මැණික ගලක කතාවක්. මේක් ඇත්තද බොරුද දන්නෙ නෑ මාත් අහපු කතාවක්. මෙහෙමයි කතාවා.
එක මනුස්සයෙක්ට වටින මැනිකක් හම්බ උනාලු. ඉතින් මේ යකා මේ මැනික හැමදාම යන මැනික් මුදලාලි ලගට ගෙනිච්චලු. මුදලාලියා මැනික බලලා කිව්වලු. මේක් වටින මැනිකක් නෙමෙයි කියලා. එන්න වුන මහන්සියටත් එක්ක රුපියල් දෙදාහක් දෙන්නම් කියල දෙදාහක් දුන්නලු. මැණික තියාගෙන. දැන් මැනිකෙ අයිති කාරයටත් හෙන අවුල් උනත් ආයෙ මැනික ඉල්ලන්න බැරිකමට හරි අහින්සක කමට හරි කරබාගෙන ඇවිත්.
ඊලග දවසේ අර මිනිහා තව එකෙක් එක්ක ආවලු මැනික් මුද්ලාලි හම්බෙන්න මැනික ආයෙත් ඉල්ලන් යන්න. මුදලාලි සීසී ටීවී එකෙන් වැඩේ බලාගෙන ඉන්නකොට තෙරුනාලු අර මිනිහ එක්ක ආපු එකා ඒක් වටින බව කියල මැනික අරන් යන්න තමයි ඇවිත් තියෙන්නෙ කියලා.
මුදලාලි මොකක්ද කලේ මැනික තිබ්බලු ඔෆිස් එකේ දොර වැහෙනවට අඩේට. තියලා අර මනුස්සයා ඇවිත් මැනික ඉල්ලුවලු.
මුදලාලියා කිව්වලු ආ ඔයා ඒකට ආයෙත් ආවද අන්න මන් ඒක් දොරේ අඩේට තිබ්බ ඔන්නම් අරන් යන්න කියලා.
අර යකා කල්පනා කරාලු ඔක වටිනවනම් මුදලාලියා එහෙම කරයිද කියලා. යාලුවටත් හිතින් බැන බැන ගියාලු.
මේක මට කිව්වෙ මන් වැඩ කරපු බොසෙක් පොරත් ඔයවගේ වැඩ කරනවා සමහර වෙලාවට ඕක කිය කිය.
කතාව මතක් උනේ අර මැනික් පොකුරත් වටින්නෙ නෑ කියලා කතාවක් යන නිසා.