මාදු ගඟේ බෝට්ටුවෙන් සෆාරියක්..

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    මාදු ගඟේ බෝට්ටුවෙන් සෆාරියක්..

    මාදු ගඟ කියන්නේ දෙස් විදෙස් සංචාරකයන් අතරේ සුප්‍රසිද්ධ ස්ථානයක්. එහි ඇති ජෛව විවිධත්වයෙන් ඉහළ පරිසර කලාපය සහ සොඳුරු අත්දැකීම් එක්ක මාඳු ගඟ කියන්නේ ඕනෑම කෙනෙක්ගේ හිතේ මතකයන් ඉතිරි කරන අපූරු තැනක්.

    කොළඹ ඉඳන් අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම හුවමාරුවෙන් එළියට ගිහින් බලපිටිය පැත්තට යද්දි ස්ථාන ගණනාවකින් මාදු ගඟ වෙත සේන්දු වෙන්න පුළුවන්. අපි තෝරාගත්තේ කරන්දෙණිය පොලීසිය අසලින් ඇති මාර්ගයේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිවාඩු නිකේතනය පැත්තෙන් මාඳු ගඟට සේන්දු වෙන්න.

    ඒකට හේතුව තමයි අපි නවාතැන විදිහට තෝරගෙන තිබුණේ මේ නිවාඩු නිකේතනය නිසා. මාඳු ගඟේ ඉවුරේ සුන්දරම ස්ථානයක පිහිටා තිබෙන මේ නිවාඩු නිකේතනය බොහොම ලස්සන තැනක්, ඒ ආසන්නයේම ගං ඉවුරේ ඇති පුංචි පහේ හෝටලයකින් රෑ කෑම ගත්ත අපි නිවාඩු නිකේතනයේ බැරල් ජැටියේ නවත්තලා තිබුණ මගී බෝට්ටුවක ඉඳන් රෑ දොළහත් පහුවෙනකල් එක එක මාතෘකා ගැන බොහොම ගැඹුරු සංවාදයක නිරතවුණා. රාත්‍රිය නිවාඩු නිකේතනයේ ගත කලා.

    පස්සේ දවසේ උදේ 7 ට විතර අපි බෝට්ටුවෙන් සෆාරියට පිටත් වුණා. බෝට්ටුව පදවපු මල්ලිලා දෙන්නත් බොහොම හිතවත් වගේම කිසිම දේකට නෑ බෑ නොකියන කොල්ලෝ දෙන්නෙක්. සමහර යන්න බැරි අහුමුළුවල පවා බෝට්ටුව අරගෙන ගියා, විස්තර කියලා දුන්නා.

    බෝට්ටු සෆාරිය පැය තුනකට වැඩියි. මාදු ගඟේ පිහිටි දූපත් තිහකට වැඩි ප්‍රමාණයෙන් (අතීතයේ දූපත් 64ක් පමණ තිබුණා කියලා විශ්වාස කරනවා, අද බොහොමයක් දූපත් ජලයට සේදී ගිහින් නැත්නම් තවත් දූපතකට යා වෙලා) මා දූව කියන්නේ විශාලම දූපත. එහි පවුල් දෙසීයකට වැඩි පිරිසක් ජීවත් වෙනවා. පාසලක්, පුංචි රෝහලක්, තැපැල් කාර්යාලයක් ඇති මේ දූපත වෙනමම ග්‍රාම නිලධාරී වසමක්.

    මා දූවේ කුරුඳු තැලීම බොහොම ජයට කෙරෙනවා වගේම කුරුඳු තලන ආකාරය සහ කුරුඳු තෙල් හිඳින ආකාරය සංචාරකයන්ට දැකගන්න පුළුවන් ස්ථාන ගණනාවක් තියනවා. කොත් දූව කියන්නේ පුරාණ විහාරස්ථානයක් පිහිටි හුදෙකලා දූපතක්, සත පහේ දූපත, ගල්මන් දූව, මෙරල් දූව වගේ දූපත් ගණනාවක් දැකගන්න ලැබුණා.

    ගල්මන්දූවේ තිබෙන Fish Therapy පොට් එකත් හොඳ අත්දැකීමක් එක එක ප්‍රමාණයේ මාළු කකුල් වලට කොටද්දි ඇඹරෙන මූණු කියන්නේ කැමරාවකට ලස්සන ෂොට්ස් ටිකක්. මේ හැමදේම එක්ක බැඳුණු මාඳු ගඟේ බෝට්ටු සෆාරියක් කියන්නේ ඔබ විඳින්නම ඕන අත්දැකීමක්, බොරුනම් පහළ තියන අපි ගියපු සෆාරියේ පුංචි වීඩියෝ එක බලලා ඔබම තීරණය කරන්න.

     
    • Like
    Reactions: Ashman and Giant

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    බ්රෝ වීඩියෝව බලන්න නම් බෑ
    ඇයි දන්නේ නෑ
    මුළු ලින්කුවම දාපන් මේකේ

    තැන්ක්ස් ෂෙයා කර ගත්තට
    +
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මචන් පට්ට...මටත් යන්න අදහසක් තිබුනා, කලින් ඉදන්ම.තාම යන්න නම් බැරි උනා..කොහොමද book කලේ නිවාඩු නිකේතනය ? contact details මොනවත් තියෙනවද ??