මාලිංග - මාධ්‍යවේදියා

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    මාලිංග - මාධ්‍යවේදියා

    සහයෝගය සහ දක්ෂතාවය කියන්නෙ වචන දෙකක්

    image_2fab4c7b29.jpg

    එංගලන්තයේදී පැවැති ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (8 වැනිදා) පෙරවරුවේ දිවයිනට පැමිණි අවස්ථාවේදී ලසිත් මාලිංග සහ මාධ්‍යවේදීන් අතර වූයේ තරමක උණුසුම් සංවාදයකි. මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්න වලට කැත්තට පොල්ල මෙන් උත්තර දුන් මාලිංග ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වඩාත් දියුණු තත්ත්වයකට ගෙන ඒම තමන්ගේ කාර්යයක් නොවන බවත් ඒ වෙනුවෙන් බලධාරීන් සිටින බවත් පැවසීය.
    මාධ්‍යවේදීන් පිරිස සහ ලසිත් මාලිංග අතර කටුනායක ගුවන්තොටුපළ පරිශයේදී ඇතිවූ කතාබහක් පහත සඳහන් වේ.

    මාධ්‍යවේදියා - තරගාවලිය ගැන මොනවද කියන්න තියෙන්නේ?
    මාලිංග - තරගාවලිය අසාර්ථකයි.

    මාධ්‍යවේදියා - අසාර්ථක වීමට හේතුව?
    මාලිං - තරග පරාජය වීම.

    මාධ්‍යවේදියා - පරාජය වීමටත් හේතුවක් තියෙනවනේ?
    මාලිංග - දක්ෂතා අතරට පැමිණිමට නොහැකි වීම.

    මාධ්‍යවේදියා - ඔබ පළපුරුදු ක්‍රීඩකයෙක්. ඒකෙන් ප්‍රයෝජනයක් වුණාද මේ තරගාවලියෙදි?
    මාලිංග - ඕයගොල්ලො මැච් බැලුවද?

    මාධ්‍යවේදියා - ඔව්.
    මාලිංග - මොකද මං කළේ?

    මාධ්‍යවේදියා - ඔබ ඔබගේ වගකීම ඉටුකළා.
    මාලිංග - එහෙනම් මට ඉන් එහාට කථා කරන්න දෙයක් නෑ.

    මාධ්‍යවේදියා - හැබැයි මේක කණ්ඩායම් ක්‍රීඩාවක්. අනිත් අයගේ සහයෝගය කොහොමද ඔබට ලැබුනෙ මේ තරගාවලියෙදි?
    මාලිංග - හැමෝගෙම සහයෝගය තිබුණා.

    මාධ්‍යවේදියා - එහෙනම් පරාජය වෙන්න මොකක් හරි හේතුවක් තියෙන්න එපායැ?
    මාලිංග - සහයෝගය සහ දක්ෂතාවය කියන්නෙ වචන දෙකක්.

    මාධ්‍යවේදියා - අපේ කණ්ඩායමේ එකමුතු භාවයක් නැහැ නේද?
    මාලිංග - කවුද කියන්නේ?

    මාධ්‍යවේදියා - දැකපු විදයට අපිට නම් හිතෙන්නේ එහෙම තමයි.
    මාලිංග - ඔයගොල්ලො දකින්නේ එළියෙ ඉඳන්නේ. අපි තමයි මැද ඉන්නේ. එළියෙ ඉදන් දකින අයට උත්තර දෙන්න මම කැමති නැහැ.

    මාධ්‍යවේදියා - විශාල ප්‍රේක්ෂක පිරිසක් ලංකාව ගැන බලාපොරොත්තු තියාගෙන හිටියා.
    මාලිංග - අපිත් එහෙමයි.

    මාධ්‍යවේදියා - ඉතින් ඒ වගේ දෙවල් ගිළිහිගෙන යද්දි මොකද හිතෙන්නේ?
    මාලිංග - ප්‍රේක්ෂකයා වගේම තමයි ක්‍රීඩකයත්. ක්‍රීඩකයත් ක්‍රීඩා කරන්නේ තරග ජයග්‍රහණය කරන්න. ඒ නිසා ඒක ඒ විදියට තමයි බලාපොරොත්තු වෙන්න වෙන්නේ.

    මාධ්‍යවේදියා - කණ්ඩායමේ ක්‍රීඩකයෝ කළකිරීමකින්ද ක්‍රීඩා කරන්නේ?
    මාලිංග - නැහැ.

    මාධ්‍යවේදියා - ඔබ හිතට එකඟවද කතා කරන්නේ?
    මාලිංග - ඔව්.

    මාධ්‍යවේදියා - ඔබ ඉදිරියෙදි ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන්?
    මාලිංග - මම ක්‍රිකට් ආයතනයට කතා කරලා, ඒගොල්ලන්ට අවශ්‍ය දේ අනුව තමයි මම තීරණයක් ගන්නේ.

    මාධ්‍යවේදියා - ඔබ සතුටු වෙනවද ඔබගෙ අනිත් ක්‍රීඩකයෝ ක්‍රීඩා කරපු ආකරය ගැන?
    මාලිංග - තරග පරාජය වෙලා තියෙද්දි ඔයා ඔය වගේ ප්‍රශ්නයක් අහන එක ගැන මට හරි කණගාටුයි, තරග පරාජය වෙලා මං සතුටු වෙනවද කියල අහන එක ඔයා බුද්ධිමත් මාධ්‍යවේදියෙක් විදියට ඒක නොකළ යුතු දෙයක්.

    මාධ්‍යවේදියා - ක්‍රිකට් ක්‍රීඩාව නැවත නංවාලීමට ඔබගේ දැනුමෙ හැටියට මොකක්ද කළ යුත්තේ?
    මාලිංග - එක මට අදාල කාරණාවක් නෙමෙයි. ඒකට බලධාරීන් ඉන්නවා.

    මාධ්‍යවේදියා - තරගාවලිය ජයග්‍රහණය කරලා ආව නම් ඔබලාව පිළිගන්න ඕන තරම් කට්ටිය ඉන්නවා මල් මාලා දාලා. හැබැයි මේ වෙද්දි කවුරුවත් නැහැ. ඒ ගැන මොකද හිතන්නේ?
    මාලිංග - ඒක තමයි යථාර්ථය.

    මාධ්‍යවේදියා - ඔබ කතා කරන්නේ බලධාරීන් ගැනද?
    මාලිංග - බලධාරීනුත් එහෙමයි, මාධ්‍ය වේදීනුත් එහෙමයි. ජයග්‍රහණය කළොත් ඕන තරම් මල් මාලා දාන්න කට්ටිය ඉන්නවා. පරාජය වුණොත් මේ වගේ තමයි.

    මාධ්‍යවේදියා - ඔබට විශේෂ යමක් කියන්න තියෙනවාද?
    මාලිංග - නැහැ. මොනවත් කියන්න නැහැ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    එල එල. ඈත්තනේ බන්. ඉන්දියා මෑච් එකට කලින්ම ටීම් එකට කරන ඒවා මෙහෙ පත්තරේ ගියානේ. කට්ටිය එලවන ඒවා. මෑච් ටික ඉවර වෙන්න කලින්ම උන්ගේ ඔලු කනවානේ ඉන්දියාවට ඕන විදිහට
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    oya media wesige puthalata ohoma thamai katha karanna one...

    politicians lata wada amu kariyo okun..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මාධ්‍යවේදියා - ඔබ සතුටු වෙනවද ඔබගෙ අනිත් ක්‍රීඩකයෝ ක්‍රීඩා කරපු ආකරය ගැන?

    මාලිංග - තරග පරාජය වෙලා තියෙද්දි ඔයා ඔය වගේ ප්‍රශ්නයක් අහන එක ගැන මට හරි කණගාටුයි, තරග පරාජය වෙලා මං සතුටු වෙනවද කියල අහන එක ඔයා බුද්ධිමත් මාධ්‍යවේදියෙක් විදියට ඒක නොකළ යුතු දෙයක්.

    haha,,, perfect.!!
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මාධ්‍යවේදියා - ඔබ සතුටු වෙනවද ඔබගෙ අනිත් ක්‍රීඩකයෝ ක්‍රීඩා කරපු ආකරය ගැන?

    මාලිංග - තරග පරාජය වෙලා තියෙද්දි ඔයා ඔය වගේ ප්‍රශ්නයක් අහන එක ගැන මට හරි කණගාටුයි, තරග පරාජය වෙලා මං සතුටු වෙනවද කියල අහන එක ඔයා බුද්ධිමත් මාධ්‍යවේදියෙක් විදියට ඒක නොකළ යුතු දෙයක්.

    Menna mewa thamayi niyama uththara.

    You just naild it to the point....

    ++++++++
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    මාධ්‍යවේදියා - ඔබ සතුටු වෙනවද ඔබගෙ අනිත් ක්‍රීඩකයෝ ක්‍රීඩා කරපු ආකරය ගැන?

    මාලිංග - තරග පරාජය වෙලා තියෙද්දි ඔයා ඔය වගේ ප්‍රශ්නයක් අහන එක ගැන මට හරි කණගාටුයි, තරග පරාජය වෙලා මං සතුටු වෙනවද කියල අහන එක ඔයා බුද්ධිමත් මාධ්‍යවේදියෙක් විදියට ඒක නොකළ යුතු දෙයක්.

    Menna mewa thamayi niyama uththara.

    You just naild it to the point....

    ++++++++

    dinuwa ho parajaya una u ahanne anith un sellam karapu eka gana sathutuida kiyala ne. u yanne koheda malle pol uththara dene.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    dinuwa ho parajaya una u ahanne anith un sellam karapu eka gana sathutuida kiyala ne. u yanne koheda malle pol uththara dene.

    kiwwe yako dakshatha atharata awe na kiyala,,, e kiyanne sathutu na kiyana ekane... ayeth ahanne mona labbakatada?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,878
    113
    canada
    මේ වගේ කතාවක් දෙන්න ඕනේ දිනලා අවහම

    ඇත්තටම මාලිංග කණ්ඩායමක් විදියට ඉදිරියේදී හදාගත යුතු දේවල්, වැඩි දියුණු කල්ගත යුතු දේවල් ටිකක් කිව්වා නම් මේ දෙබස මීට වඩා අර්ථවත් වෙන්න තිබ්බ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ වගේ කතාවක් දෙන්න ඕනේ දිනලා අවහම

    ඇත්තටම මාලිංග කණ්ඩායමක් විදියට ඉදිරියේදී හදාගත යුතු දේවල්, වැඩි දියුණු කල්ගත යුතු දේවල් ටිකක් කිව්වා නම් මේ දෙබස මීට වඩා අර්ථවත් වෙන්න තිබ්බ.

    e manussaya clearly kiwwe ewa eyata adala deyak nemei kiyala...