල මිනිය ගෙයින් පිට කරද්දි ඒ බේසම වළට වක් කරනවා
ඉස්සර එම්බාම් නොතිබුණු කාලේ ඕජස් වැටෙන එක එකතුකර ගන්න කල දෙයක් අද චාරිත්‍රයක් වෙලා
*මිනියට වළ හාරද්දි එතන ගලක් හෝ වතුර මතුවෙලා ඒ වළ වෙනුවට වෙනත් වළක් හාරන්න වුණොත් බිත්තරයක් දාල තමයි වහන්නෙ.
බිත්තරයක් දාන්නේ ප්රාණයට ප්රාණයක් කියලා.. එ කියන්නේ පන තියෙන එකෙක් වෙනුවට බිත්තරේ තියෙන ප්රාණය ගන්න කියලා..
*සමහර තැන්වල භූමදාන චාරිත්ර කරන්න නැකැත් බලනවා. මිනිය ගෙට ගන්න/ පෙට්ටිය වහන්න/මිනිය උස්සන්න/ වළලන්න ආදී සියළුම දේවල් සඳහා.
*මැදවච්චිය පැත්තේ විදියට මියගිය කෙනා ආසම දෙයක් පෙට්ටියේ තැන්පත් කරන්ඩ ඕනෑ.
*හොරණ/මතුගම පැත්තේ මිනිය එළියට ගෙනියන්ට කලින් පාංශුකූලෙට එලියට ගන්ටත් කලින් ජනෙල් දොරවල් සේරම වහලා ගෙදර අය එලියට ඇවිත් විනාඩි 10ට විතර මිනිය තනි කරනවා.
*මිනිය එළියට ගේනකොට රතිඤ්ඤා පත්තු කරන එක සබරගමුවේ චාරිත්රයක්
ඉස්සර කාලෙ මළගමට එන්න මග ඉන්න කෙනෙක්ට හරි දැන් මිනිය උස්සනව කියල දැනගන්න කරපු දැනුම්දීමක් කියලයි කියන්නෙ.
*සමහර ප්‍රදේශවල මළ ගෙදර ඉවර වෙලා සතියක් යනකන් ගෙදර සියලුම ජනෙල් දොරවල් ඇරලා තියනවා හත්දවසේ දානේ දෙනකන්
ඒ විසබීජ ඉවත් වෙන්න හා මලගිය ආත්මේ ගෙදර ඉන්නවා නම් ඒ ගෙදරින් යන්න.
*මිනිය උස්සපු ගමන් එතන ගොම ගාල සේදීම මාතර චාරිත්‍රයක්. මැටි බිමක් නම් ගොම-මැටි ගානව
ගොම ගාන්නේ විශබීජ නැතිවෙන්න.
*රජරට සමහර පළාත් වල මිනිය ඉස්සුවාට පස්සේ ඒක තැන්පත් කරල තිබ්බ තැන ලිපක් හදලා"මළ බත" කියලා වට්ටක්කා වගෙ එළවලුත් දාලා බතක් උයනවා.
ලඟම කෙනෙක් මැරුන කියන්නෙ ලොකු දුකක් ගෙදර උයන්නෙ පිහින්නෙ නෑ. වටා පිටාවේ කට්ටිය හා නෑදැයො මිනිය කැලේට දාල ආපහු ආවාම ඒ මිනිස්සුන්ට සංග්රහයක් කරන්න ඉස්සර අතට අහු වුන දේ දාල බතක් උයල කට්ටියට සංග්රහයක් කරල කෘත ගුණ දක්වල තියෙනව. ඒක තමයි මේ මල බත කියන්නේ.
මළ බතට වට්ටක්ක ම ගන්නේ ඉස්සර කාලේ මළ ගෙදර අයයි, දුර බැහැරින් ආව අයයි මරණෙ වැඩ සහ දුක වැඩිකම හිංදා වෙලාවට කෑම ගන්න එක මඟ හැරෙනවා. ඒ නිසා ශක්තිජනක ආහාරයක් වෙච්ච වට්ටක්කා වලිං ඒ දින කීපයේ පෝෂණ අවශ්යතාවය පිරිමැහෙන නිසා.
ගම් පළාත්වල ලෙහෙසියෙන් හොයා ගන්න පුළුවං වීමත්, වැඩිපුර කාලයක් ගබඩා කරල තියාගන්න පුළුවන් වීමත් හේතුවක්.
*කනත්තට යනකොට පෙට්ටියෙ ඔලුව පැත්ත පිටිපස්සට හිටින්න උස්සන් යන චාරිත්‍රය කරන්නේ මිනියට ගෙදරට යන පාර පේන්නැති වෙන්නලු. සමහර පැතිවල ගෙදරින් එලියට ගන්නෙත් ඔලුව පැත්තෙන්.සමහර අය පෙට්ටිය කනත්තට ගෙනියන්නේ දුර පාරකින්.
*තුංමං හන්දියක් හරි කනත්තක් හරි යද්දි පෙට්ටියේ බර වැඩි වෙනවා කියලා විශ්වාසයක් තියෙනවා.
හේතුව කනත්තෙ සහ තුන්මං හන්දියෙ ඉන්න මළගිය ඇත්තන් පෙට්ටිය මතට ගොඩවීම.
*සමහර ප්‍රදේශවල හත් දවසෙ,තුන් මාසෙ දාන දවසෙ උයපු කෑම සේරම දාපු පිගානකුයි,වතුර කෝප්පෙකුයි ඒ සොහොන උඩින් තියනවා.
*පාරෙ වැලි දදා යන්නෙ ඉස්සර කාලෙ හරියට පාරවල් නොතිබුන නිසා, මිනිය ගෙනියන කොට තියෙන වල ගොඩැලි, මඩ වගේ දේවල් වැලි පස් දාල හදාගෙන ගිය නිසා. මේ වැලි දැමීම ඒකෙන් ආපු දෙයක්.
තාර නැති පාරවල් වල සුදු පාවඩ එලන එක වෙනුවටත් සුදු පාට පේන්න වැලි දානවා.
*සොහොනට ගෙන යන ගමනෙ සත්තු ඈතට යවන්න විවිධ ශබ්ද නගා නගා ගිය එක තමයි දැං දවුල් ගැසීම නලා පිඹීම වෙලා තියෙන්නෙ.
*කොළඹ සමහර පැතිවල, මිනී පෙට්ටිය එලියට ගත්තට පස්සේ ඒ පෙට්ටිය තිබ්බ තැන කිරි උතුරවනවා..
ලිප් බැදලා ගිනි දැල්වුවාම විශබීජ විනාශ වෙනවා.සමහරු ඔය කිරිමුට්ටියේ කිරි දෙහි අත්තකින් ගේ වටේ ඉහිනවා.
*යන අයිනේ පන්සලක් දේවාලයක් තිබුනොත් ඒ සිද්ධස්ථානය කිල්ලට අහුවෙයි කියලා වටයක් ගහලා මිනිය ගෙනයන අවස්ථා තිබෙනවා.
දන්න ඒවා තියෙනවා නම් පහලින් කොටාගෙන යන්න

Last edited: