මාකන්දාව රක්ෂිතයේ ගෙවුණු දවසක්...

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මාකන්දාව රක්ෂිතයේ ගෙවුණු දවසක්...

    ආයුබෝවන් අපේ එළකිරි සංචාරකයන්ට...
    අදත් පොඩි සංචාරක නූලක විස්තර අරගෙන ආවා.

    බෙනට් රත්නායක මහත්මයා අධ්‍යක්ෂණය කල '' අස්වැසුම '' චිත්‍රපටය බලපු කවුරු හරි ඉන්නවද...

    තමුන්ගේ එකම පුත්‍රයාගේ මරණයත්, ඒ සමගම තමුන්ට ලැබෙන වටිනා මැණිකක් නිසාත් අනේකවිද දුෂ්කරතා සහ බොහෝ හැලහැප්පීම් මැද තමුන්ගේත් බිරිඳගේත් ජීවිත් වෙනුවෙන් සටන් කරන ගුනේරිස් වටා ගෙතුණු කතාන්තරය.
    ඒ චිත්‍රපටියට මම ආස කරන්න එක හේතුවක් තමා ඒ දර්ශනතල.
    අන්න ඒ අස්වැසුම රූගත කරලා තියෙන්නේ කිතුල්ගල, කැළණි ගඟ සහ මාකන්දාව රක්ෂිතය ඇතුලේ.

    ඉතින් මාකන්දාව රක්ෂිතයේ කරපු කෙටි සංචාරයක් ගැනයි අද කියන්නේ. මේ ගමන අපි ගියේ දැනට අවුරුද්දකට විතර උඩදී, ගිය දෙසැම්බරයේ.
    අපි ගියේ ගමේ යාළුවො කට්ටිය.අපි ගියේ මෝටර් සයිකල් වල.

    ගමන ගැන කියනවා නම් මාකන්දාවට ඇතුල් වෙන්න පුළුවන් ක්‍රම කිහිපයක්ම තියෙනවා.
    ලේසිම ක්‍රමය තමයි කිතුල්ගල රෙස්ට් හවුස් ( තානායම ) එක ලඟින් පාලම් පාරුවෙන් ගඟේ අනිත් පැත්තට මාරු වෙලා එතන ඉඳල පරවලතැන්න කියන ගමේ කෙලවරින් ඇතුල් වෙන එක.
    පාරුවෙන් එගොඩ වෙලා කිලෝමීටර් බාගයක් විතර දුරකින් තමා ඇතුල්වීමේ ගේට්ටුව තියෙන්නේ.
    එතන වන සංරක්ෂණ එකෙන් පොඩි ඇතුළුවීමේ දොරටුවක් සහ විවේක ස්ථානයක් එහෙම හදල තියෙනවා.
    මාකන්දාවට ඇතුළු වෙන්න රු.30 මුදලකට ටිකට් එකක් ගන්නවා.

    මාකන්දාව කියන්නේ ලංකාවට ආවේනික පැළැටි, කුරුල්ලෝ එහෙම ගැවසෙන සංවේදී පරිසර කලාපයක්.
    ඒ නිසාම වනජීවී එකේ පරික්ෂා කරලා තමා අපිව ඇතුලට ගත්තේ.ගොඩක් විදේශිකයෝ එහෙමත් යන එන තැනක්.
    මකුළු ඇල්ල, ලේන්තැරි ඇල්ල, අහස් ලෙන් කන්ද, ඇතා නාපු වල මාකන්දාවේ තියෙන ආකර්ශනීය ස්ථාන.
    අපි ගිය දවසේ උදේ වරුවයි, ආපහු හැන්දෑවට කිට්ටුවයි ලොකු වැස්සක් ආපු නිසා සත්තු, කුරුල්ලෝ නම් ලොකුවට දකින්න ලැබුනේ නැහැ.
    අපි මකුළු ඇල්ල බලන්න යන්න හම්බුනේ නැහැ. කාලවේලාව මදි උනු නිසා.

    මාකන්දාවේ කුරුල්ලන් බලන්න යන කෙනෙකුට ගෙවීමක් කරලා මාර්ගෝපදේශකයෙකුගේ සහය ලබා ගන්නත් පුළුවන්.
    හැන්දෑවේ සෑහෙන ලොකු වැස්සකට අහු වුනු නිසා අපි කිතුල්ගල කැළණි ගඟෙන් නානවා වෙනුවට තවත් ටිකක් ටවුන් එකෙන් උඩට ඇවිත්,
    කිතුල්ගල අලුත් පාලම ගාවින් කටාරම් ඔයෙන් නාගෙන රෑ වෙද්දී ගෙදර ආවා.

    ඉතින් සංචාරයේදී ඇස ගැටුණු ලස්සන පින්තුර ටිකක් මෙතන පහලින් අමුණන්නම්.

    5sWRA2E.jpg

    අපේ ගමන සිද්ධ වුනේ බයිසිකල් වල.

    q5IOtmf.jpg

    පාලම් පාරුවෙන් එගොඩට. පාරුවේ එක වතාවකට 7,8 දෙනෙකුට වඩා යන්න බැහැ. ඒ නිසා අපි කට්ටිය අවස්ථා 3 දී ගියේ. මොකද ගමේ මිනිස්සුන්ට මුල් තැන දුන්නා.


    t7E3or2.jpg


    jLJdzH1.jpg

    කැළණි ගඟ


    mwfq6aL.jpg


    kzYKxwT.jpg


    UE2mOe2.jpg

    මාකන්දාවේ ස්ථාන සලකුණු කරපු සිතියම.

    c6NMjZz.jpg


    GIYEow1.jpg

    සංචාරක මධ්‍යස්ථානය

    aHDM0X0.jpg


    S4IdpKz.jpg


    8K1Ld0d.jpg


    uJPe9xO.jpg

    ඇතුලේ සීතල දිය දහරා, වසා ගත් රූස්ස වනය හරිම ගුප්ත සුන්දරත්වයක් තිබුනේ.


    LqhCGlq.jpg


    UeoYybt.jpg


    D3IOiV2.jpg

    සංචාරකයන්ට විවේක ගන්න හදපු පුංචි නැවතුම් පොලක්....

    0gtqEJt.jpg


    Qxv3hgm.jpg

    මේ ලේන්තැරි ඇල්ල.මේකේ පහලට බහින්න නම් පොඩ්ඩක් ලෙස්සන ගල් මුල් අල්ලගෙන පොඩි උත්සහයක් දෙන්න ඕනේ.

    XhpFMWV.jpg


    ltt4vsl.jpg

    අහස්ලෙන් කන්ද උඩට පේන වටාපිටාව. මේ ඈතින් පේන්නේ, හයිඩ්රො ප්ලාන්ට් එකයි පාලමයි.

    LVVPFwd.jpg

    අහස්ලෙන් කන්දෙන් බැහැගෙන එද්දී ලොකු වැස්සකට කොටු වුනා.නවතින්න තැනක් නැති නිසා කුඩල්ලෝ කාගෙන, වැස්සේ තෙමෙමින් ම පහලට බැස්සා.

    GijkDvg.jpg

    කවුරු හරි හදපු ග්‍රැවිටි ග්ලූ එකක්.....

    iBLhNUm.jpg


    වැස්ස නිසා මාකන්දාවෙන් එලියට ඇවිත් කැළණි ගඟේ නාන එක පොඩි අවදානමක් තියෙන නිසා අපි ආපහු පාරට ඇවිත්, තවත් කිලෝමීටරයක් දෙකක් උඩට ආවා.
    අලුත් පාලම සහ හයිඩ්රො ප්ලාන්ට් එක හදන තැනින් උඩට තියෙන කටාරම් ඔයෙන් නාමු කියන යෝජනාව එක්ක අපි බයික් ටික පාලම ගාවින් නවත්තලා කටාරම් ඔයේ හොඳ තැනක් බලල හොඳට නා ගත්තා.
    ( කිතුල්ගල සංචාරකයෝ Confidant jumping එහෙම කරන්නේ මේ කටාරම් ඔයේ උඩට වෙන්න ). අපි නාලා ඉවර වෙද්දී රෑ 7 විතර ඇති. ඊට පස්සේ රෑට කාල එහෙම අපි කරදරයක් නැතුව ගෙවල් වලට ආවා.


    zQ90N74.jpg


    HRBfPdc.jpg


    TKf4jx7.jpg


    kjyuYQf.jpg

    කටාරම් ඔයේ ජල දාරා...

    ඉතින් ඔය විදිහට අපේ තවත් කෙටි නමුත් බොහොම සුන්දර චාරිකාවක් ඔය විදිහට අවසන වුනා.
    තවත් මේ වගේ සංචාරක නූලක් එක්ක පස්සේ හම්බවෙමු.

    Google location.


    https://www.google.com/maps/place/M...64370b7023a61ecc!8m2!3d6.9909194!4d80.4053682

    මාකන්දාව ගැන වැඩි විස්තර අවශ්‍ය නම් මෙතන මම Google location එක දාලා තියෙනවා. එතන තියෙන නොම්බරයෙන් සම්බන්ධ කරගෙන වැඩි යමක් දැනගත්ත හැකි.
    එහෙනම් එළකිරි වැසියන්ට ජය වේවා.
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    Godak lassanai...ube travel thread balannne harima aasawen..issara apeth set Ekak hitiya..apith oya wage godak thanwalata giya...any way....good luck machan..(You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.)
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    D3IOiV2.jpg


    34.gif


    කවුද අර හැරමිටියක් අරගෙන ඉන්න වයසක ඩයල් එක....
    දැක්කම සමෘධිය දෙන්න හිතෙන තරම් අහිංසක පොර...


    දැනට ටික කලකට කලින් අපිත් සෙට් එකක් ගියා උඹ කියන ඔය පැත්තට.. තානායම ලඟින් ඇතුලට ගිහින් අපි නෑව.. ඔය කියන තැන් ගැන දැනුවත්වෙලා තිබ්බෙ නෑ...පාලම් පාරුව තියන තැන... නාල ගොඩට එද්දි අපිත් එක්ක ගිය එකෙක්ගෙ කකුල කැපුනා... ගමේ කෙනෙක් එක්ක බලද්දි, නාන්න එන එවුන් එතන තියාගෙන බීල හිස් බෝතලෙන් ගල්වලට ගහනවලු කුඩුවෙන්න... පතුල ගොඩාක් කැපිල තිබ්බා... ආතල් කැලේ...


    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.​
     
    Last edited: