ලංකා විදුලි පෞද්ගලික සමාගමේ (ලෙකෝ) සභාපතිවරයා වෙනුවෙන් රුපියල් කෝටි අටක් පමණ වටිනා අධි සුඛෝපභෝගී බෙන්ස් මෝටර් රථයක් ආනයනය කිරීම සඳහා ලබා දී තිබූ ඇණවුම අවලංගු කිරීමට උපදෙස් ලබා දුන් බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
බලශක්ති අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසූ අතර, මෙම ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය.
හිටපු සභාපති ජනක අලුත්ගේ මහතා විදේශගතව සිටියදී ඔහු පවා නොදැනුවත්ව ආයතනයේ නිලධාරීන් විසින් මෙම වාහන ඇණවුම සිදු කර ඇති බවත්, එබැවින් එම ක්‍රියාව සම්බන්ධයෙන් සභාපතිවරයා වෙත චෝදනා එල්ල කිරීම අසාධාරණ බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ලෙකෝ ආයතනය විසින් වාහන මිලදී ගැනීම සඳහා මුලින් රුපියල් කෝටි හැට දෙකක මුදලක් අයවැයෙන් වෙන් කර තිබුණ ද පසුව එම මුදල රුපියල් මිලියන 460 දක්වා අඩු කරගෙන ඇති බව අමාත්‍යවරයා විස්තර කළේය.
https://www.gossiplankanews.com/202...z-craze-ends-after-media-revelations.html?m=1
'මාලිමා' ආණ්ඩුව පත්වීමෙන් පසුව ලෙකෝ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතුල සිල්වා මහතා ඉවත් කර ජානක අලුත්ගේ මහතා පත් කළ අතර, පසුව ඔහුවද ඉවත් කර වත්මන් සභාපති ඉංජිනේරු කනිෂ්ක ජයසේකර මහතා මීට දින කිහිපයකට පෙර එම ධුරයට පත් කරන ලදී.
මෙම අති සුඛෝපභෝගී මෝටර් රථය සම්බන්ධයෙන් වත්මන් සභාපති කනිෂ්ක ජයසේකර මහතාගෙන් විමසීමකදී, බෙන්ස් රථයක් ඇණවුම් කර ඇති බව තහවුරු කළ නමුත්, එය මෙතෙක් ලැබී නොමැති බව ඔහු ප්‍රකාශ කළේය. තමන් ධුරය භාරගෙන දින කිහිපයක් පමණක් වන බැවින්, මෙම ඇණවුම සිය පාලන කාලය තුළ සිදු වූවක් නොවන බවද ඔහු අවධාරණය කළේය. එම රථය ගෙන්වීමේදී නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය කර ඇත්දැයි තමා මේ වන විට සොයා බලමින් සිටින බවත්, එහි කිසියම් ගැටලුවක් පවතින්නේ නම් තමා එම රථය භාවිත කිරීමෙන් වළකින බවත් ජයසේකර මහතා පැවසීය. තවද, තමා දන්නා කාලයේ සිටම සුපිරි වාහන පාවිච්චි කළ පුද්ගලයෙකු බැවින් මෙම බෙන්ස් රථය භාවිත කිරීමේ විශේෂ වුවමනාවක් තමාට නොමැති බවත්, අවශ්‍ය නම් එය වෙනත් අයෙකුට ලබා දෙන බවත් ඔහු කියා සිටියේය.
මෙම මෝටර් රථ ඇණවුම පිළිබඳව ලෙකෝ සමාගමේ හිටපු සභාපති ජානක අලුත්ගේ මහතාගෙන් කළ විමසුමකදී, ඒ පිළිබඳව මේ වන විට සිටින නිලධාරීන්ගෙන්ම විමසීම වඩාත් සුදුසු බව ඔහු ප්‍රකාශ කළේය. එම රථය ඇණවුම් කළේ කවුරුන්ද, එසේ ඇණවුම් කිරීමට හේතුව කුමක්ද යන්න වත්මන් සභාපතිවරයාගෙන් නොව, එහි සිටින අනෙකුත් වගකිවයුත්තන්ගෙන් අසා දැනගත යුතු බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Last edited: