මාතර වෙඩි තබන video එක

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,084
    5,874
    113
    canada
    මාතර වෙඩි තබන video එක




    බලල bump එකක් වත් දන්නා හොදේ
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,874
    113
    canada
    සජිත් ප්‍රේමදාසගේ ආධාර කරුවෝ නිසා අපි සද්ද නැතිව ඉමු. අනිත් එක මේක පක්ෂයක් ඇතුලේ ප්‍රස්නයක් නේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    අඩෝ ඇමරිකාවේ වගේ නේ බං මු දිගට හරහට වෙඩි තියෙනවනේ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,874
    113
    canada
    අඩෝ ඇමරිකාවේ වගේ නේ බං මු දිගට හරහට වෙඩි තියෙනවනේ

    :yes::yes::(:(

    මටත් පුදුමයි බයක් හැකක් නෙතිව මහා පර මැද්දේ වෙඩි තියපු හැටි. සාමාන්‍ය මිනිසෙකුටත් වැදිලා. එත් අපි සතුටු වෙන්න ඕනේ ජීවිත හානි නොවීම ගැන. ආණ්ඩු මරුවෙනකොට... තීරණාත්මක මැතිවරණ වලදී... හොද හොද සෙල්ලම් බලන්න පුළුවන්.

    අපි මතක තියාගන්න ඕනේ. මේ මිනීමරු බීෂණය ආණ්ඩුව විතරක් නෙවි විපක්ෂයත් ඕනේ වෙලාවට යොදා ගන්නවා. වෙනස තියෙන්නේ ආණ්ඩුවෙන් කරනම් (රතු පස් වගේ) මේකේ treads 100 විතර දා වී මහින්දටයි ගොටටයි බැනල.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,874
    113
    canada
    source lakbima

    මාතර මහ නගර සභාව ඉදිරිපිට දී රනිල් විරෝධි පෙළපාලියට වෙඩි තබා පොලුවලින් පහර දී පන්නා දැමීමෙන් පසු මැර කණ්ඩායම මාතර උයන්වත්ත ක්‍රිඩාංගනයේ නවතා තිබූ පෞද්ගලික බස් රථයකට නැග පිටත් වී ගොස් තිබේ. පුද්ගලික බස් රිය හබරාදූව හරහා ඉමදූව,ගාල්ල දක්වා ධාවනය කරන බස් රියක් බව හඳුනා ගෙන තිබේ. මෙම බස් රථයට මැර කල්ලිය සමග පැමිණ ඇත්තේ හබරාදූව ප්‍රදේශයේ එජාප බලවතෙක් බව ඇසින් දුටුවෝ පවසති. බස් රියේ අංකයද ඔවුන් සතුව ඇත. කොළ පැහැති කමිසයකින් සහ ඳුඹුරු පැහැති කලිසමකින් සැරසී සිටි එජාප බලවතා අනතුරුව පිරිස රැගෙන පිට වී ගොස් තිබේ.
    මේ අතර විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කළේ පිරිසක් 04 වැනිදා රාත්‍රියේ කඹුරුපිටිය පිහිටි පළාත් සභා මන්ත්‍රිවරයකුට අයත් හෝටලයක ලැඟුම් ගත් බවයි. අද (05) උදේ ඔවුන් මාතර නගරය බලා පිටත් වී ගොස් ඇත. මෙම පිරිස කොළඹ සිට පැමිණි කණ්ඩායමක් බවත්, මාතර ප්‍රහාරය පිටුපස මොවුන් සිටින බව විශ්වාස බවත් ආරංචි මාර්ග කියයි. මෛත්‍රි ගුණරත්න මහතාගේ පුත්‍රයා වන චරිතගේ හිසට පොලු පහර එල්ල කර ඇත්තේ අකුරැස්සේ පදිංචි එජාප පාක්ෂිකයකුගේ සොහොයුරෙක් බව හඳුනා ගෙන තිබේ.
    මේ අතර මෛත්‍රි ගුණරත්න මහතාගේ පියා වන හර්මන් ගුණරත්න නැමැති අය ලේ පෙරෙන තුවාල සහිතව මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පුද්ගලයා රැඳී සිට ඇත්තේ මාතර මහ නගර සභාවට නුදුරින් පිහිටි දොඩම් අලෙවි කරන වෙළෙඳසල් අසලය. වෙඩි ප්‍රහාරය පෙළපාලිකරුවන් වෙත එල්ල වී ඇත්තේ ඒ දෙසින් යැයි පැවසේ. වෙඩි ප්‍රහාරයෙන් නගර සභාවේ ඕවර්සියර්වරයකු වන ඩබ්.ඒ. දිලුම් පද්මසිරි නැමැති අය තුවාල ලබා ඇද වැටෙද්දී නගර සභා සේවකයින්ගේ සැකය එල්ල වී ඇත්තේ හර්මන් ගුණරත්න දෙසටයි. ඒ අනුව ඔහු වටකර ගත් නගර සභා සේවකයින් ඔහුට පොලුවලින් හොඳහැටි පහර දි ඇත. අනතුරුව මාතර පොලිසියේ නිලධාරින්ට සැකකරුවා භාර දී තිබේ. ඒ අනුව අත්අඩංගුවට ගත් හර්මන් ගුණරත්න නැමැත්තා පොලිස් ආරක්ෂාව මැද මාතර රෝහලේ ප්‍රතිකාර ලබයි.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,874
    113
    canada
    මේක නම් බලු වැඩේ. පව් තරුණ කොල්ලෙක් ........කොහෙට ගැහුවත් කමක් නැහැ ඔලුවට නැතිව

    දෙවිනුවර සිරි සුනන්ද අනූනාහිමි මංසන්ධියෙදී රනිල්ට පක්ෂ සහ රනිල් විරෝධි පෙළපාලි දෙකකට අයත් මහ පිරිස් පොලු මුගුරුවලින් ගහ ගැනීම හේතුවෙන් තුවාල ලැබූ කීප දෙනෙක් මේ වනවිට මාතර මූලික රෝහලට ඇතුළත් කර තිබේ. එම තුවාලකරුවන් අතරේ දකුණු පළාත් සභා හිටපු එජාප මන්ත්‍රි මෛත්‍රි ගුණරත්න මහතාගේ පුත්‍රයා වන චරිත මෛත්‍රි ගුණරත්න මහතා ද සිටින බව දැන ගන්නට තිබේ. ඔහුගේ හිසේ පිටුපසට පොලු පහරක් වැදී තිබෙන අතර හිසේ පිටුපස ප්‍රදේශය පුපුරා ලේ ගලන තුවාල සහිතව ඔහු රෝහල්ගත කර තිබේ. මේ අතර තුවාලකරුවන් අතරේ මෛත්‍රි ගුණරත්න මහතාගේ වාහනය පදවන රියදුරු පෙරුමාල් මුත්තුකුමාර මහතාද සිටී. රනිල් විරෝධි පෙළපාලිය සංවිධානය කරන ලද්දේ මෛත්‍රි ගුණරත්න ,බස්නාහිර පළාත් සභා හිටපු එජාප මන්ත්‍රි ශිරාල් ලක්තිලක, දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක තුෂාර විජේසූරිය යන මහත්වරුන් විසිනි. රනිල් පක්ෂ පෙළපාලිය මංගල සමරවීර මහතා විසින් සංවිධානය කර තිබේ.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බලේ නැතුව මෙහෙමනම් ? බලේ ලැබුනම කොහොම තියෙයිද?:dull::dull:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,874
    113
    canada
    බලේ නැතුව මෙහෙමනම් ? බලේ ලැබුනම කොහොම තියෙයිද?:dull::dull:

    තීරණාත්මක මැතිවරණවලදී උපරිමයට වලි තියේවි. මට තියෙන ප්‍රස්නේ මේකයි. රතු පස් වලදීත් මේවගේ වෙඩි තැබීමක් උනානේ. එකේදී කට්ටිය අඩාල දොඩලා වැලපිලා නුල් කීයක් නම් දැම්මද? දැන් මේකෙදි මම විතරයි නුලක් දැම්මේ. ඔක්කොම සද්ද නැහැ. අඩුමගානේ bump එකක් වත් නැහැ