මානව විද්‍යාවේ Toxic People ( විෂ සහිත මිනිස්සු ) වර්ග ගණනාවකට බෙදනවා .

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    10,080
    13,948
    113
    126
    Hogwarts
    මානව විද්‍යාවේ Toxic People ( විෂ සහිත මිනිස්සු ) වර්ග ගණනාවකට බෙදනවා .

    ( 1 ) The Manipulator
    අරයට කතා කරන්න එපා , මේක කරන්න එපා කියමින් ඔයාව ඔවුන්ට ඕන විදිහට මෙහයවීමට උත්සාහ කරන මිනිස්සු

    (2) Energy Drainers
    ඕක කරන්න බැහැ බන් , උඹට ඕක බැහැ , ඕක උඹට කැතයි , උඹ කොට වැඩියි , උඹ මහත වැඩියි , මේ වගේ කතා කියමින් ඔයාව මානසිකව වට්ටන මිනිස්සු

    (3) Spiritual Vampire
    මූණට දැක්කම සුදූ , මැණික , වස්තුව කියලා පණ දෙන්න වගේ රඟපාලා ගියාට පස්සෙ ඕකා ට හෙණ ගහපන් කියන , දේව ආත්ම වගේ පෙනී ඉන්න මලපෙරේත මිනිස්සු

    (4)Backstabbers
    එකට ඉන්න කාලෙ ඔක්කොම රහස් ටික ,ඕපාදුප ටික එකතු කරගෙන , පොඩ්ඩක් හිත හොඳ නැති වෙච්ච ගමන් දෙතුන් ගුණයක් අතිනුත් දාලා , තමන් හොඳවෙලා අනුන්ගේ රහස් ටික වටේටම හල හල යන කුණු කරත්ත වගේ මිනිස්සු

    (5) The fake compliments
    ඔයා හරි ලස්සනයි , ඔයා හරි හොඳයි කියමින් ඔබව මුරුංගා ගස් වල උඩටම නග්ගවා ''අරයට බැනහන්කෝ , මෙයාට හින්ට් එකක් ගහපන්කෝ ,කියමින් තමන්ගෙ වැඩේ කරගන්න ඔයාව උඩ තියන මිනිස්සු

    (6) Opportunists
    තමන්ගෙ වැඩේ කරගන්න කම් ළඟටම වෙලා ඉඳලා , ඊට පස්සෙ උන් හිටි තැනක් වත් හොයාගන්න බැරිවෙන විදිහට අතුරුදහන් වෙන අවස්ථාවාදී මිනිස්සු

    (7) Family breakers
    අනේ ඔයාගේ මහත්තයා වසයි නේද ? ඇයි උඹ ගෑනිට බය , අනේ මිනිහට ඔච්චර සලකන්න එපා , මට උඹේ ගෑණි ගැන සැකයි , ඔයාගෙ boy friend නරකයි ,ඔය වගේ ඔයාගෙ සහකාරයා / සහකාරිය ගැන ඔයාටවත් නොපෙනෙන පදනමක් නැති වැරදි දකින මිනිස්සු.

    (8) JJ ( Jealous -Judgmental )
    තමන්ට නැති දෙයක් අනිත් අයට ලැබීම දරාගන්න බැරි , රුසියාවටත් වඩා ලොකු ඉරිසියාවකින් විඳවන ජීවිත ගත කරන මිනිස්සු