මාරාන්තික බස්

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    EuIDzuA.jpg

    යාලුවනේ වෙන ත්‍රෙඩ් එකක තිබුන කමෙන්ට් එකක් දැකල මේක ලියන්න හිතුනෙ.

    අපි කවුරුත් කැමති නෑනෙ ලංකාවේ බස් පාරෙ යන ව්දිහට. ඒකට විසඳුමක් පේන තෙක්මානෙක නෑ. ඒකට විසඳුමක් දෙන්න ගන්න උත්සාහයක් නෙමේ මේක. අඩු ගානෙ ලේ කෝප කරගන්නෙ නැතුව සැහැල්ලුවෙන් මම යන්නෙ කොහොමද කියල කියන්නයි උතසාහ කරන්නෙ.

    දුර ගමනක් යන්න පිටත් උනාම පිටිපස්සෙන් එන බස් වලට අපිට ඉස්සර කරගන යන්න පුදුම ගේමක්නෙ දෙන්නෙ. ඒ වගේම තමයි ඉදිරියෙන් එන වාහන වලට ඉස්සර කරන බස් අපිව දැක දැක තැනක් නොතැනක් නැතුව මූනට එන්නෙ නිකන් කාලතුවක්කු උන්ඩ වගේනෙ. මමනම් කියන්නෙ ඒ වගේ වෙලාවට ඔය තඩි ලේලන්ඩ් බස් එක්ක ගේමට යන්න එපා. අපි ඉඳල හිටලා දුර ගමනක් යනවා වගේ නෙමේ. උන් ඕක දවස් 365 තිස්සෙම එදා වේල හම්බකරන්න ගහන ගේම් එකේ කොටසක්. බස් එකේ ඉන්න සෙනග හැමෝටම ඕන කොහොම හරි ඉක්මනට ගෙවල් දොරවල් වලට යන්න. මට මතකයි මටත් බස් වල ගියපු කාලයක් තිබුනා. ඒ දවස් වල හිමින් පරිස්සමට යන බස් එකකට නගින්න කැමතිම නෑ. කොහොම හරි ඉක්මනට යන එක තමයි ඒ කාලේ අගේ කරේ.

    ඒ හින්ද තඩි ලේලන්ඩ් බස් ලොරි වගේ ඒවා පාරෙ යනකොට එයාලට ටිකක් ඉඩ දීල සපෝර්ට් එකක් දෙන්න. ඒ මිනිස්සු ඒවා එලවන්නේ ජොලියට නෙමේ. පනම් හතරක් හොයාගන ගෙවල් දොරවල් නඩත්තු කරන්න කරන වැඩක්. ඔය දේවල් ඔය විදිහට දකින්න පුලුවන්නම් හිත නිමාගන ගමනක් යන්න පුළුවන්.

    :D:D
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,062
    1
    11,096
    113
    mama nan Hadissi bus, car ,van karayanta ida denawa, winadi 5,10 parakkuwa wage nemei, ohoma race gihin happunoth dawas 2,3k iwarai kalee..salli.
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    උඩවළවේදි ලගදි එකක් හැප්පිලා 3ක් down එතැනම.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම මෙහෙම කිවුව එක සමහර අය වැරදියට තේරුම් අරගන වගේ. මම කිවුවේ අපිට එන තරහත් එක්ක පේන්නෙ නැති පැත්තක් තියනවා. ඒක තේරුම් කරන්නයි ඕන උනේ. එහෙම නැතුව බස් ලොරි යන විදිහ සාධාරණීකරණය කරන්න නෙමේ උත්සහ කරේ.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මම මෙහෙම කිවුව එක සමහර අය වැරදියට තේරුම් අරගන වගේ. මම කිවුවේ අපිට එන තරහත් එක්ක පේන්නෙ නැති පැත්තක් තියනවා. ඒක තේරුම් කරන්නයි ඕන උනේ. එහෙම නැතුව බස් ලොරි යන විදිහ සාධාරණීකරණය කරන්න නෙමේ උත්සහ කරේ.

    ඔයාගේ කතාවට එකඟයි.. ඇත්තටම ඒ පැත්තෙන් හිතුවාම කතාව ඇත්ත.. ඒත් ප්‍රශ්නෙ තියෙන්නේ ඒ අය අනිත් අයගෙ දරුවෝ ගැන, වයසක මිනිස්සු ගැන නොහිතන එක.. ඔතන ඩ්‍රයිවර්ලට ලොකු ප්‍රෙෂර් එකක් තියෙන එක ඇත්ත.. ඒත් ඒකට මනුස්සකම යට කරන එක අනුමත කරන්න බෑ..:no:
    බහින්න ඉන්න වයසක අයව පවා ගණන් නොගෙන හෙන දුර අරගෙන යන වෙලාවල් තියෙනවා.. ඉඩක් නැති තැන් වලදි පවා හෝන් ගගහ මැරෙන්න දඟලන වෙලාවල් තියෙනවා..

    අනිත් කාරණේ වැරද්ද පිළි නොගන්න එක.. ඉඩ නැති තැනකදි මූනට මූන හිර උනොත් වැරදි පැත්තෙන් ආවත් ඒ අය හරි පැත්තෙන් ආව කෙනාට ගහන්න පවා යනවා..:baffled:

    මම උනත් බයික් එකේ යන දවස් වල බස් වලට අනන්තවත් ඉඩ දීලා තියෙනවා.. ඒ මිනිස්සුන්ගේ කාලේ වගේම ඩ්‍රයිවර්ලගේ මහන්සිය ගැනත් දන්න නිසා.. ඉඳල හිටල හරි වාහනයක් ඩ්‍රයිව් කරද්දි උනත් එහෙමයි.. ඒවුනත් පැය ගණන් කොට කොට ගිහින් පාරම බ්ලොක් කරගෙන මිනිස්සුන්ගේ කාලේ නාස්ති කරලා අන්තිමට එලෝ මෙලෝ නැතුව එලවන උනුත් ඉන්නවා.. එහෙම යන
    දුර බස් (සෙමි ලක්ෂරි) පවා තියෙනවා..

    අනික කාර් එකක් වගේ එලවනකොට ඉඩ දෙන්න පාරෙන් අයිනෙ තියෙන ගැට්ටෙන් බිමට දාන්න බෑ එක පාරටම.. ඒත් එහෙම තැන් සෙට් උනාමත් ගොඩක් අය හෝන් ගහනව විතරක් නෙමෙයි ලැබෙන ඉඩකදි උනත් ඉස්සර කරන්නේ ඇඟට අල්ලලා..
    අනික හැමෝටම එක වගේ එහෙට මෙහෙට කර කර ඉඩ දෙන ගමන් වාහන එලවන්න බෑ.. එහෙම අයට එක පාර ඉඩ දී ගන්න බැරි වෙන වෙලාවල් තියෙනවා.. ඒත් බස් ඩ්‍රයිවර්ලා ඒව තේරුම් ගන්නේ නෑ.. ඉඩ නොදෙන හැමෝටම එක්කෝ කුණුහරුපෙන් බනිනවා.. නැත්තං ඇඟට අල්ලනවා.. අන්න එතනයි වැරැද්ද..:oo:

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    කතාවෙත් ඇත්තක් නැත්තේ නෑ..
    එත් ඕ‍යී මුන් මූණට පිබගෙන එද්දි "ටහුකන්ඩ" කියලමයි කියවෙන්නේ :D
    btw nice thought ! :yes:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    ඔයාගේ කතාවට එකඟයි.. ඇත්තටම ඒ පැත්තෙන් හිතුවාම කතාව ඇත්ත.. ඒත් ප්‍රශ්නෙ තියෙන්නේ ඒ අය අනිත් අයගෙ දරුවෝ ගැන, වයසක මිනිස්සු ගැන නොහිතන එක.. ඔතන ඩ්‍රයිවර්ලට ලොකු ප්‍රෙෂර් එකක් තියෙන එක ඇත්ත.. ඒත් ඒකට මනුස්සකම යට කරන එක අනුමත කරන්න බෑ..:no:
    බහින්න ඉන්න වයසක අයව පවා ගණන් නොගෙන හෙන දුර අරගෙන යන වෙලාවල් තියෙනවා.. ඉඩක් නැති තැන් වලදි පවා හෝන් ගගහ මැරෙන්න දඟලන වෙලාවල් තියෙනවා..

    අනිත් කාරණේ වැරද්ද පිළි නොගන්න එක.. ඉඩ නැති තැනකදි මූනට මූන හිර උනොත් වැරදි පැත්තෙන් ආවත් ඒ අය හරි පැත්තෙන් ආව කෙනාට ගහන්න පවා යනවා..:baffled:

    මම උනත් බයික් එකේ යන දවස් වල බස් වලට අනන්තවත් ඉඩ දීලා තියෙනවා.. ඒ මිනිස්සුන්ගේ කාලේ වගේම ඩ්‍රයිවර්ලගේ මහන්සිය ගැනත් දන්න නිසා.. ඉඳල හිටල හරි වාහනයක් ඩ්‍රයිව් කරද්දි උනත් එහෙමයි.. ඒවුනත් පැය ගණන් කොට කොට ගිහින් පාරම බ්ලොක් කරගෙන මිනිස්සුන්ගේ කාලේ නාස්ති කරලා අන්තිමට එලෝ මෙලෝ නැතුව එලවන උනුත් ඉන්නවා.. එහෙම යන
    දුර බස් (සෙමි ලක්ෂරි) පවා තියෙනවා..

    අනික කාර් එකක් වගේ එලවනකොට ඉඩ දෙන්න පාරෙන් අයිනෙ තියෙන ගැට්ටෙන් බිමට දාන්න බෑ එක පාරටම.. ඒත් එහෙම තැන් සෙට් උනාමත් ගොඩක් අය හෝන් ගහනව විතරක් නෙමෙයි ලැබෙන ඉඩකදි උනත් ඉස්සර කරන්නේ ඇඟට අල්ලලා..
    අනික හැමෝටම එක වගේ එහෙට මෙහෙට කර කර ඉඩ දෙන ගමන් වාහන එලවන්න බෑ.. එහෙම අයට එක පාර ඉඩ දී ගන්න බැරි වෙන වෙලාවල් තියෙනවා.. ඒත් බස් ඩ්‍රයිවර්ලා ඒව තේරුම් ගන්නේ නෑ.. ඉඩ නොදෙන හැමෝටම එක්කෝ කුණුහරුපෙන් බනිනවා.. නැත්තං ඇඟට අල්ලනවා.. අන්න එතනයි වැරැද්ද..:oo:

    සම්පූර්ණ ඇත්ත සහෝදරයා. ඔයා කියල තියන දේවල් වලට මම 100% එකඟ වෙනනවා.

    එකයි මම කිවුවෙ, එයාල කරන දේවල්වලට අපිට එකඟවෙන්න බෑ කියල. එයාලා කරන දේ අන්තිම වැරදියි.

    ඒ වැරදි දැක දැක අපිට හිත හදාගන යන්න ක්‍රමයක් තමයි මම කිවුවෙ. අනික තමයි අමතක කරන්න එපා ගොඩක් වෙලාවට ඔය වගේ ජොබ් එකක් කරන්නෙ අද්යාපන මට්ටමෙන් ගොඩක් පහල ඉන්න අය. ඒ වගේ අයත් එක්ක සම මට්ටමේ අයත් එක්ක වගේ තර්කෙන් ධර්මෙන් දෙයක් පැහැදිලි කරලා දෙන්න අමාරුයි. හොඳම දේ තමයි දෙපැත්තට අදින්නෙ නැතුව ඒක පැත්තක් හිස නමල අනිත් පැත්තෙ කෙනාට ඉඩ දීලා ආකල්පමය වෙනසක් ඇති කරන එක. එහෙම නැතුව ඔය වගේ සාමාජයීය ප්‍රශ්න විසදන්න බෑ.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    pahara ballo lanes invade karaddi thmaai mala paninne. unta priority denna gaththoth un eka granted widiyata aran mini maranawa. ekath thiyenawa. unta discipline kiyana eka ugannana one. nathuwa mehema chances dunnoth aniwa apita pare yanna bari ganata un hadenawa.
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    හැමදාම බස් එකක පැය 2-3 විතර යන කෙනෙකුට විතරයි ඕක තෙරෙන්නේ බං. ඒ මිනිස්සු කොහොමහරි ඉක්මනට ගෙදර යන්න බලන්නේ.

    මමත් මගේ වාහනේ යනවනම් අනිවා බස් වලට ඉඩ දෙනවා.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    ඒ හින්ද තඩි ලේලන්ඩ් බස් ලොරි වගේ ඒවා පාරෙ යනකොට එයාලට ටිකක් ඉඩ දීල සපෝර්ට් එකක් දෙන්න. ඒ මිනිස්සු ඒවා එලවන්නේ ජොලියට නෙමේ. පනම් හතරක් හොයාගන ගෙවල් දොරවල් නඩත්තු කරන්න කරන වැඩක්. ඔය දේවල් ඔය විදිහට දකින්න පුලුවන්නම් හිත නිමාගන ගමනක් යන්න පුළුවන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බස් විතරක් නෙවෙයි බන්.
    හැම වාහන ජාතියක්ම එලවන උන්ගේ සයිකෝ කේස් ඉන්නවා.

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    බස් විතරක් නෙවෙයි බන්.
    හැම වාහන ජාතියක්ම එලවන උන්ගේ සයිකෝ කේස් ඉන්නවා.

    ඒකනම් ඇත්ත... බස් ලොරි වගේ ඒවා ලොකු හින්ද ඒවගෙන් තියන impact එක වැඩිකමට මිනිස්සුන්ට ඒවා පේනවා වැඩී. නැත්නම් ඔය මොන මොන වාහන එලවන අය අතරත් පස්ස කඩාගත්ත කඩියෝ වගේ පිස්සො ඉන්නවා.​
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඒකනම් ඇත්ත... බස් ලොරි වගේ ඒවා ලොකු හින්ද ඒවගෙන් තියන impact එක වැඩිකමට මිනිස්සුන්ට ඒවා පේනවා වැඩී. නැත්නම් ඔය මොන මොන වාහන එලවන අය අතරත් පස්ස කඩාගත්ත කඩියෝ වගේ පිස්සො ඉන්නවා.​

    :yes::yes:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ලොරි අරව මේවා නම් අදාල නෑමයි. බස් නම් ප්‍රයිවට් සීටීබී දෙකම අදාලයි. බස් වලට නම් ඉඩ දෙනවා සහ ගේමට යන්නේ නෑ. ලොරි බල්ලෝ නම් ලොකු නෑ එකෙක්වත්. ඉස්සර කරන්න ගියාම උන් තව තව පාරටම කපනවා. කොහොමහරි ඉස්සර කරලා 30ට 40ට යනවා ඌව පිටිපස්සෙන් තියාගෙන. ඉස්සර කරන්න එද්දි පාගනවා. ඩබල් ඉරක් වගේ බලලා ඕක කරලා ඉස්සර කරන්න දීලා පොලීසියටත් අල්ලගත්තා නම් හරී සන්තෝසයි.

    ඇම්බියුලන්ස්, ගිනි නිවන රථ, මැති ඇමති හැත්ත හැරෙන්න එක වාහනේක යන මගීන් ගාණ එකෙන් බෙදුනාම එන අගය විශාල වෙන්න වෙන්න ඒ වාහනයට මම ඉඩ දෙන සම්භාවිතාවය වැඩියි. ඒ හැරෙන්න කන්ටේනරයක් ගියත් ලොකු නෑ.
     
    ලොරි එලෝන හැමෝම එහෙම නෑ බ්‍රෝ... අනික ඕවත් එක්ක ගේම ඉල්ලලා පොඩ්ඩ මිස් උනොත් කොහෙන් නවතීද දන්නෙ නෑ.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කවුද කෙනෙක් දෙමලෙන් මොනවද ලියලා මගේ රෙප් කපලා. තේරෙන්න මොනවා හරි ලියලා එහෙම කරන්න මීට පස්සෙ කපනකොට

    :no:
     
    • Like
    Reactions: vito