මාලිංගගෙ_නිරුවත

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මාලිංගගෙ_නිරුවත

    malinga.jpg



    ගතවූ ඉරු දින ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාවේ දැඩිම අර්බුදයකාරී තත්ත්වයක්‌ පැවැති හෝරා කිහිපයක්‌ විය. එහිදී ජාතික සංචිතයේ ක්‍රීඩකයන් 23 දෙනා හට අත්සන් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය විසින් ඉදිරිපත් කරන ලද ගිවිසුම අත්සන් කිරීම එම ක්‍රීඩකයන් විසින් වර්ජනය කිරීම මෙම තත්ත්වය ඇතිවීමට ප්‍රධාන හේතු විය. මෙම වර්ජනයට ප්‍රධාන හේතුව වූයේ කාලයක්‌ මුළුල්ලේ ක්‍රීඩකයන්ට ලැබෙන දීමනා මෙන්ම මූල්‍ය ප්‍රතිපාදන කපා හැරීම මුල් වීමය.

    ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩාව වන ක්‍රිකට්‌ ක්‍රීඩාව සම්බන්ධව තේරීම් කමිටු සභාපතිවරයා සහ ක්‍රීඩකයන් අතර තීරණාත්මක සාකච්ඡාව වාර්තා කිරීම සඳහා පමණක්‌ මාධ්‍යවේදීන් පසුගිය ඉරිදා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතන පරිශ්‍රයට පැමිණියේ හුදෙක්‌ම සිද්ධිය පිළිබඳව ක්‍රීඩා ලෝලීන් දැනුවත් කිරීම විනා ක්‍රීඩකයන්ට විනයක්‌ නොකිරීමට බව පැහැදිළි කරුණකි.

    ක්‍රීඩකයන්ගේ ඉල්ලීම් ප්‍රතික්‍ෂේප වී තීරණාත්මක සාකච්ඡාව අවසන් විය. අවසානම අවස්‌ථාව වාර්තා කිරීමට මාධ්‍යවේදීන් මෙන්ම ඡායාරූප ශිල්පීන් සූදානම්ව සිටියහ.

    ඉදිරියට පැමිණියේ ලසිත් මාලිංග, කුමාර් සංගක්‌කාර සහ තිලාන් සමරවීර යන තිදෙනාය. එහිදී ක්‍රිකට්‌ ආයතන කොරිඩෝව දිගේ පිටතට පැමිණි ලසිත් මාලිංග, එක වරම දුටුවේ ක්‍රිකට්‌ ආයතනය ඉදිරිපිට සිටින මාධ්‍යවේදීන් සහ කැමරාශිල්පීන්ය. එහිදී ප්‍රථමයෙන් අත් දිගු කොට සිය සගයන් දෙදෙනා සමග මාධ්‍ය පිරිස දෙවැනි තැනට ඇද දමමින් නොහොබිනා විහිලූවක්‌ කළ මාලිංග, අනතුරුව ක්‍රිකට්‌ ආයතනයෙන් පිටතට පැමිණියේය.

    සියල්ල ඇරැඹියේ ඉන් පසුවය. මෙහිදී මාලිංගගෙන් මාධ්‍යවේදීයෙක්‌ ප්‍රශ්න කර සිටියේ අත්සන් තැබීමට නියමිත වූ කොන්ත්‍රාත්තුවට කුමක්‌ වුණේද යන්නය.

    "කන්ට්‍රැක්‌ට්‌ එකට මොකද වුණේ...?"

    "මොන කන්ට්‍රැක්‌ට්‌ එකක්‌ද...?අපි මේ පාටියක්‌ තිබ්බා. ඒකට පොඩ්ඩක්‌ ආවා..."

    "කන්ට්‍රැක්‌ට්‌ එකට අත්සන් කළේ නැද්ද...?"

    "මොන කන්ට්‍රැක්‌ට්‌ එකද, අපි මේ function එකකට ආවා... කන්ට්‍රැක්‌ට්‌ එකට ආපු කට්‌ටියගෙන්ම අහගන්න" යෑයි උඬගුවෙන් සිය බී. එම්. ඩබ්ලිව්. රථයේ නැගී මාලිංග පිටව ගියේ මාධ්‍යවේදීන්ව තඹයකට හෝ මායිම් නොකරමිනි.

    මුදල් මත පදනම්ම මෙම සිද්ධිදාමය නිසා මාලිංග සඳහන් කළ දේ ගැන මාධ්‍යවේදීහු එතරම් තැකීමක්‌ නොකළහ.

    එහිදී කුමාර් සංගක්‌කාරගෙන්ද, නායක ඇන්ජලෝ මැතිව්ස්‌ගෙන්ද මෙන්ම උප නායක දිනේෂ් චන්දිමාල්ගෙන්ද කරුණු විමසනු ලදුව ඔවුන් සිය නිහතමානී කම රැක ගනිමින් තමන්ට හිමි සීමාවේ සිට කරුණු දැක්‌වූහ. එහිදී චන්දිමාල් කිසිවක්‌ සඳහන් නොකළද සිනහව රඳවා ගනිමින් සිය රථයේ නැග පිටව ගියේ මාධ්‍යවේදීන්වද සිනහ ගන්වමිනි.

    එම රාත්‍රිය එසේ ගෙවී ගියේය. ඉන්පසු දින හෙවත් මාර්තු 04 වැනිදාද ක්‍රීඩකයන් සියලුදෙනා සිය කොන්ත්‍රාත් අත්සන් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට පැමිණියහ. එහිදී පැමිණි මාලිංගව එක්‌ මාධ්‍යවේදියෙක්‌ ආමන්ත්‍රණය කරන ලද්දේ මාලිංග මහත්තයා. අපිට පොඩ්ඩක්‌ කථා කරන්න පුළුවන්ද? යනුවෙනි.

    පුපුරුගසන දෙනෙතින් යුතු මාලිංග එහිදී උන්මත්තකයකු ලෙස හැසිරෙමින් පෙරළා ප්‍රශ්න කර සිටියේ ඇයි මීට කළින් මාව දැකලා නැද්ද...? වැඩක්‌ බලාගෙන යනවා යන්න...යනුවෙනි.

    මුදල් මත පදනම්ව යම් යම් ලාභ පාඩු වීමේදී බොහෝ ක්‍රීඩකයන්ගේ සංයමය බිඳී යැම සාමාන්‍ය දෙයක්‌ වුවත් එහිදී බහුතරයක්‌ තම නිහතමානීත්වය සහ මහත්මාගතිය ආරක්‍ෂා කර ගැනීමට සමත්වද්දී මාලිංගට කිසිදු අධ්‍යාපන වපසරියක්‌ හෝ නිහතමානීකමක්‌ නොමැති බව මොනවට පැහැදිළි කරමින් මාධ්‍යයට බුරන්නට විය.

    ලසිත් මාලිංග යනු කණ්‌ඩායමේ සෙසු ක්‍රීඩකයන්ට වඩා මුදල් පිළිබඳව තැකීමේදී වැඩිම ආදරයක්‌ ඇති පුද්ගලයාය යන්න මීට ඉහත අවස්‌ථා ගණනකදී උදාහරණ සහිතව ඔහු විසින්ම ඔප්පු කර තිබේ. එය මනාව පිළිබිඹු කරන ප්‍රධානම අවස්‌ථාව වූයේ ඉකුත් 2011 වසරේ පැවැති ශ්‍රී ලංකා කණ්‌ඩායමේ එංගලන්තය සංචාරයේදීය. මෙම වකවානුවේදී අයි. පී. එල්. තරගාවලිය නියෝජනය කරමින් සිටි මාලිංගව අදාළ තරගාවලිය සඳහා කැඳවීමක්‌ කරන ලදුව, එයට ඔහුගේ ක්‌ෂණික ප්‍රතිචාර වූයේ ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් සමුගැනීම විය. තම පාදයේ ඇතිවී තිබෙන ආබාධිත තත්ත්වය මත එසේ ඔහු සමුගත්තේය යන්න මාලිංග විසින් පසුව පවසන ලද 'මොත්තේ කතාව' අකමැත්තෙන් වුවද සියලු දෙනාටම පිළිගැනීමට සිදුවිය.

    රාජකාරියට පැමිණි මාධ්‍යවේදීන්ට අවමන් කරමින් මාලිංගගේ මෙම හැසිරීම මාධ්‍යය ඔස්‌සේ ප්‍රචාරය කිරීම මත මාලිංග මෙතෙක්‌ රඳවාගෙන සිටි බොරු සිල්වත බිඳී ගියේය. ඔහුගේ සැබෑ මානසික තත්ත්වය මේ වන විටත් රටට හෙළීවී ඇත.

    මෙහිදී මාධ්‍යවේදීන් අසරණ කිරීම මාලිංගගේ ඉලක්‌කය වුවත් සැබැවින්ම අසරණ වන්නේ මාධ්‍යවේදීන් නොව ඔහුමය. මාධ්‍යයේ වගකීම වන්නේ සිදුවීම වාර්තා කිරීම මිස මෙවැනි හැසිරීම් දකින ප්‍රේක්‍ෂක ජනතාවගේ හදවතෙහි රැඳෙන්නේ අප්‍රසන්න හැඟීමක්‌ හෝ පරිභවයට ආරම්භයක්‌ යෑයි පෙන්වා දීමට නොවේ.

    කඩල ඇටයක්‌ හපමින්, වතුර කරාමයකින් වතුර උගුරක්‌ බී අව්වේ කර වෙවී ක්‍රිකට්‌ තරග නරඹන ප්‍රේක්‍ෂකයන් නොසිටින්න මෙවැන්නන්ට අද වැනි තානාන්තර කිසි විටෙකින්වත් නොලැබෙනු ඇත. එහිදී යාන වාහන, සුර සැපද නැති වීමට හැක.

    ක්‍රිකට්‌ ගහන්න පුලූවන් කාලේ මම අයි. පී. එල්. හරි වෙන කොහේ හරි ක්‍රීඩා කරලා සල්ලි හොයනවා. මට බැරි කාලේ කවුරුත් මට උදව් කරන්නේ නැති නිසා යන්න මාලිංග පවසා ඇත.මුදල් හම්බ කළ යුතුය. කට පරෙස්‌සම් කර ගත යුතුය.

    එහෙත් වාර්ෂික ගිවිසුම සම්බන්ධයෙන් වූ සංශෝධන ආශ්‍රිත කෝපය පිට කිරීමට මාලිංග අවියක්‌ කර ගත්තේ මාලිංගට වැටෙන්න පහර වදින විට ඔහු වෙනුවෙන් පෙනී සිටි මාධ්‍යවේදීන්ට වීම නිසා අපි අපි ගැනම ලැඡ්ජාවට පත්වෙමු. ඔබ මුදල් රැස්‌ කරන්න. සල්ලි ලැබෙන විට ඔබගෙන් ගිලිහී යන නිතහමානී කම රැක ගන්න. ඒ මන්ද යත්, මුදල් ඉපැයිය හැකි වුවත් මනුස්‌ස කම සහ නිහතමානී කම මෙන්ම ගෞරවය කිසි විටෙකින්වත් මාලිංග සතු තිබෙන බිලියන ගණනින් වූ මුදල් වලට ගත නොහැකි නිසාවෙනි.

    ඔබ වෙනුවෙන් ඔල්වරසන් නැගූ ලක්‍ෂ සංඛ්‍යාත ක්‍රිකට්‌ ලෝලීහු එදින ඔබට සහ ඔබගේ හැසිරීම වෙනුවෙන් චික්‌ යෑයි කියූ බවද මාධ්‍ය ඔස්‌සේම මතක්‌ කර දීමට සිදුවීම දෛවයේ තවත් සරදමක්‌ද...?











    Code:
    divaina 6/3/2013
     
    • Like
    Reactions: DILUF

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    ow chaminda vas . murali ehema kohoma inna oneda ehenam. yako dekka thenakadi kata karanawa hina wela un. onna minissu. malingata tiyenne ipl usne
     

    krrishkevin

    Member
    Dec 1, 2006
    427
    4
    0
    In South Park
    Machan, We don't know what really happened yea? :no: He must have been pissed off with media buggers for some reason.

    අනික මචන් අපි ඔය incident එක ගන දෑන ගත්තෙත් media වලින් නේද?. උන්ට ඈත්ත scene බොරු කරන්නත් බොරු scene ඈත්ත කරන්නත් පුලුවන්.

    Malinga can be a bighead. He was stupid or brave enough to scold them and now the media is ripping him off for that. And you guys are blaming Malinga telling every sort of things. :confused: That is just supporting the media buggers without knowing anything. To put things simply : Media controls the public. That is the reality so please act wisely.
     
    Last edited:
    • Like
    Reactions: wijebahu

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,494
    113
    Kandy
    Machan, We don't know what really happened yea? :no: He must have been pissed off with media buggers for some reason.

    අනික මචන් අපි ඔය incident එක ගන දෑන ගත්තෙත් media වලින් නේද?. උන්ට ඈත්ත scene බොරු කරන්නත් බොරු scene ඈත්ත කරන්නත් පුලුවන්.

    Malinga can be a bighead. He was stupid or brave enough to scold them and now the media is ripping him off for that. And you guys are blaming Malinga telling every sort of things. :confused: That is just supporting the media buggers without knowing anything. To put things simply : Media controls the public. That is the reality so please act wisely.

    :yes::yes: 7+
     
    • Like
    Reactions: krrishkevin

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    මු ලන්කාවේ ට්ම් එකට සෙල්ලම් කරනකොට මුගෙ යොකෙර් එක දාපු දවසක් මතකද ??
    IPL ගහනකොට කොහොමද දාන්නෙම යොකෙර්. සල්ලිවලට රට පාවාදෙන එකෙක් මු.
    අර්ජුන, අරවින්ද, රොශාන්, ගුරුසින්හ, කලු... මේ මිනිස්සු තමයි නියම මහත්මාවරු..
     
    • Like
    Reactions: Tharanga81

    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    මු ලන්කාවේ ට්ම් එකට සෙල්ලම් කරනකොට මුගෙ යොකෙර් එක දාපු දවසක් මතකද ??
    IPL ගහනකොට කොහොමද දාන්නෙම යොකෙර්. සල්ලිවලට රට පාවාදෙන එකෙක් මු.
    අර්ජුන, අරවින්ද, රොශාන්, ගුරුසින්හ, කලු... මේ මිනිස්සු තමයි නියම මහත්මාවරු..

    :yes::yes:
     

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    sch007;14588229[SIZE=3 said:
    ][/SIZE]මු ලන්කාවේ ට්ම් එකට සෙල්ලම් කරනකොට මුගෙ යොකෙර් එක දාපු දවසක් මතකද ??
    IPL ගහනකොට කොහොමද දාන්නෙම යොකෙර්. සල්ලිවලට රට පාවාදෙන එකෙක් මු.
    අර්ජුන, අරවින්ද, රොශාන්, ගුරුසින්හ, කලු... මේ මිනිස්සු තමයි නියම මහත්මාවරු..


    අනිවා............
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,623
    1,562
    113
    porak wenda try kare,, anthimedi balu wuna,, poddak hithuwa nam muta ohoma wenne ne
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    දේශපාලනය අත දාන හැම දේම නිකන්ම දේශපාලනිකරණය වෙනවා... මාලිංග සල්ලි වලටම ක්‍රිකට් ගහන බව ඇත්ත.... නමුත් ක්‍රිකට් ගහලා මඩිය පිටින් පාලකයන්ට ගෙනත් දිම විය යුතුද ???