පහුගිය ටිකේ වෙච්ච දේවල් මතක් වෙන එක අඩු කරන්න කියලා ජනවාරි මැද ඉඳන් වගේ කලේ දවසම නිදාගත්ත එක. වෙනදට උදේ 8.30 වෙද්දී ඇහැරෙනවා පාන්දර 2ට බුදියගෙන. පස්සේ ඒක 9.30 වෙනකන් දික් වුනා. 8.30 ට ඇහැරුනත් ඇඳට වෙලා ඉන්නවා 9.30 වෙනකන්. ආයේ 11ට විතර බුදි උදේට කන්නෙත් නැතුව. ආයේ දවල්ට කඩෙන් ගෙනල්ල කාලා ආයේ බුදි. දවසට පැය 10ක් විතර බුදි. රෑ වරුව තමා ඇහැරගෙන ඉන්නේ පුළුවන් ටිකක් හරි.
දැන් නම් ප්‍රශ්නේ නම් 90% වගේ හොඳ වෙලා තියෙන්නේ. හැබැයි අර නිදාගන්න එක පුරුද්දකට ගිහින්. කම්මැලි වෙලා. ජීවිතේට ටාගට් එකක් නෑ වගේ දැනෙනවා. ලොකු හිස්බවක් දැනෙනවා. මොකක්ම හරි දෙයක් අඩුයි වගේ දැනෙනවා. හැබැයි තේරෙන්නේ නෑ මොකක්ද ඒ අඩුව කියල. අනාගතේ ගැන කිසිම සැලැස්මක් ගැන හිතාගන්න බෑ. මීට මාස 5-6 කට කලින් හිටපු විදිහට ඉන්න ඇත්නම් කියල හිතෙනවා. ඒත් අනේ මන්දා දවසින් දවස අඳුරටම යනවා වගේ තේරෙන්නේ.