මේ ලෝකේ විවිධාකාර මිනිස්සු ඉන්නවා. එවැනි විවිධත්වය අතරේ එකාත් එහෙම එකෙක්. ඌ හම්බ කරන මුදල මිනිස්සුන්ගේ නැති බැරිකම ඉදිරියේ ඔවුන් වෙනුවෙන් පිනට දීල සන්තෝෂ වෙනවා. ෆොටෝ එකක් ගහලා ඒක social media වල දාල ප්‍රසිද්ධ කරනවා. ඔය අතරේ පිනට දෙන තව බොහෝදෙනා ඉන්නවා social media වල දැම්මේ නැති වුනත්. අපි පිට ඉඳන් ඕකේ වැරද්දක් දකිනවා නැතිනම් සැකයෙන් බලනවා. ඒ අපේ හැටි. මේක තමා අපි තේරුම් ගන්න ඕනේ. මේ රටේ මොන තරම් වැරදි වැඩ සිද්ද වෙනවද. ඒවා ගැන කතා නොකර මෙවැනි එකෙක් ට කරනා වැඩේ කරගන යන්න ඉඩ දීම යුතු කමක්. එකා උදව් කරන්නේ අපේම මිනිස්සුන්ට නේද?





