මානසික ප්‍රශ්නයක්

TontoDula

Member
  • Mar 20, 2014
    185
    14
    18
    මචංලා, මට කෙල්ලන්ව විශ්වාස නැහැනේ. 😟😟😟 මං කොච්චර ට්‍රයි කලත් මට කෙල්ලන්ව විශ්වාස කරන්න අමාරුයි. මගේ පළවෙනි කෙල්ල මට බොරු කරපු එකමයි කළේ. ඉතින් මට කොච්චර හොඳ කෙල්ලෙක් හම්බුණත් මට සැකයි. මමත් කොල්ලො ඉන්න කෙල්ලෝ එක්ක එක එක ඒව කරලා තියෙනවා. ඒක නිසා තවත් බයයි. මට හිත හදා ගන්න විදිහක් කියන්නකෝ. මට දැන් හොඳ කෙල්ලෙක් හම්බෙලා ඉන්නවා. වැඩිකල් යන්න කලින් ඒකත් මට නැති වෙයි වගේ. මං කොහෙටද මේවගේ ප්‍රශ්නේකට උත්තර හොයන්න යන්න ඕනේ? 🙄
     
    • Like
    Reactions: niyomax

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    3,298
    1,012
    113
    Fantasy
    මමත් කොල්ලො ඉන්න කෙල්ලෝ එක්ක එක එක ඒව කරලා තියෙනවා
    කර්මය කියලා දෙයක් තියෙනවා කියන්ඩ තවත් සාක්ශි ඕනි නෑනේ මිත්‍රයා.
    ගිය දේ ගියා. මින් පස්සෙවත් වෙන කොල්ලෙක් ඉන්න එවාට මුකුත් නොකර ඉන්ඩ.
    එතකොට හරියයි ඔය බය
     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    572
    260
    63
    Earth
    ළඟම තියෙන මහ රෝහලේ මානසික උපදේශන සායනයන් ඇත්දැයි සොයා බලා එවැනි සායන සැසිවාර කිහිපයකට සම්බන්ධ වන්න. (රෝහලේ දුරකථන අංකය අමතා විස්තර ලබා ගත හැක. නමුත් සෘජුව ඔබේ ගැටලුවට පිලිතුරක් සායන වලදී ලැබේ දැයි සැක සහිතය)

    හෝ

    අන්තර්ජාලය මගින් දිනකට සුළු මුදලක් ගෙවා සම්බන්ධ විය හැකි මනෝ වෛද්‍ය උපදේශකවරයෙකු හෝ කවුන්සලර් කෙනෙකු සමග ⁣ඔබේ ගැටලුව සාකච්ඡා කරන්න. (කාන්තා වෛද්‍යවරියක් මේ සඳහා තෝරාගැනීම උචිත නොවනු ඇත.)

    හෝ

    සමාජ ජාලය භාවිතයෙන් ඔබේ ගැටලුවට පිලියම් සොයාගැනීමට වෛද්‍යවරයෙකු සොයා ගන්න. ( ව්‍යාජ ගිණුමක් මේ සඳහා භාවිත කල හැක) ඉන්බොක්ස් මගින් ගැටලුුුුව සාකච්ඡා කරන්න ( සාර්ථක වීමේ ප්‍රතිශතය කිව නොහැක)

    හෝ

    (මගේ මතය)
    පරණ දෑ මනසින් ඉවත් කර ගැනීම⁣ට උත්සාහ කරන්න. තමන් කල කී දෑ අනුන්ද කරාවි යන මතයෙන් ඉවත් වන්න. තරුණිය පිළිබඳ පසුබිම් අධ්‍යනයක් මේ සඳහා බොහෝ උපකාරී වේවි. තමන්ගේ හිසේ ඇති පරණ කුණුගොඩවල් ඉවත්ව යන තුරු ඔබට කිසිදු අයෙකුගේ උපදෙස් සහ ප්‍රතිකර්ම සාර්ථක ලෙස අනුගමනය කිරීමට හැකියාවක් නො⁣ලැබෙනු ඇත

    ප.ලි - මිත්‍ර අත්දැකීම් ඇසුරිනි.

    ජය!
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    30,915
    1,963
    113
    There is no place like 127.0.0.1
    Wiswasa karanna epa. Kohomath sitha kiyana de isthira deyak nemei. eka kellada kollada adaala naha.

    Wiswasa or awiswasa karana eka wenuwata wiswasa karanawa wage pennanna purudu weyan :D nathuwa wiswasa karanna purudu wenna epa ethakota kelawenawa kohomath :lol:

    ube awula thiyenne awishwasa karana eke nemei, awiswasa karala awiswasai kiyala pennala eka eka mala wikaara talks dena eka kellata. eeka nawaththapan.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    18,376
    8,867
    113
    හැම කෙල්ලම එක වගේ නෑ බං සමහරු බොරු කරනවා, කෙල්ලො කොල්ලො දෙකම.. එහෙම බොරුකියපු එකෙක්ට අහු උනාම ඉන් පස්සේ සේරම දකින්නේ ඒ විදියට.. ඒකට හේතුව උඹේ තියන ලපටි ලාමක කම. සමාජයක් යාලුවෝ ඇසුරක් අඩු ඇති.. හැමකෙනාම එක වගේ නෑ. රත්තරන් කෙල්ලො/කොල්ලො ඉන්නවා. ඒ වගේම සකිලියොත් ඉන්නවා. උඹ අවංකව ඉදපන්. ඒ අස්සේ සෙවිල්ලෙනුත් ඉදපන් කාටවත් නොදැනෙන්නේ ඉතින්.ඕක කාලයත් එක්ක හරියාවි.. උඹට 25 පැන්නම හරි යනවා ඔය ගතිය
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    1,762
    203
    63
    Colombo
    Oka Ledak. uba danma doctor kenekwa hambawenna. Kawada hari, uba banda dawasaka hari, ube athin maranayak wima dakwaa, oka diga arenna puluwan. ahinsaka jivitha. danma yanna, psychiatrist kenek wa hamba wenna.
    Personally recommend karanawa, Jayan Medis wa
     

    Piyathissa

    Member
  • Jul 18, 2020
    83
    53
    18
    කඳුලක් නොසැලු නෙතකින්
    හසරැල් සොයන්නෙපා
    සිසිලක් නොමැති අහසින්
    වැසිදිය යදින්නෙපා
    ලැබුණත් බිඳුණු හදකින්
    සෙනෙහස සොයන්නෙපා.....
     
    • Like
    Reactions: windows_ubuntu

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    1,151
    139
    63
    මචංලා, මට කෙල්ලන්ව විශ්වාස නැහැනේ. 😟😟😟 මං කොච්චර ට්‍රයි කලත් මට කෙල්ලන්ව විශ්වාස කරන්න අමාරුයි. මගේ පළවෙනි කෙල්ල මට බොරු කරපු එකමයි කළේ. ඉතින් මට කොච්චර හොඳ කෙල්ලෙක් හම්බුණත් මට සැකයි. මමත් කොල්ලො ඉන්න කෙල්ලෝ එක්ක එක එක ඒව කරලා තියෙනවා. ඒක නිසා තවත් බයයි. මට හිත හදා ගන්න විදිහක් කියන්නකෝ. මට දැන් හොඳ කෙල්ලෙක් හම්බෙලා ඉන්නවා. වැඩිකල් යන්න කලින් ඒකත් මට නැති වෙයි වගේ. මං කොහෙටද මේවගේ ප්‍රශ්නේකට උත්තර හොයන්න යන්න ඕනේ? 🙄
    මානසික ඩොකෙක් ගාවට.
     

    hiKz123

    Active member
  • Jan 6, 2013
    311
    51
    28
    මොනාහරි කරපං. මගෙ ෆිට් කෙල්ලෙක්, ඒකිව බදින්න දෙපැත්තෙන්ම කතාකරලා හිටියෙ. ඌත් ඔය වගේ කිසි හේතුවක් නැතිව මේකිව සැක කරනවා. කොටින්ම ඌ හවස ගෙදර යද්දි ෆෝන් එකේ සිම් එක ගලවන් පහුවදා උදේට දෙන්නෙ. අන්තිමට ඒකි ඒක නැවැත්තුවා. උඹෙ පරන සීන් වල පවු තමයි ඔය උඹ පස්සෙ එන්නෙ. තාම පරක්කු නෑ ඔක්කොම අමතක කරලා හොදින් ජීවිතයක් පටන් ගනින්.
    ප.ලි.
    අපි බුදුදහම ගැන එච්චර උනන්දු නෑ. කොටින්ම මට පන්සිල් වත් මතක නෑ. ඒකට හේතුව පන්සල් සහ බොරු සද්ධාවන්ත පෙන්නන මිනිස්සු අපිට බුදු දහම එපා කරපු එක. හැබැයි ඔය වගේ සිද්දි මම දැකලා තේරුම් ගත්තෙ. කර්මය කියන්නෙ සිරාම සීන් එකක්. ඒක කොහෙන් හරි කැරකෙනවා බං. හොදින් ඉදින්.