ඉදිරියේ රාළ;20570646 said:
මේ මෝඩ වැඩේ කවදාකවත් කරන්න එපා. හරියන්නෙ නෑ, counseling කරන්න කියනවා ඒ එක්කම ඔය මොකක් හරි anti-depressant එකක් prescribe කරල මාස 3 කින් එන්න කියනවා.
මේ කේස් එක කීපදෙනෙකුටම වුණා. අන්තිමේදී ECT (Electro-Convulsive Therapy) පවා කරපු අය ඉන්නවා.
ඔය ඇඟේ රිංගලා ඉන්න ආත්මෙට ඔය එකකින් වත් කිසිම බලපෑමක් ඇතිවෙන්නෙ නෑ. තත්වය තවත් උග්‍ර වීමක් හැර.
හොඳට චිත්ත සමාධිය ප්‍රගුණ කරපු කෙනෙක් හොයාගන්න. අමාරු නෑ හොයාගන්න. ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් අහල බලන්න.
ඔව්. චිත්ත සමාදිය ප්‍රගුණ ක්ළ උත්තමයෙක්ව හමුවන්න පුලුවන්නම් ඉතා හොදයි. ඔබේ ඒ අදහස හුගක් වටිනවා. ඒත් එවැන්නෙකුටවත් මෙය සුවකල නොහැකියි. මොකද සුවකරන්න ලෙඩක් මේ දර්වාට නැති නිසා. නමුත් එවැන්නෙක්ව හමුවිය හැකිනම් විශිෂ්ටයි.
කවුන්සලින් යන හැමකෙනාටම බේත් දෙන්නේ නැහැ. එහෙම හිතනවානම් ඒක සම්පූර්ණ්යෙම්ම වැරදි අදහසක්. කවුන්සලින් වලදි මුලින්ම කරන්නේ කතා කරලා ප්රශ්නය තේරුම් ගන්න එක. මානසික ආතතියක් ට්තියෙනවානම් විතරයි බේත් දෙන්නේ. මම හිතන්නේ නැහැ මේ පුතාට එහෙම ප්රෂ්නයක් තියෙනවා කියලා බේත් දෙන්න කියලා.
ඇත්තටම මම අද වෙනකන් කවුන්සලින් වලින් කෙලවෙච්ච කෙනෙක් දැකලා නැහැ. සියදිවි හානි කරගන්න ගිය ඕන තරම් අයව මම දැකලා තියෙනවා කවුසලින් වලින් බේරගන්නවා. ගමේ පන්සලේ හාමුදුරුවෝ හමුවෙන එකේ කිසි වැරැද්දක් නැහැ. උන්වහන්සේ බුද්දිමත්වීම වැදගත්. මම භාවනාව හදාරණ කෙනෙක්. භාවනාවෙන් කාම රාගය තේරුම් අරගෙන ඉන් මිදිය හැකියි. නමුත් ස්ත්‍රියක් හා පුරුස්ශයෙක් අතර තිබෙන කාම රාගය පුරුශයින් දෙදෙනෙක් හෝ ස්ත්‍රීන් දෙදෙනෙක් අතර තිබෙන කාමයෙන් පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැහැ. දලෙයි ලාමා ස්වාමීන් වහන්සේගේ දේශනා වලට ඔබ සවන් දී ඇත්නම් ඔබට තවත් ගැබුරු විස්තර් දැනගත හැකියි.
කාමය ප්‍රහීන කිරීම අප සියලු දෙනාම කල යුත්තක්. අවංකවම කියනවානම් මිත්‍රයා මම හිතනවා මේ දරුවා කියන දේ අපි වරදවා වටහා ගත්තොත් මේ පවුලට වෙන දේ හිතාගන්න බැහැ. මම හිතනවා මේ කරුණු කාරනා ගැන හොදින් දන්න කෙනෙක්ව හමුවීම තමා හොදම දේ. වයිද්ය විද්‍යාත්මක කාරණා ගැන මගේ දැනුම අල්පයි. උණක් හැදුනත් දොස්තර මහත්තයෙක් ලගට දුවන අපි ඇයි මේ කාරනාවෙදි පටු විදිහට හිතන්නේ?
තොවිල් මන්තර ගුරුකම් වලින් සමලිංගිකත්වයෙන් මිදුනු කෙනෙක් මම දැකලා නැහැ. එවැනි ගුරුකම් සමහරවිට ඇති. නමුත් මම දන්නේ නැහැ. මේ යාලුවාට මට කරන්න පුලුවන් උදව්ව තමයි මම කිව්වේ.
මම හිතනවා අපි හැමෝම මේ ප්රශ්නය ගැන මෙහෙම කතාකරන එක ලොකු දෙයක් කියලා. මේ ප්‍රශ්නයට මූන දීලා තියෙන මිත්‍රයාට තේරෙනවා ඇති අපි හැමෝම අපිට් පුලුවන් විදිහට උදව් කරනවා කියලා. ඒ නිසා සහෝදරයා වැටෙන්න එපා. එලකිරියේ හැමෝම ඔයාගේ උදව්වට ඉන්නවා. ජය!