මුන් නම් හැදෙන උන් නෙමයි බන් එපා වෙලා ඉන්නේ...
මන් උඔලට කලින් කියලා තියනවනේ මුන් වෙන පොඩි කොල්ලෙක් අරන් හදාගන්නවා කියලා.හදාගන්නවා කිව්වට මේ අහල පහල ඉන්න එකෙක්..උගෙ පවුලේ තව ලමයි 4ක් වගේ ඉන්නවා.මූව ගේන්න යන්නෙත් මාමන්ඩියා වාහනේ ගෙනිහින් බස්සන්නෙත් වාහනේ මූ සතියේ දවස් හයක් විතර ඉන්නේ මෙහෙ.. මූට තියන සැප බලපල්ලකෝ..වෙන ලමයින්ට දෙන සැප ඇයි බන් තමන්ගේ ලමයට දෙන්න බැරි..ගිය සතියේ මම අපේ අම්මව එක්කන් චැනල් කරන්න ගිය නිසා ගෑනිව ගන්න යන්න බැරිවුනා..ගෑනි ත්‍රීවීල් එකක ඇවිල්ලා තිබ්බේ..බලපන් ඉතින් මුන්ගේ තාත්තට ඇයි බැරි ගිහින් එක්කන් එන්න..වෙන උන්ට සලකනවනම් තමන්ගේ දුවව ගිහින් එක්කන් ආවනම් මොකද මේ කොරෝනා අස්සේ..
ගෑනිත් මොකුත් කියන්නේ නෑ බන් ඔය කොල්ලා ඉන්න එකට උන් එක්ක..අපි අනන්ත්වත් රන්ඩු වෙනවා ඔය සීන් එක නිසා..සමහර දවස් වලට ඒ කොල්ලගේ අනිත් සහෝදර සහොදරියෝ එක්කන් ඇවිත් දවසෙම තියාගෙන කන්න බොන්න දීලා වාහනේම එක්කන් යන්නේ..මොනව උනත් සල්ලිනේ බන්...
මුන් අපිට කියලා පොඩි පොඩි කෑම ජාති විතරයි දෙන්නෙත්..මන් මේ ඉල්ලනවා නෙමයි බන්..එපා වෙලා ඉන්නේ..ලගදි දවසක් කේක් එකක් හැදුවා අර කොල්ලත් හිටියා ගෙදෙර. මුන් අපිට කේක් පොඩි තීරුවක් එවනවා අයිනේ කෑල්ලක.යකෝ මුන්ට තමන්ගේ දුව කියන හැගීමවත් නෑනේ බන්..අර කේක් කෑල්ල දැක්කම මට හිතුනා...මාර දෙමව්පයෝ..
අපේ අම්මත් ඔය කොල්ලව හදගන්න සීන් එකට කැමති නෑ බන්..අම්ම මාමන්ඩියලට පෙන්නන්නේ නෑ හැබැයි එහෙම..ඒත් දවසක් අපේ නෑගෙදරක ගියාම ඕක කතාවුනා..
ඇත්තටම මම කැමතිත් නෑ බන්..මන් කිව්වට මුන් අහන්නෙත් නෑ.ඌව ගිහින් එක්කන් එනවා.තියාගෙන ඌට සලකනවා..ගෑනිත් කැමති ඌව තියාගෙන ඉන්නවට..මුන් ඌව අලුත් ඉස්කෝලෙකටත් දලා දුන්නා මේ අවුරුද්දේ මුල..ඒකටත් සල්ලි යන්න ඇති..මුන් මට කියන්නේ නෑ ඒවා....දැනගත්තොත් කේස් දන නිසා...
මටනම් මේක ලොකු ප්‍රශ්නයක් මචන් කවදහරි මේකේ ඉවරයක් දකින්නවෙයිද කියලා මටනම් සැකයි..
මන් ගෑනිට කිව්ව ආයිත් උඔලගේ අම්මලට මන් කිසිම දෙයක් කරන්නේ නෑ කියලා ඕන නම් අරූ කරලා දෙයිනේ කියලා කිව්වා.. ඔය වගේ දේවල් කියන නිසා ගෑනි මාත් එක්ක එච්ච හොද නෑ බන්..එත් බලපන්කෝ බන් මේ වෙන එකෙක් නිසා අපේ පවුලනේ බන් අවුල් වෙන්නෙ...





PS - ඔය ලමයා මාමන්ඩියාගේ නෙමයි.