ඇයි බන් මුන් මේ කඳුලු පෙරන් ඉන්නෙ? හරියට උන්ට කන්න බොන්න දුන්නා වගේ නේ. ලංකාවෙ සිනමාව කියලා ඇති ලබ්බකුත් නෑ, ඒත් මුන් නිකන් හැසිරෙන්නෙ හොලිවුඩ් ලෙවල් එකේ තියෙන්නෙ කියලා.
ගොඩක් උන් නම් ඇවිත් තිබ්බෙ photo එකක් ගහලා පොඩි පබ්ලිසිටි එකක් ගන්න කියලා හොඳට තේරෙනවා.
මේ ඔක්කොම රඟපෑම්ද? නැත්තන් මේ ගෑනි අපි නොදන්න ලොකු සේවයක් කරලා තියෙනවද?
මේ ගෑනි අපි නොදන්න ලොකු සේවයක් කරලා තියෙනවද? - ඔව් .
දැන් මචන් අපිට ඕනේ ඕනේ විදිහේ චිත්‍ර පටි , ඩ්‍රාම ඕනේ මගුලක් බලන්න පුළුවන් කම තිබ්බට බන්, කලින් තිබ්බේ ෆිල්ම්හෝල් වලින් පෙන්නන ෆිල්ම් විතරයි බන් . ඕවට යන්න කට්ටියේ හෙන පෝලිම . දැන් ෆිල්ම් හෝල් වෙලුනට බන් , කලින් TV , ඉන්ටර්ට්නෙට්, CD , DVD මොකුත් නෑ . පිච්චර් එකක් බලන්න යනවා කියන්නේ බන් , ආයේ ඉතින් දැන් ඉන්න එවුන් රෙස්ලින් මැච් බලන්න යනවා වගේ තමයි .
ෂෝ එක යන කොට විශිල් , අප්පුඩි ගහල චන්ඩියා ගුටි කද්දී හූ කියන , වීරයා දිනන කොට අප්පුඩි ගහන විදිහේ ලෙවල් එකක් තිබ්බේ .
ඔන්න ඔය කාලේ හිටපු රංගන ශිලිපිනියක් තමයි මාලණි . විජය, මාලණි , ගාමිණි ෆොන්සේකා ඉන්න පිච්චර් එකක් කියන්නේ අනිවා හිට් . මාස ගානක් බොක්ස් ඔෆිස් තමයි .
අද තියෙන චිත්‍රපටි එක්ක ගත්තම ඒවගේ තියෙන දේවල් බොළදයි, තාත්වික නෑ වගේ පෙනුනන්ට බන් , එදා කාලෙට මිනිස්සුන්ට ඒවා ගැලපුන . නැටුම් උනත් ගස් බදාගෙන , බිම පෙරලි පෙරලි හිටියට ඒවා ඒ කාලේ ට්‍රෙන්ඩ් එක . කොහොම හරි ලාංකීය සිනමාව ගත්තම් බන් , එදා තිබුන තත්වෙට වඩා අද තියෙන්නේ පසු පසින් . ඒවා වෙනම කතා කරමු ඕනේ නම් . නමුත් , එදා බිහිවුන චිත්‍රපට, එදිනෙදා බාවිතාවේදී පිච්චර් කියල මිනිස්සු ආදරෙන් වැලද ගත්ත . ඒ රංගන ශිල්පීන්ට ආදරේ කරා . විජය මාලනී කීවම පිච්චර් වල පෙම්වතුන් . ඒක පිච්චර් එකේ කොටසක් උනත් , මිනිස්සු ඒකට ආදරේ කරා.
ඔහොම ගත්තම බන් , මිනිස්සු අතර ජනප්‍රිය උන , සම්මාන වලට පාත්‍ර උණු , දේශීය විදේශීය වශයෙන් ඇගයීමට ලක්වුණු නිලියක් තමයි බන් මාලනි ෆොන්සේකා . දශක ගණනාවක් කේෂත්‍රයේ රැදිලා , අලුත් පරම්පරාවටත් ගුරු හරුකම් දීපු කෙනෙක් . කේෂ්ත්‍රයට වැඩක් කරපු කෙනෙක් . අද වගේ හෙළුව පෙන්න්නල ජනප්‍රිය උන නිළියක් නෙවෙයි . අඩු පාඩු තියෙන්න ඇති , කාගේ ළගද බන් අඩු පාඩු නැත්තේ .
ඔය ඇවිත් හිටපු සමහර එවුන් නම් ඇවිත් තිබ්බේ උන් කොන්වෙයි කියන සීන් එක නිසා මිසක්, ඇත්තටම ශෝකයක් නිසා නෙවෙයි බන් . ලකුණු දාගන්න සමහරු ආවා ඒක ඇත්ත . ඒවා ඉතින් උන් ගෙනියයි .
