පෙරේදා ඔෆිස් එකෙන් Mac Os එක බාලා ඊයේ මගෙ Intel ලැප් එකට දැම්මා tutorial එකක් බලාගෙන. හප්පට දැම්ම තමා ලැප restart වෙන්න පටන් ගත්තා. හදපු එවුන්ගෙ මහ එකාලට පිං දෙදී ආපහු වින්ඩෝස් දාන්න සෙට් උනා. හත්ඉලව්වයි, හාඩ් ඩිස්ක් එක ඩිටෙක්ට් කරන්නෙ නැතුව ගියා. මට එලොව පොල් පෙනිලා හිටියෙ. උබුන්ටු image එකත් hard එකේ තිබ්බ නිසා ඒකෙන් boot කරන්නත් බෑ. කොහොමෙන් හරි බෝඩිමේ ඉඳලා ගෙදර ඇවිත් ubuntu live run කොරලා data ටික ගොඩ දාගත්තා. පස්සෙ උබුන්ටු වලින්ම partition එක delete කොරල ආපහු windows 7 දාලා boot කොරා. අනෙ අම්මේ දෙයියො බැලුව වගේ hard එක පෙන්න්නුවා.දැන් තමා වැඩේ ඉවර උනේ..
ඕනවට වඩා පඩිකම් දාන්න ගියාම වෙන වැඩ ඔන්න....

ඕනවට වඩා පඩිකම් දාන්න ගියාම වෙන වැඩ ඔන්න....





, that you can happy about it
)
කොහොම හරි ඩේටා ටික බේරගත්ත එක ලොකු දෙයක්...