එයාලා ජීවිතය විදිනවා බන්අද උදේ පාන්දර මන් gym එක පැත්තට ගියා. එ වෙලාවට හැමදාම ඉන්නේ දෙතුන් දෙනයි. හැබැයි අද කවදාකවත් දැකල නැති දෙන්නෙක් හිටියා. අක්කා කෙනෙකුයි තව බූවල්ලෙක් වගේ කලු උස මහත මිනිහෙකුයි. මට ඕන වෙච්ච dumbell දෙක මේ අක්කා ගාව. මන් ගිහින් ඇහුවා respectful විදිහට "excuse me ඔයා 15 දෙක use කරනවද කියලා". මේ අක්කා හිනාවෙලා කිව්වා "මට තව එකක් තියෙනව එක ඉවර කරලා දෙන්නං කියලා". ඒත් එක්කම අර බුවල්ලා වගේ ඉන්න එකා ආවා මාත් එක්ක වලියට වගේ "මොකද මල්ලී වෙන්න ඕනේ මොකද ප්රශ්නෙ කියලා". මන් කිව්වා මට මේ dumbell දෙක ඕනි, මන් පස්සේ ගන්නන් කියලා මෙයා use කරන හින්දා. ඒත් එකටම මූ කිව්වා "මෙයා තාම මෙවා පාවිච්ච් කරනව කියලා පේන්නෙ නැද්ද? ඔයා යන්නකෝ ඉවර උනායින් පස්සේ ගෙනැත් දෙන්නං" කියලා. මට එ වෙලාවෙ noteඋත් උනා එ අක්කටත් මුගේ හැසිරීමෙන් mood අවුල් ගහලා කියලා.
මට තේරෙන්නේ නැත්තේ ඇයි මිනිස්සු හරියට කෙනෙක්ට කතා කරන්නවත් දන්නේ නැත්තේ කියලා. මං line කරගන්න නෙමේ නේ ආවේ. කොහොමත් පේනවා අරයා අක්කා කෙනෙක් කියලා. එ කියන්නේ වයස පේනවා, මන් සාපේක්ෂව බාලයි කියලා. එහෙම නූනත් මං කියන්නේ කව්ද තමන්ගේ Girlfriend වේවා, fiancée වේවා, wife වේවා හරි ගැන එහෙම හිතන්නේ? එ කියන්නේ කතා කරන හැම පිරිමියාම හදන්නේ සෙට් කරගන්න කියලා? එහෙම නැතත්, නිකං ආරක්ෂා කරන්න වගේ නං, ඒත් මිනිස්සුන්ට තේරුම් ගන්න බැරිද මෙයා හිනාවෙලා මුත් එක්ක කතා කරේ, එ හින්දා threatened වෙලා නැතුව ඇති කියලා?
එ වෙලාවෙ gym එකේ වැඩ කරන බුවා වත් හිටියේ නැ. එයා මත් එක්ක fit. හිටියනම් කියන්න තිබ්බා. පස්සේ බලනකොට මූ අර අක්කාගේ පිටිපස්සේමයි. නිකන් bodyguard වගේ. Dumbell දෙක ගෙනල්ලා දුන්නෙත් නැ, මන් ගිහින් ගත්තා. මානසික ලෙඩ්ඩු අනේ මන්දා.
උඹ තමයි මැද්දට පැනලා අල කරන්න ඇත්තේ
උන් දෙන්නගේ ආදරය තියෙන්නේ ඔය උඹ කියන ඩම්බ් බෙල් කියන මකබාවේ...
