මායාදුන්න_අැයි_ඉවත්ව_ගියේ

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    මායාදුන්න_අැයි_ඉවත්ව_ගියේ

    මේ වීඩියෝ එකේ අවසාන ටික හොදට බලාපල්ලා ‍
    නියම අවංක රාජ්‍යසේවකයෙක් නියම මහත්මයෙක් කියන්න පුලුවන් මෙතුමා ව‍ගේ අයට විතරයි
    විගණකාධිපති වෙලා ඉදලත් හම්බකරපු දෙයක් නෑ
    මෙහෙම අවංක මිනිස්සු මේ හොර පාර්ලිමේන්තුවට කොහොමත් වැඩක් නෑ මචන්ලා :no:
    අවංකවම දුකයි බං ලාංකාවේ ජීවත් වීම ගැන :confused::confused::confused:


     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    80053_1.jpg
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මේ ත්‍රෙඩ් එකට වැටිල තියෙන කමෙන්ට් ගානෙන් තරම හිතාගන්න පුලුවන්
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේ ත්‍රෙඩ් එකට වැටිල තියෙන කමෙන්ට් ගානෙන් තරම හිතාගන්න පුලුවන්

    ටෝයියෝයි බයියෝයි මේක බලල , ලජ්ජා හිතිලා හෙමිට දැක්කේ නෑ වගේ අහක බලන් යනව(ලු) :cool:
     

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    ඇත්ත වශයෙන්ම මෙය ඉතා කණගාටුදායක තත්ත්වයක්. රටට සේවයක් ලබාදීමට හැකියාවක් සහ වාසනාවක් ඇති මෙවැනි මහත්වරුන් තුළ පසුගාමී අදහස් ජනිත කරවන ප්‍රතිචාරයක් ජනතාව තුළින් ප්‍රකාශවීම රටේ අවාසනාවක්.
    එතුමා දක්වන අදහස එකවරම බැහැර කරන්නට බැරුවා සේම ඊට ඌණපූරණයක් එක් කරන්නටද සිදුවෙනවා. එනම් ජනතාව සියළුම දූෂිතයන් ප්‍රතික්ෂේප නොකළාට දූෂිතයන් සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රතික්ෂේප කර තිබෙනවා මනාප ලබා නොදීමෙන්.
    ඔවුන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගත කර අමාත්‍යධුර ලබාදීම සිරිසේන-රනිල් යහ පාලනයට තරම් වන්නේ නැහැ. මෙතුමා දක්වන කරුණට ජනතාව පමණක් නොව එම දෙපල ද සෘජුවම සාපේක්ෂව අති විශාල වගකීමක් දරණවා.
    එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂිත මන්ත්‍රී ආසන සංඛ්‍යාවට වඩා අතිශය අඩු ආසන සංඛ්‍යාවක් හිමිකර ගැනීම පිළිබඳ හැඟීමක් ද මේ සමස්ත ප්‍රකාශය තුළ තිබෙනවා. ඇත්තෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ආසන 15කට අධික සංඛ්‍යාවක් හිමි කරගන්නට සෑහෙන ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිතැ‘යි අපේක්ෂා කළ ජනතාවගෙන් අඩක් ජනතා විමුක්ති පෙරමුණට තම ඡන්දය ප්‍රකාශ කළේනම් ආසන 15ක් නොව ආසන 40කට ආසන්න සංඛ්‍යාවක් ලබා ගතහැකිව තිබුණා.
    නමුත් ජනතාව තම ඡන්දය ප්‍රකාශ කර තිබෙන්නේ ආඬි හත්දෙනා කැඳ හැළියට හාල්මිටි දැමූ අයුරිනුයි. හැම දෙනාම අන් අය ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය ප්‍රකාශ කරතැ‘යි සිතමින් තම ඡන්දය විකල්ප පක්ෂ වලට ලබා දෙමින් ජනතාව ආඬි ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබෙන බව කියන්නේ සංවේගයෙන්.
    මෙහිදී අසූව දශකයේ මා උසස් පෙළ සිසුවකුව සිටි අවදියේ කොමියුනිස්ට් වාදියකු සහ ජාතික ගුරු සංගමයේ නායකයකු වූ සිංහල ගුරුවරයා කරුණාරත්න සර් නිතර කියූ වැකියක් මට මතක් වෙනවා. “සමාජය ජඩයි ලමයිනේ“ ඔහු නිතර අපට කීවා. එතැන් සිට අවුරුදු හතළිහක් පමණ ගතවී ඇති අදට ඒ කතාව එදාට වැඩිය ගැලපෙනවා. අදත් සමාජය ආත්මාර්ථකාමීයි, ජඩයි.
    කෙසේ වෙතත් සතුටුදායක දේශපාලන වාතාවරණයක් නිර්මාණය වෙමින් පවතින බවයි මගේ හැඟීම. එය බොහෝදෙනා සිතන පරිදි සමඟි සම්පන්න ජාතික ආණ්ඩුවක්, යහ පාලනයක් ඇතිවීම හෝ ද්‍රවිඩ සංධානයට විපක්ෂ නායකත්වය හිමිවීම නිසා රාජ්‍යයේ ඒකීයත්වයේ සුබදායක වෙනසක් ඇතිවීම නොවෙයි. ජනතා විමුක්ති පෙරමුණ ලාංකීය දේශපාලන ප්‍රවාහයේ ද්වීතීය නැතහොත් රජයට විකල්ප බලවේගය බවට පත්වන එකයි.
    කිසිවකුට නොදැනුනාට දැනටමත් මේ පරිවර්තනය ආරම්භ වෙලයි තියෙන්නෙ. අද ද්‍රවිඩ සංධානයේ සම්බන්දන් මහතා විපක්ෂ නායක තනතුරේ සිටියත් ඉදිරි කාලයේ දී සමස්ත ශ්‍රී ලංකාවටම ජාතික වශයෙන් බලපාන ප්‍රශ්න වලදී විපක්ෂයේ නිවැරදි කාර්යභාරය කරන්න වෙන්නෙ ජනතා විමුක්ති පෙරමුණටයි. නිදහස් සංධානයේ විපක්ෂ බලය ටිකෙන් ටික දියාරුවෙවී ආණ්ඩුවට එකතුවේවි. එවිට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ආසන 6 ට විපක්ෂයේ දැවැන්ත කාර්යභාරයක් කරන්නට ඉතිරි වේවි.
    අනාගතේදි එජනිස එජාපෙ දෙක ආයෙ වෙන් වෙනව බොරු. වුනත් බොහොම සුළු පිරිසක් වෙන්වෙයි. වෙන් වන්න ඔවුන්ට වුවමනා වුවත් බලය සම්බන්ධ යම් යම් සාධක නිසා එක්ව කටයුතු කරන්නට වෙනව. එහිදී ඊයෙ වගේ නොවී ජනතාවගෙන් ඔවුන් ප්‍රතික්ෂේප වෙනව. ජනතා විමුක්ති පෙරමුණ මේ වෙලාවේ සීරු‍වෙනුත් ඉවසීමෙනුත් කටයුතු කරන්න ඕනැ පහුගිය කාලෙ වගේ න්‍යායාත්මක මතභේද නිර්මාණය කරගන්නෙ නැතුව ඒ අවදිය බිහි වනතුරු.
     
    Last edited:

    waligamaya

    Well-known member
  • "නමුත් ජනතාව තම ඡන්දය ප්‍රකාශ කර තිබෙන්නේ ආඬි හත්දෙනා කැඳ හැළියට හාල්මිටි දැමූ අයුරිනුයි. හැම දෙනාම අන් අය ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය ප්‍රකාශ කරතැ‘යි සිතමින් තම ඡන්දය විකල්ප පක්ෂ වලට ලබා දෙමින් ජනතාව ආඬි ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබෙන බව කියන්නේ සංවේගයෙන්."

    :yes::dull::dull:

    දැන් ටෝයියෝ බය්යෝයෝ දෙගොල්ලම අහන්නේ ජනතාවිමුක්ති පෙරමුනගන. මේකද මර ප්‍රශ්න ජවිපෙට චන්දෙ නොදීපු උන්ට තමයි මාරම අමාරුව තියෙන්නේ ජවිපෙ ප්‍රතිපත්ති ගැන.

    මේ වෙලාවේ තව දෙයක් මතක් කරන්න ඕන. උද ගෙන චන්දෙ දුනට UNP යටයි සන්දනේටයි අයි දැන් දෙගොල්ලොම්තම හමන් දාපු නඩු ඉල අස්කරගන්නේ. කෝ කැගහපු UNP උන්ගෙන අහන්නේ ජනවාරි 8 විප්ලවයද මොඅක්ද එක ඉදිරියට යනවද. :lol::lol::lol::lol:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,942
    113
    Black Pearl
    "නමුත් ජනතාව තම ඡන්දය ප්‍රකාශ කර තිබෙන්නේ ආඬි හත්දෙනා කැඳ හැළියට හාල්මිටි දැමූ අයුරිනුයි. හැම දෙනාම අන් අය ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය ප්‍රකාශ කරතැ‘යි සිතමින් තම ඡන්දය විකල්ප පක්ෂ වලට ලබා දෙමින් ජනතාව ආඬි ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබෙන බව කියන්නේ සංවේගයෙන්."

    :yes::dull::dull:

    දැන් ටෝයියෝ බය්යෝයෝ දෙගොල්ලම අහන්නේ ජනතාවිමුක්ති පෙරමුනගන. මේකද මර ප්‍රශ්න ජවිපෙට චන්දෙ නොදීපු උන්ට තමයි මාරම අමාරුව තියෙන්නේ ජවිපෙ ප්‍රතිපත්ති ගැන.

    මේ වෙලාවේ තව දෙයක් මතක් කරන්න ඕන. උද ගෙන චන්දෙ දුනට UNP යටයි සන්දනේටයි අයි දැන් දෙගොල්ලොම්තම හමන් දාපු නඩු ඉල අස්කරගන්නේ. කෝ කැගහපු UNP උන්ගෙන අහන්නේ ජනවාරි 8 විප්ලවයද මොඅක්ද එක ඉදිරියට යනවද. :lol::lol::lol::lol:

    11933474_1014585438572942_7872335287302526396_n.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ සැරේ අනුර කුමාර ගහන්න ගිය ගේම මොකක්ද කියල ජනතාවට තේරැම් ගන්න බැරිඋනා... පිරිසක් කිව එයා අලියගේ නැට්ටෙ සීනුව ගැටහැහුව කියල. විජයදාස කීව ජෙවිපෙ මැතිවරණ ව්‍යාපාරයට සල්ලි දුන්න හුටපටයක් ගැන...අපිට දැනුනෙ යකඩ මල්ලටත් ගුල්ලො ගැහුවා වගේ හැගීමක්.....
    සාමාන්‍යෙයන් මමත් මොන දේශපාලන මතය දැරැවත් බොහෝ මැතිවරණවලදී චන්දය පාවිච්චි කලේ ජෙවිපෙට.. ඒත් මේ සැරේ දෙන්න අමාරැ තත්වයක් ඇතිඋනා දෙන්න හිතුනේත් නැ.. විශේෂයෙන් පිරිසකට ඕනවෙලා තිබුණ රනිල් එනඑක නවත්තන්න. තව පිරිසකට මහින්ද එනඑක නවත්තන්න දැඩි ඕනකමක් තිබුණ. බහුතර චන්ද මේ අරමුණ එක්ක තමයි පාවිච්චි උනේ. ඒකත් එක හේතුවක් වෙන්න ඇති.
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ලංකාව මහ තුප්පැහි රටක්.
    කැමති උනත් අකමැති උනත් ඒක එහෙම තමයි.
    කාට හරි කියන්න පුලුවන් ලංකාව උතුම් රටක්. ඒකෙ ඉන්න උන් තමයි නරක කියල.
    හැබැයි ඉතින් හිස් ඉඩමක් රටක් වෙන්නෙ නෑ.... ඒකෙ ඉන්න අපතයො ටික නැත්තන්!
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ජවිපේ විසුරුවනවා කිවිවොත් කට්ටියම අඩාගෙන අනුර හම්බෙන්න යන හැටි මැවිලා පේනවා! මේ රටේ එවුන්ට මොන ප්‍රගතිශිලි දේශපාලනයද බං. අනේ හුකේ. මායාදුන්න මහත්තයා හරි.
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    na mithraya wmetha thiyenne wena deyak.. JVP eka Markting danne na. e wagema JVP eka karanne contract ekak 88 Premadsage contract kara, in passé Mahindage... dan ranilge...

    Mole thiyena wadak karae chandrika ekka pariwase gahapu eka witharai.

    JVP ekata uwamanwak na rate balaya ganna. ekayi atta.
     

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    na mithraya wmetha thiyenne wena deyak.. JVP eka Markting danne na. e wagema JVP eka karanne contract ekak 88 Premadsage contract kara, in passé Mahindage... dan ranilge...

    Mole thiyena wadak karae chandrika ekka pariwase gahapu eka witharai.

    JVP ekata uwamanwak na rate balaya ganna. ekayi atta.


    අනේ පලයන් ඩෝ.... බලය ගන්න ඕනි වෙන පක්ෂෙක එල්ලිලා නෙවෙයි සිගිත්තෝ
    එහෙම උනාම වැඩේ කරන්න දෙන්නනෙ නෑ අනිත් උන්

    ජනතාව ජවිපෙට බලය දෙන්න අකමැතියි කියලා හිතමුකෝ එහෙනම් අඩුම තරමේ තමන්ලගේ පක්ෂවල හොද මිනිස්සු හරි පාර්ල‍ිමේන්තු යවන්න ඕනිනේ කෝ එ‍හෙම උනාද

    මිනිස්සුන්ට ඔවමනාවක් නෑ...