මාන්නය කුමට දිරනා කයට?
ආපෝ තේජෝ වායෝ පඨවි................
මුතුවන් දසන් පෙල පෙන්වා සිනාසෙ න
සුන්දර යුවතියකි ලෝ තතු නොම පෙනෙ න
රූපය සිහිනයකි, මේ මොහොතෙම නැසෙ න
මේ කුනු සිරුර මුසුවෙයි පසටම දෙර න
අත් පා සිඳින ලද, බඩවැල් අදින ල ද
රූපයෙ සොඳුරු බව මොහොතින් නසන ල ද
මරුවා කොතැනකද නොපෙනෙන ලොවක අ ද
කෙලෙසින් හෙටක් වේදැයි අද සිතෙනව ද
මිය ගොස් තුන් දිනකි, ඒ සුන්දර මුහු න
ඉදිමී තැලී හැකිලී ලේ ඇද හැලෙ න
පනුවන් කටින් නාහෙන් දඟලන දුව න
ලෝ තතු සමග සිහිවෙයි සම්බුදු සර න
සැම හට පොදුයි මේ ඉරනම දැන ගන් න
හැම සිරුරකට හිමි වන ඉරනම මෙන් න
උඬගු දනා මේ ලෝ තතු නොම දන් න
බුදු හිමි දෙසු දහම සිහියට අරගන් න
ආපෝ තේජෝ වායෝ පඨවි................
මුතුවන් දසන් පෙල පෙන්වා සිනාසෙ න
සුන්දර යුවතියකි ලෝ තතු නොම පෙනෙ න
රූපය සිහිනයකි, මේ මොහොතෙම නැසෙ න
මේ කුනු සිරුර මුසුවෙයි පසටම දෙර න
අත් පා සිඳින ලද, බඩවැල් අදින ල ද
රූපයෙ සොඳුරු බව මොහොතින් නසන ල ද
මරුවා කොතැනකද නොපෙනෙන ලොවක අ ද
කෙලෙසින් හෙටක් වේදැයි අද සිතෙනව ද
මිය ගොස් තුන් දිනකි, ඒ සුන්දර මුහු න
ඉදිමී තැලී හැකිලී ලේ ඇද හැලෙ න
පනුවන් කටින් නාහෙන් දඟලන දුව න
ලෝ තතු සමග සිහිවෙයි සම්බුදු සර න
සැම හට පොදුයි මේ ඉරනම දැන ගන් න
හැම සිරුරකට හිමි වන ඉරනම මෙන් න
උඬගු දනා මේ ලෝ තතු නොම දන් න
බුදු හිමි දෙසු දහම සිහියට අරගන් න

(මගේ අඩුවෙන රෙප් ගැන නං නෙවෙයි මේ කතා කලේ හොදේ)


